Government Logo Pension title Pension Logo
NEWS

03/2015 (Revision II) Obtaining Pension Benifits on the date of Retirement circular released.     ***     04/2016 Agrahara insuarance for pensioners circular released.     ***     Special Letter - EB examination for Document Assistant released..      ***      Special Letter - forward pension files of foreign pensioners to DoP released...      ***      Special Letter - Award pension for gov.officers who appointed after 45 years age...

පුහුණු කරන්නන් පුහුණු කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධ්‍යයනය කෙරේ..

පුහුණු කරන්නන් පුහුණු කිරීමේ සහ දැනුම් කළමනාකරණය කිරීම් පිළිබඳව ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලබන වැඩමුළුවේ එක් අදියරක් ලෙස රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් පිරිසක් 2016.04.28 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත

විය. දෙපාර්තමේන්තුව තුළ දැනුම් කළාමනාකරණය සිදු කරන ආකාරය සහ තොරතුරු තාක්ෂණ භාවිතය පිළිබඳව එම නිලධාරීන් දැනුම්වත් කරමින් දේශන කිහිපයක් පැවත්වුණු අතර අනතුරුව දෙපාර්තමේන්තුවේ සෑම අංශයක් ම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වුණි.එහිදී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය, රාජ්‍ය

අංශයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ කළමණාකාරිත්වය නියෝජනය කරමින් පැමිණි එම නිලධාරීන්ගේ නොමඳ පැසසුමට ලක් වූ අතර විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ඵලදායිතා ලේකම් කාර්යාලය වෙනුවෙන් ඔවුන්ගේ ස්තූතිය පුදකරනු ලැබී ය.


වැඩ බලන අග්‍ර විනිශ්චයකාර චන්ද්‍රා ඒකනායක මහත්මිය සත්කාර පියසේ සේවා ලබයි..

වැඩ බලන අග්‍ර විනිශ්චයකාර චන්ද්‍රා ඒකනායක මහත්මිය වසර තිස් හයකට අධික කාලයක් අධිකරණ සේවයේ රාජකාරී සිදු කර 2016.04.20 වන අද දින සිය වෘත්තීය දිවියට සමු දෙමින් විශ්‍රාම ලැබුවා ය. විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහ ඇයගේ උරුමකරුවන්ගේ අනාගත

ප්‍රතිලාභ තහවුරු කර ගැනීම සඳහා එතුමිය පසු ගිය දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියසට පැමිණ අදාළ සේවාවන් ලබා ගැනීමට කටයුතු කළා ය. චන්ද්‍රා ඒකනායක මහත්මිය විශ්‍රාමිකයන් සඳහා නිකුත් කරන නව ඉලෙක්ට්‍රොනික

හැඳුනුම්පත ලබා ගැනීමෙන් ද දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන අනෙකුත් නව සේවාවන් සඳහා ද යොමු වෙමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව වැඩපිළිවෙල වෙත දායකත්වය දැක්වූවා ය...


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිංහල දෙමළ අලුත් අවුරුදු සමරයි.

සම්ප්‍රදායානුකූලව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සියලු නිලධාරීන් 2016.04.18 දින උත්සවශ්‍රීයෙන් රාජකාරී ආරම්භ කරන ලදී.එහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ටත් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියේ නිරත සියලු නිලධාරීන්ටත් සමස්ත විශ්‍රාමික ප්‍රජාවටත් ලැබූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නීරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා යි ප්‍රාර්ථනා කළේ ය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා අලුත්

අවුරුද්දේ අලුත් සිතුවිලිවලින් පොහොසත්ව අලුත් අලුත් දේ හඳුන්වා දෙමින් සිය රාජකාරී මනාව ඉටු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කළේ ය. මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය සහභාගී විය..


මහජන සම්බ්න්ධතාවය පිළිබඳ විශේෂ පුහුණුවක්

දීපව්‍යාප්තව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාම වැටුප් දෙපර්තමේන්තු කාර්ය මණ්ඩලයේ නිළධාරීන්ගේ මහජන සම්බන්ධතා කුසලතාවයන් ඉහළ නැංවීම වෙනුවෙන් සවිංධානය කරන ලද විශේෂ පුහුණු වැඩසටහනෙහි පළමු අදියර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන නිලධාරීන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2016.04.05 වන දින හැටන් නැෂනල් මූලස්ථාන ගොඩනැගිල්ලේ දී පැවැත්වුණි. විශ්‍රාම වැටුප් .

අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ (සංවිධාන හා සංවර්ධන) කේ.ආර් පත්මප්‍රිය මහතා, ප්‍රධාන ගණකාධිකාරී ඩී.එස් පද්මසිරි මහතා, පරිගණක උපදේශක එඩ්වඩ් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පුහුණු සැසිය ආරම්භ විය. ශක්තිමත් මහජන සම්බන්ධාතාවයක් ගොඩනඟාගැනීම සහ යහපත් මහජන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම වෙනුවෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් උදෙසා විශේෂ පුහුණුවක් ලබා දීම මෙහි මූලික අභිප්‍රාය විය. එමෙන් ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත

දත්ත පද්ධතිය සමඟ සම්බන්ධ වෙමින් ගණුදෙනු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන් මධ්‍යගත දත්ත පද්ධතියේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් සහ වැඩිදියුණු කිරීම් පිළිබඳ දැනුම්වත් කරමින් රාජකාරී කිරීමට අවශ්‍ය නව දැනුමෙන් සන්නද්ධ කිරීම ද මෙහි දී සිදු විය. සත්කාර පියස මඟින් ඉටුකරන සේවාවන් පිළිබඳ වැඩි දුරටත් නිලධාරීන් දැනුම්වත් කරන ලද අතර දැනට නවක විශ්‍රාමකයින්ට පමණක් නිකුත් කරන නව ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත දීපව්‍යාප්තව දිවයිනේ සියලු විශ්‍රාමික ප්‍රජාවට නිකුත් කිරීමේ කටයුතු සිදුකරන යාන්ත්‍රණය පිළිබඳව ද මෙහිදී දැනුම්වත් කරන ලදී.


ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අධ්‍යයනය කෙරේ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසිපස් දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් 2016.03.31 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.ඒ, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා පාරිපාලන සේවයේ නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද වැඩසටහනකට සමගාමීව ය. මානව සම්පත් කළමනාකරණය, ආයතනික

සංස්කෘතිය, ආයතනික පරිපාලනය, මූල්‍ය පරිපාලනය, අභ්‍යන්තර ක්‍රියාවලිය, නායකත්වය, ක්‍රමෝපායන්, සංවිධාන ව්‍යුහය, පාරිභෝගික ඉලක්ක යන තේමාවන් කිහිපයක් ඔස්සේ ආයතනික සංවර්ධනය පිළිබඳ අධ්‍යනය කිරීම මෙම අධ්‍යයන චාරිකාවේ මූලික අරමුණ විය. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරින් විසින් ඔවුන් සුහදව පිළිගනු ලැබූ අතර

දෙපාර්තමේන්තු ශ්‍රවාණාගාරයේදී පවත්වනු ලැබූ හමුවකින් එම වැඩසටහන ආරම්භ කරන ලදී. ඉහත සඳහන් කරන ලද තේමාවන්ට යටත්ව කණ්ඩායම් ගත වූ පරිපාලන නිලධාරීන් විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සෑම අංශයක් ම නිරීක්ෂණය කරමින් පසුගිය කෙටි කාල සීමාව තුළ දෙපාර්තමේන්තුව ලැබූ දැවැන්ත ප්‍රගතිය පිළිබඳ අධ්‍යයනය කරනු ලැබී ය.


හිටපු නීතිපතිවරයා සත්කාර පියසේ සේවා ලබයි

හිටපු නීතිපති වයි.ජේ.ඩබ්. විජයතිලක මහතා පසුගියදා විශ්‍රාම ලැබූ අතර එතුමාගේ ඉදිරි විශ්‍රාම දිවියට අදාල සියලු කටයුතු සැළසුම් කිරීම හා අනාගත ප්‍රතිලාභ තහවුරු කර ගැනීම සඳහා 2016-03-21 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියසේ සේවාව ලබාගන්නා ලදි.

වැන්දඹු අනත්දරු ගොනුව යාවත්කාලීන කිරීම ,ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත සඳහා තොරතුරු ලබාදීම,වැන්දඹු අනත්දරු හිමිකම් පත්‍රය ලබා ගැනීම මෙන්ම ඉදිරි විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන වෙනත්

වැඩසටහන් හා සම්බන්ධ කිරීම ද සත්කාර පියස මඟින් සිදුවන අතර මෙසේ සියලු නවක විශ්‍රාමිකයන් තමන් වෙත දන්වා එවන දිනයේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සතිකාර පියස වෙත පැමිණ අදාල ප්‍රතිලාභ තහවුරු කරගන්නා ලෙස දන්වා සිටිමු.


අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිතයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර චාරිකාවක

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් 2016.03.18 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.දෙස් විදෙස් නිරීක්ෂකයන්ගේ අධ්‍යයන චාරිකාවන් සඳහා නිරන්තර අවධානයට පාත්‍ර වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිය අධ්‍යයනයට යොමු විය යුතු ම ආයතනයක් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් වරයාගෙන් ලද නිර්දේශ මත ඔවුන් මෙම අධ්‍යයන චාරිකාවට සහභාගී වූ බව එම නිලධාරීන් පැවසූහ..

