Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නවමු වෙනස ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ විමර්ශනයට

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියේ දී අත්කරගත් ප්‍රගතීන් හි සාර්ථකත්වය අත්හදා බැලීම් සම්බන්ධ අධ්‍යනික විමර්ශනයක් 2015. 06. 23 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණ.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙතෙක් අත්කරගෙන ඇති සාර්ථක කළමනාකරණ අත්හදාබැලීම් හදුනාගනිමින් අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ද එම ක්‍රමවේද ප්‍රායෝගික ලෙස ආදේශ කළ හැකි ද යන්න හා අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා පූර්වාදර්ශ ලෙස මෙම සැළසුම් යොදාගත හැකි ද යන්න අධ්‍යයනයේ මූලික අරමුණ විය

ඒ යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිළධාරින් විසින් මාතෘකා 17 ක් පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස Competency Frame Work (CFW) , Organizational Health Check(OHC)යන ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කළ අතර මේ අනුව නිළධාරීන්ගේ කාර්යක්ෂමතාව ඵලදායි ලෙස යොදා ගැනිම සඳහා වූ පුහුණු ක්‍රමවේද සැළසුම් කිරීම ඉදිරි සති දෙක තුළ දී ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා විය.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් වසන්ත දේශප්‍රිය,අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුජාන් නානායක්කාර, එස්. මැදගම, ඩී. විජේකෝන්, අනුර ලොකුගමගේ, එ.බී.එම් අෂ්රොෆ් , ඒ. සි. එම් නෆීල් යන ජෙයෂ්ඨ උපදේශකවරුන් ඇතුළු ආයතන දෙකෙහි නිළධාරීන් රැසක් සහභාගී විය.