Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙන් සත්කාරක පියසේ නිළධාරින්ට පුහුණු වැඩමුළුවක්.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සත්කාරක පියසේ නිළධාරින් සඳහා පාරිභෝගික තෘප්තිමත්භාවය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2015.07.03 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විය.මේ සඳහා විවිධ අංශ නියෝජනය කරමින් නිළධාරින් 40 දෙනෙක් සහභාගි වූ අතර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පුහුණු සහ සංවර්ධන කළමනාකරු ශෂි ජයවර්ධන, පුහුණු සහ සංවර්ධන සහකාර කළමනාකරු ෂේන් ෆර්නැන්ඩස් යන නිළධාරින් විසින් වැඩසටහන් මෙහෙයවනු ලැබීය.

ඒ සඳහා එම නිළධාරින් විසින් 2015.07.02 වන දින විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දී පූර්ව සාකච්ඡාවක් ද පවත්වන ලදී. ආයතනයක පැවැත්ම සහ අභිවෘද්ධිය උදෙසා පාරිභෝගිකයා ප්‍රධාන සාධකයක් බැවින් පාරිභෝගික සංතෘප්තභාවය කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳ මෙම වැඩමුළුවේ දී සාකච්ඡාවට ලක්විය.

පෞද්ගලික ආයතන විසින් මෙතෙක් අත්කරගෙන ඇති පාරිභෝගික සේවා සැපයීම සහ ගණුදෙනු කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර රාජ්‍ය අංශයේ පාරිභෝගික සේවා ඉහළ තලයකට ගෙන ඒම සඳහා වූ ක්‍රමවේද පිළිබඳ දැනුම්වත් කිරීමත් නිළධාරින් පුහුණු කිරීමත් සම්බන්ධයෙන් හා නිරන්තරයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කටයුතු සමඟ සම්බන්ධ වීම පිළිබඳ ජෝන් කීල්ස් ආයතනය වෙත සිය කෘතඥතාවය පළ කර සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.