තොරතුරු තාක්ෂණික ක්‍රමෝපායන් උපයුක්ත කර ගනිමින් කෙටි කාලයක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තම්නතුව ලද විප්ලවීය වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීම කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය. එහිදී භෞතික වශයෙන්, පද්ධතිමය වශයෙන්, ආකල්පමය වශයෙන් විවිධාකර ලෙස වෙනස් කම්වලට ලක් වෙමින් පසු ගිය වසර දෙකක කාලය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ලද

ප්‍රගතිය පිළිබඳ විශේෂ දේශන කිහිපයක් ඔස්සේ ඔවුන් දැනුම් වත් කරන ලද අතර ආයතනයේ සෑම අංශයක් ම ඔවුන්ගේ නිරීක්ෂණය ට බඳුන් විය. මේ සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ (සංවිධාන හා සංවර්ධන) කේ.ආර්.පත්මප්‍රිය සහතා, ප්‍රධාන ගණකාධිකාරී ඩී.එස්.පත්මසිරි මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරින් රැසක් සහභාගි විය..


New Director General of Pensions assumes duties

Mr. Jagath Dias, assumed duties as new Director General of Pensions yesterday the 10 March 2016.A charming ceremony was organized to mark the occasion where the former Director General of Pensions Mr Sunil Hettiarachchi and many well-wishers from inside and outside the Department of Pensions embraced the event.

Mr Jagath Dias, is a special grade officer of Sri Lanka Administrative Service and has many years of experience in Government Service. He was also been the Director (Admin & Policy ) for Department of Pensions and his valuable contribution to the expedite transformation process of Department of Pensions within the year of 2014 was highly appreciated both by pensioners and staff members of DoP.

Addressing the staff officers after resuming duties, the new Director General of Pensions said that he will continue the winning drive that DoP has and make the Department to be the benchmark institution for all government and private sector organizations. All staff members of Department of Pensions, congratulate new Director General of Pensions Mr. Jagath Dias and willing to express their support on his cause to the success.


ගිනි නිවීම පිළිබඳ පුහුණුවක්...

හදිසි ගිනිගැනීම් තත්වයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදවත් ගිනි නිවීමේ උපකරණ භාවිතා කරන

ආකාරය පිළිබදවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණි.

එහිදී ගිනිනිවන හමුදාවේ නිලධාරීන් විසින් දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් වෙත ප්‍රයෝගික පුහුණුවක් ලබා දුන් අතර ඒ සදහා දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් සහභාගී විය...


විදේශ ගතවී සිටින විශ්‍රාමිකයන්ට දුම්රිය ගමන් බලපත්‍ර විශ්‍රාම වැටුප් දෙපාර්තුවෙන්

විදේශ රටවල වෙසෙන විශ්‍රාමිකයන් සඳහා මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කල දුම්රිය මාර්ග බලපත්‍ර 2016-02-10 දින සිට විහ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

මඟින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.ඒ සඳහා අවශ්‍ය අයදුම්පත මෙහි දැක්වෙන විදේශ විශ්‍රාම වෙබ් පිටුව හරහා භාගත කර ගත හැකි අතර නිවැරදිව සම්පූර්ණ

කරන ලද අයදුම්පත විහ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේශ විහ්‍රාම වැටුප් අංශය වෙත භාරදීමෙන් සුළු වේලාවක් තුළ ඔබට දුම්රිය මාර්ග බලපත්‍ර ලබා ගත හැකිය


විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරු උසස්වීමක් ලබා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සමු දෙයි..

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය හෙබවූ සුනිල් හෙට්ටිආරච්චි මහතා 2016.02.19 සිට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ස්ථාන මාරුවීම් ලබා ඇත.වසර තුනකට ආසන්න කාලයක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන ලද ඔහු එම කෙටි කාල සීමාව තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිදු වූ දැවැන්ත පරිවර්තනයේ පුරෝගාමී නියමුවා ලෙස හඳුන්වා දිය හැකි වේ.විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය තාර්කිකකරණය, සරලකරණය හා

විනිවිදභාවයෙන් යුතු තොරතුරු තාක්ෂණික විසඳුම් මුසු කරගත් දියුණු ක්‍රමවේදයක් දක්වා පරිවර්තනය වූයේ ඔහුගේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ ය.ආයතනික වැඩ පරිසරය, නිලධාරීන්ට සහ සේවාලාභීන්ට හිතකර ආකාරයෙන් නිර්මාණය කිරීම උදෙසා ඔහු දැක්වූ නිර්මාණශීලී කුසලතාවය අතිශය ප්‍රශංසනීය වේ. විශ්‍රාමික ප්‍රජාව මෙරට ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය දායකයන් බවට පත් කිරීම් මඟින් ඔවුන්ගේ සමාජයීය හා ආර්ථික ජීවිතය ඉහළ නංවා සමාජය තුළ ගෞරවාන්විත

