Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

විශ්‍රාමික ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ඡන්දය භාවිත කළ හැකි වලංගු හැදුනුම්පතක් ලෙස පිලිගැනිමට අවශ්‍ය කටයුතු සැලසේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ලෙසද ඉදිරියේ දී භාවිත කළ හැකිබව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. එතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ සිය විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ තහවුරු කරගැනීම සඳහා 2015.06.26 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීය. එහි දී සිය ඇඟිලි සළකුණු සටහන් කර VISA, NFC පහසුකම් සහිත නවීන ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත ලබා ගැනීමත්, වැන්දඹු අනත්දරු හිමිකම් ප්‍රදාන පත්‍රය ලබා ගැනීමත් සිදුවිය. සිය විශ්‍රාම ප්‍රතිලාභ තහවුරු කරගැනීමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි එළවළු හා පළතුරු

වගාකර ඇති හරිත වර්ණ පරිශ්‍රයද එතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
තමන්ගේ විශ්‍රාම වැටුප් සහ ඊට අදාළ උරුමකරුවන්ගේ ප්‍රතිලාභ තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණීම ඉතා සතුටුදායක අවස්ථාවක් බවත්, නවීන පරිසරයක් තුළ තම ආයතනය දියුණු කිරීමට හැකිවීමතමා ඇතුළු, කාර්ය මණ්ඩලය හා විශ්‍රමික ප්‍රජාව ලද භාග්‍යක් යක් බවත් ප්‍රකාශ කළ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ දී ජංගම දුරකතන මඟින් විශ්‍රාම වැටුප් ලබා දීමට හැකි පහසුකම් සැළසීමට ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය. ජාත්‍යාන්තර වශයෙන් ගණුදෙනු කිරිමේ හැකියාවත්,

රෝහල්,වෙළදසැල් සමඟ සිදු කරන ගනුදෙනු සඳහා ද මෙම ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත භාවිත කළ හැකිබව ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මෙම මස සිදුවූ තවත් විශේෂ සිදුවීමක් ලෙස 2006 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමික ප්‍රජාවගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර එමඟින් දැනට විශ්‍රාම ලබන විශ්‍රාමික ප්‍රජාවගෙන් 2/3 කට පමණ මෙම ප්‍රතිලාභ හිමිවන බව සතුටෙන් ප්‍රකාශ කරන බව ද වැඩි දුරටත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.