පුරවැසියන් ලෙස ගොඩනැගීම සඳහා වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කරන ලදී.විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ධූරය හරහා මෙරට විශ්‍රාමික ප්‍රජාව වෙත සිදුකළ මහඟු සේවය වෙනුවෙන් සමස්ත විශ්‍රාමික ප්‍රජාවගේත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්‍ය මණඩලයේත් දිවයින පුරා විසිරී පවත්නා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයන්හි විශ්‍රාම වැටුප් පිළිබඳ රාජකාරී කරනු ලබන සියලු කාර්‍ය මණ්ඩලයන්හිත් සුභාශිංසන ඔහු වෙත පිරිනමා සිටිමු...


බලශක්ති විගණනය පිළිබඳ වැඩමුළුවක්

J lanka power & Energy ආයතනය මඟින් මාස දෙකක පමණ කාලයක සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද බලශක්ති විගණනය පිළිබඳ විශ්ලේෂණ ඇතුළත් වූ වැඩමුළුවක් 2016/02/17 වන දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බල ශක්තිය සුරැකුම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල එහිදී ඇගයීමට ලක් වූ අතර දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් එක් එක් අංශයන්හි බලශක්තිය අපතේ යන ආකාරය තවදුරටත් අවම කර ගත හැකි විධි ක්‍රම පිළිබඳ

නිලධාරීන් දැනුම්වත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී දෙපාර්තමේන්තුවේ ශක්ති ප්‍රභවයන් සුරක්ෂිතව පරිහරණය කරමින් ජාතික බල ශක්ති අර්බුදයෙන් මිදීමට සැලකිය යුතු දායකත්වයක් විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවෙන් ලබා දීමට හැකිවනු ඇත..


බන්දුසේන මහතාගේ විශ්‍රාම දිවියට සුබ පැතුම්.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාලන හා මානව සම්පත් සංවර්ධන අංශයේ කළමනාකරණ සහකාර සේවයේ නියුතුව සිටි ඩබ්. පී. ආර්. බන්දුසේන මහතා 2016/02/02 වන දින විශ්‍රාම දිවියට එළැඹියේ ය.. රාජ්‍ය සේවය වෙනුවෙන්

වසර 30ක් වැනි දිගු කාලීන මෙහෙවරක් සිදු කළ ඒ මහතාට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු සේවක මණ්ඩලය සෞඛ්‍ය සම්පන්න විශ්‍රාම දිවියකට සුබ පැතුම් එක් කරයි. තවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සේවා කාලයේ ඔහු විසින්

ප්‍රකට කළ කාර්යශූර අනලස්භාවය ඔහුගේ ඉදිරි සමාජ ආර්ථික ක්‍රියාකාරකම්වලට ද අනුගත කර ගනිමින් ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ආසිංශනය කරමු.


ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්වෙත පරිලෝකන යන්ත්‍ර.

විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුතු ජාලගත කිරීමේ තවත් අදියරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් අංශයන් වෙත පරිලෝකන යන්ත්‍ර බෙදා දීම 2015 නොවැම්බර් 23 දින විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ රවීන්ද්‍ර පත්මප්‍රිය හා ප්‍රධාන ගණකාධිකාරී ඩී.එස්.පත්මසිරි සහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු විය.

වැන්දඹු අනත්දරු ගෙවීම් ක්‍රමය මාර්ගගත ක්‍රමය (online) මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාල ලේඛනයන් පරිලෝකනය

කිරීම සඳහා මෙසේ පරිලෝකන යන්ත්‍ර බෙදා දීම සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව අදාල නිලධාරීන්ට ලබා දීම ද මෙහි දී සිදු විය.

මෙකී නව ක්‍රමය අනුව මින් ඉදිරියට වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුපක් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉල්ලීමක් ලැබුණු වහාම අදාල ලියවිලි පරිලෝකනය කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු මධ්‍යම දත්ත පද්ධතිය වෙත යොමු කරන අතර එකී දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කඩිනමින් අදාල හිමිකරුවන් වෙත මාසික වැන්දඹු අනත්දරු වැටුප් ගෙවීම් ආරම්භ කරනු ඇත. ඒ අනුව දායකයා මිය

යාමෙන් පසු අදාල තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත ලැබුණු වහා වේගවත් ක්‍රියාවලියක් ඔස්සේ එළැඹෙන විශ්‍රාම වැටුප් ගෙවීම් දිනයේදී ම අදාල උරුමකරුවන් වෙත ගෙවීම් සිදු කිරීමට මෙහි දී හැකිවනු ඇත.

නවීන පරිලෝකන යන්ත්‍ර බෙදා දීමේ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක විශ්‍රාම වැටුප් සම්බන්ධ රාජකාරී සිදු කරන නිලධාරීන් සහභාගි වූ අතර 2015/11/24 දිනය පුරා ද සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් ආවරණය වන පරිදි පරිලෝකන යන්ත්‍ර බෙදා දීමට කටයුතු කරනු ඇත.


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිරීක්ෂණයට..

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නියෝජිත පිරිසක් 2015/ 11/ 16 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දෙපාර්තමේන්තුවේ ඵලදායිතා සංකල්පය

ක්‍රියාත්මක වන ආකාරය, කාර්යාලයීය කටයුතු සහ ආයතනික පරිසරය ඵලදායිතා සංකල්පයන්ට අනුකූල ලෙස සකස් කොට ඇති ආකාරය මෙහිදී නිරීක්ෂණයට ලක්විය.දැනට විදේශගතව සිටින විශ්‍රාම

වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සමඟ එම අවස්ථාවේදී Skype තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cherubium සමඟ අවබෝධතා ගිවිසුමක.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2015/10/29 දින Cherubium (pvt) ltd ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අරඹා ඇති Cherubium ආයතනයේ ‘මරීනා’ වෙළඳ කුටියේ ඇති තෝරාගත් නිෂ්පාදනයන් ට

20% ක දීමනාවක් ලබා දීමට මෙන් ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය උපදෙස් සහිත වීඩියෝ පට LED තිරයක් මගින් පෙන්වීම සහ සෞඛ්‍ය පණිවිඩ ඇතුළත් සඟරා විශ්‍රාමිකයන් වෙත ලබා දීම මඟින් සෞඛ්‍ය සම්පන්න විශ්‍රාම දිවියක් විශ්‍රාමිකයාට දායාද කිරීමට කැපවීම සම්බන්ධ කරුණු

මේ ගිවිසුමෙ හි අන්තර්ගත වේ. මේ අවස්ථාවට Cherubium ආයතනයේ අධ්‍යක්ෂ මංජුල නාරායන්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු රැසක් සහභාගී වූහ.


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කැලණි කේබල්ස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් 2015/10/22 දින කැලණි කේබල්ස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ආයතනයෙ හි මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙ

මෙහිදී අධ්‍යයනය කෙරුණි. ඒ අනුව සෑම අංශයක ම සේවක අදහස් හා යෝජනා ලබා ගැනීමට ලිපි ගොනුවක් පවත්වාගෙන යෑම සහ මාසිකව හොඳ ම යෝජනාව තෝරා ඒ සඳහා ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කරන ලදී.

මනාව ක්‍රියාත්මක වන S5 ක්‍රමවේදය නිරන්තර විමර්ශනය සඳහා විගණන කමිටුවක් පත් කිරීම මෙන් ම ඒ ඔස්සේ ආයතනික කටයුතු කාර්යක්ෂම වීම පිළිබඳව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අවධානය යොමු විය.


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශාඛා ප්‍රධානීන් ගුවන් හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශාඛා ප්‍රධානීන් ගුවන් හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක.

ඉංජිනේරු අංශය පිළිබඳ මෙහිදී විමර්ශනය කෙරුණි. කාර්යාලීය කටයුතු පරිගණක ගතකොට තිබීම හේතුවෙන් කඩදාසි භාවිතයෙන් තොරව කටයුතු කිරීමේ හැකියාව ලැබී ඇති

අයුරු සහ ආයතනයේ ඵලදායිතා සංකල්පයන් මනාව ක්‍රියාත්මක වන අයුරු ද එහිදී ශාඛා ප්‍රධානීන් ගේ අවධානයට යොමු විය.


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

වසර 2010 – 2011 සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඵලදායීතාවයේ විශිෂ්ඨත ම සම්මානය දිනාගත් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් 2015/10/02 දින සහභාගි විය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමේ ගමන් මගෙහි ඉදිරි පියවරක් ලෙස නිලධාරීන් දැනුම්වත් කිරීම හා ඵලදායිතා ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මෙහිදී සිදුවිය. 2011 වර්ෂයේ දී ISO - 9001- 2008 සහතිකය ද හිමි කරගෙන

ඇති සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ S5 සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය, ආයතනයේ අංශවල ක්‍රියකාරිත්වය සහ මානව සම්පත් සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ මෙහිදී නිරීක්ෂණයන් සිදු කරන ලදී.


ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් සමුළුව 2015

“ජාතික විශ්‍රාමික දින රාජ්‍ය උත්සවයෙන් අනතුරුව සවස ‘ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක්’ යන්න යටතේ පැවති කතිකාවේදී විවිධ මතවාද උණුසුම් වාද විවා ද දක්නට ලැබිණි. මේ සමුළුවේදී, මහාචාර්ය

ඉන්ද්‍රලාල් ද සිල්වා (කොළඹ විශ්වවිද්‍යාලය) ආචාර්ය නීශා අරුණතිලක ( ආර්ථික විද්‍යා පර්යේෂිකා ) මුර්තජා ජෆර්ජි ( ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී) සුනිල් හෙට්ටිආරච්චි (අධ්‍යක්ෂ ජනරාල්,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව)

ෂාහ් රවුෆ් (ප්‍රධාන විධායක නිලධාරී) ආචාර්ය නිශාන් ද මෙල් (විධායක අධ්‍යක්ෂ) අදහස් දැක්වූ අතර ප්‍රවීණ ජනමාධ්‍යවේදී නාලක ගුණවර්ධන විසින් මෙහෙයවීම කරන ලදි.


ජාතික විශ්‍රාමික දින රාජ්‍ය උත්සවය 2015

“ ජාතික විශ්‍රාමික දින සමුළුව 2015 ” ගරු කථානායක කරූ ජයසුරීය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේත්, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මැතිතුමාගේත්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

හර්ෂ ද සිල්වා මැතිතුමාගේත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසකගේ හා විශ්‍රාමික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් 2015.10.08 දින ශ්‍රී ලංකා පදනමේ ආයතනයේ දී සාර්ථකව පැවැත්වීය.

මේ උළෙල සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් උපකාර කළ ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියලු පාර්ශවයන් වෙත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම වැටුප් දෙපාරතමේන්තුවේ ස්තුතිය පළ කර සිටී.


ජාතික විශ්‍රාමික දිනයට සමගාමීව ප්‍රාදේශීය සැමරුම් උළෙල රාශියක්

2015 ඔක්තෝබර් 08දින පැවති ජාතික විශ්‍රාමික දින උළෙලට සමගාමීව ඔක්තෝබර් 01දින සිට ඔක්තෝබර් 06දින දක්වා ප්‍රාදේශීය මට්ටමේ විශ්‍රාමික සංගම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සහ විශ්‍රාමික භාර අරමුදල සම්බන්ධ වී සැමරුම්

උළෙල රාශියක් සංවිධානය කර තිබුණි. ඒ අතරින් මහනුවර, වවුනියාව, ගාල්ල, කෑගල්ල, මාතලේ සහ මොණරාගල යන ප්‍රාදේශයන් හි දී පැවැත්වුණු උත්සව අවස්ථාවන්ට අදාළ ඡායාරූප අප වෙත ලැබී ඇත. මේ උත්සව අවස්ථාවන්ට ආයතන

ප්‍රධානීන් මෙන් ම විශ්‍රාමිකයෝ බොහෝ පිරිසක් ද සහභාගී වූහ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි සේවය කරනු ලබන විශ්‍රාම වැටුප් සම්බන්ධ නිලධාරීන් මේ කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.


ජාතික විශ්‍රාම දිනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2015.10.06 දින රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පිළිබඳ හා ජාතික විශ්‍රාමික දිනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. නව අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ඇමතිතුමන් සහභාගි වූ පළමුවන මාධ්‍ය සාකච්ඡාව මෙයයි. 2015.10.08 වන දින පෙ.ව. 9.00 ට පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ජාතික විශ්‍රාම දින සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුම්වත්

කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර ජාත්‍යන්තර සහභාගිත්වය ද ඇතිව පවත්වන ජාතික විශ්‍රාම දින සමුළුව නව ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක් යටතේ පැවැත්වීම සතුටුදායක බවත්, විශ්‍රාමිකයා සක්‍රීයව සංවර්ධන කාර්යය සඳහා දායක කර ගන්නේ කෙසේද යන වගත්, ඒ සඳහා සියලු කටයුතු සංවිධානය කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කැපවීම අගය කරන බවත්ය. මේ සමුළුවේදී එළි දැක්වීමට නියමිත වෙබ් රේඩියෝව සහ විද්‍යුත් සඟරාව පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ, එමඟින් විශ්‍රාමිකයන්ගේ අදහස් ‍,යෝජනා, චෝදනා හා

අත්දැකීම් බෙදා හදා ගැනීමට මෙන්ම විශ්‍රාමිකයාට ජීවත් වීමට අත්වැලක් ද සැපයෙන බවයි. මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා මෙන්ම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතාද සහභාගි විය. එහිදී අදහස් දැක්වූ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවයට පමණක් සීමා වූ විශ්‍රාම වැටුප නම් වූ සමාජාරක්ෂණ ක්‍රමය සමස්ත ප්‍රජාව වෙනුවෙන්ම දියත් කිරීම සඳහා වූ කථිකාවක් සමාජය තුළ ගොඩනැංවීමට සියලු මාධ්‍යවේදීන්ට ආරාධනා කළේය.


හරිත ඵලදායිතා කවය හොල්සිම් ලංකා සමාගමේ ක්‍ෂේත්‍ර චාරිකාවක.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හරිත ඵලදායිතා කවයේ සාමාජිකයන් 2015.10.01 දින හොල්සිම් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යයන කෂේත්‍ර චාරිකාවක නිරත විය.මේ ක්ෂේත්‍ර චාරිකාවේ මූලික සංකල්පය වූයේ ‘වෘත්තීය සුරක්ෂිතතාවයේ සමාරම්භක පියවරයි’ යන්නයි.

එහිදී ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ හොල්සිම් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව සිය වෘත්තීය අත්දැකීම් බෙදා හදා ගැනීමයි.මේ සදහා හොල්සිම් ට්‍රේනින්ග් සෙන්ටර් වෙතින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.

 

බ්ලොග් අඩවිය ඇරඹේ.

2015 වර්ෂයේ ජාතික විශ්‍රාමික දිනය නිමිත්තෙන් 2015.10.08 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජාතික විශ්‍රාමික දින සමුළුවක් මඟින් ජාතික විශ්‍රාමික ප්‍රතිපත්තියක් පිළිබඳ සමාජ කතිකාවකට මුලපුරා ඇත.

නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කැලණිය විශ්වවිද්‍යාලයේ

ජනසන්නිවේදන අධ්‍යයන අංශය සමඟ ඒකාබද්ධ වෙමින් නව බ්ලොග් අඩවියක් නිර්මාණය කර ජාතික විශ්‍රාමික දින සැමරුම පිළිබඳ තොරතුරු තවදුරටත් සමාජගත කිරීමේ කටයුතු මේ වනවිට අරඹා ඇත.

ජාතික විශ්‍රාමික දිනසමුළුවේ පූර්ව සූදානම, සමුළුවේ සජීව විකාශය මෙන්ම විශ්‍රාමිකයන්ගේ හා උගතුන්ගේත්

මාධවේදීන්ගේත් අදහස්,යෝජනා, චෝදනා මෙම බ්ලොග් අඩවිය මඟින් ඉදිරිපත් කිරීම ද සිදුවේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතින් මෙම බ්ලොග් අඩවිය 2015.10.02 වන දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී දියත් විය.


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පුස්තකාලය සඳහා නව පොත් මිලදී ගැනේ.

සාහිත්‍ය මාසය නිමිති කොට ගෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පුස්තකාලය සඳහා නව පොත් මිලදී ගැනිණ. අධ්‍යාපනික, ළමා, පරිවර්තන, හා සාහිත්‍ය කෘති විශාල ප්‍රමාණයක් මේ සඳහා තෝරා ගන්නා ලදී.

දෙපාර්තමේන්තු නිලධාරීන් හා විශ්‍රාමිකයන් වෙනුවෙන් මිලදී ගත් මේ නව කෘති විශ්‍රාම වැටුප‍් දෙපාර්තමේන්තු පුස්තකාලයේදී පරිහරණය කළ හැක.

 

පළමු ගෙවීම් අංශයේ පළමුවන සංවත්සරය සැමරේ..

පළමු වරට විශ්‍රාම ලබන විශ්‍රාමිකයන් වෙත ගෙවීම් සිදු කිරීම සඳහා පිහිටුවන ලද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පළමු ගෙවීම් අංශයේ පළමු සාංවත්සරික සැමරුම් දිනය2015.10.01යෙදි තිබුණි.ඒ සදහා චාම් උලෙලක් 2015.10.02 දින සූදානම් කර තිබූ අතර එදින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්‍තුවේ නිල සංචාරයක යෙදුණු රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාද නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මැතිතුමා ද අමාත්‍යාංශ ලේකම් ජේ.දඩල්ලගේ මහතා ද මේ සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ විය. මීට වසරකට පෙර ආරම්භ කළ විශ්‍රාම වැටුප් පළමු ගෙවීම් අංශය මගින් විශාල ප්‍රමාණයක් විශ්‍රාමිකයන් සේවා ලබාගෙන ඇති අතර මීට පෙර ක්‍රියාත්මකවූ පළමු

ගෙවීම් ක්‍රමවේදයට සාපේක්ෂව ඉතා කඩිනම් සේවාවක් සැපයීමට හැකිවී ඇත.එහිදී විශ්‍රාම වැටුප් අංකය ලබා දීමෙන් අනතුරුව විශ්‍රාම වැටුප සෘජුව ම විශ්‍රාමිකයාගේ බැංකු ගිණුමට බැරවීම සිදුවේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලිපි ගොනුව ලැබෙනතුරු සිදුවන ප්‍රමාදය විශ්‍රාමිකයාට වැටුප් ලබා ගැනීමට කිසිදු බාධාවක් නොවන සේ වැටුප් ගෙවීමේ ක්‍රමයක් අනුගමනය කෙරේ.


photo අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකPosted on 2015.10.03 photo දිවි නැගුම සංවර්ධන නිලධාරීන් පුහුණු වැඩමුළුවක්Posted on 2015.09.16 photo විශ්‍රාමික දිනය නිමිත්තෙන් බ්ලොග් අඩවිය අද සිටPosted on 2015.09.05

photo ශ්‍රි ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යයන චාරිකාවකPosted on 2015.08.29 photo විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ වැටුප් විස්තර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් මඟින්Posted on 2015.08.11 photo විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව LB finance ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.Posted on 2015.08.05

photo රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් අංශය දෙවැනි මහලටPosted on 2015.08.29 photo බෝපේ පෝද්දලට පැසසුම්.Posted on 2015.08.11 photo ඔප් නැංවෙන කලා කුසලතාPosted on 2015.08.05

photo වේදිකාව පිටුපස රූ.....Posted on 2015.08.03 photo දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේPosted on 2015.08.01 photo විමල් රූබසිංහ මහතාගෙන් පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්Posted on 2015.07.29

photo විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කර අගෝස්තු මස ගෙවීමට සුදානම් සියලු ගණකාධිකාරිවරුන් දැනුවත් කෙරේ.Posted on 2015.07.16 photo දිවයින පුරා සියලු විශ්‍රාමික සංගම් නියෝජිතයන්ගේ රැස්වීමක් 2015.07.10 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදීPosted on 2015.07.10 photo වැටුප් විෂමතා ඉවත් කිරීමේ දී විශ්‍රාම වැටුප් ගණනය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් හි සේවය කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිළධාරින් දැනුම්වත් කිරීමPosted on 2015.07.09

photo සම්පත් බැංකුවෙන් සත්කාර පියසට ලැප්ටොප්..Posted on 2015.07.08 photo වසර 2006 ට පෙර විශ්‍රාම ලැබු විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් ගැලපීමේ විශ්‍රාම වැටුප් චක්‍රලේඛය නිකුත්වේ.Posted on 2015.07.05 photo පාරිභෝගිකයා තෘප්තිමත් කිරිම පිළිබද විශේෂ වැඩමුළුවක්Posted on 2015.07.08

photo විශ්‍රාමික ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ඡන්දය භාවිත කළ හැකි වලංගු හැදුනුම්පතක් ලෙස පිලිගැනිමට අවශ්‍ය කටයුතු සැලසේ.Posted on 2015.06.26 photo ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙන් සත්කාරක පියසේ නිළධාරින්ට පුහුණු වැඩමුළුවක්.Posted on 2015.07.03 photo විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නවමු වෙනස ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ විමර්ශනයටPosted on 2015.06.23

photo නාවික හමුදා සැපයුම් අංශයේ නිළධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්.Posted on 2015.06.19 photo ‘පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමේ ක්‍රම’ පිළිබඳ විදෙස් පුහුණුවකට චතුරංගනී ජයවීර සහභාගිවේ.Posted on 2015.06.13 photo ඒ. වික්‍රමසිංහ මහතා 'පරිගණක ජාලකරණය' පිලිබඳ විදේශ පුහුණුවක් සාර්ථකව නිමකරයි.Posted on 2015.06.13

photo විශ්‍රාම දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගත් හවුල්කරුවන්ගේ අත්දැකිම් හුවමාරු කරගත් හමුව.Posted on 2015.06.12 photo විද්‍යාත්මක සේවයට ඇතුළත්වූ නවක නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව.Posted on 2015.06.05 photo දිවි අරුණෙන් ජෙයෂ්ට පුරවැසියන්ට රක්ෂණ උපදේශක තනතුරුPosted on 2015-05-19

photo විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයිPosted on 2015.07.16 photo විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් හෙළ ඔසු සල සහ පෝෂණ මන්දිරයක්Posted on 2015-05-18 photo සත්කාර පියසේ නිලධාරින් දැනුම්වත් කිරිමේ වැඩමුළුවPosted on 2015.07.16