Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

විමල් රූබසිංහ මහතාගෙන් පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්

ප්‍රවීන කලාකරු විමල් රූබසිංහ මහතාගේ පෞද්ගලික පොත් එකතුවෙන් වටිනා පොත් ගණනාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පුස්තකාලය වෙත 2015.07.29 දින පරිත්‍යාග කිරීම සිදු විය. එහි දී පොත් කට්ටල කීපයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පුස්තකාලය බාර නිලධාරිණිය වෙත හා ඒ අවස්ථාවට සහභාගී වූ විශ්‍රාමික මහත්ම මහත්මීන් දෙපළකට ද පරිත්‍යාග කෙරිණි. විමල් රූබසිංහ මහතා මෙරට රාජ්‍ය සේවයේ කැපී පෙනෙන විශිෂ්ඨ ගණයේ කිර්තිධර රාජ්‍ය නිලධාරියකු වන අතර ලිපිකරු සේවයේ සිට අමාත්‍යාංශ ලේකම් ධුරය දක්වා විවිධ නිලතල මඟින් ජනතා සේවයට කැප වූ නිලධාරියෙකි.

එහි දී සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ධූරය, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරය හා රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය ද එතුමා විසින් හොබවන ලදී. විචාර සමීක්ෂණ වාර්තා, පරිවර්තන, කාව්‍ය සංග්‍රහ, කෙටිකතා, නවකතා, සඟරා සහ ස්වයං නිර්මාණ ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අදාළ පොත් එතුමාගේ පරිත්‍යාග කෘති අතර විය. දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි පුස්තකාලයක් ආරම්භ කිරීමෙන් වර්තමාන හා අනාගත විශ්‍රාමික ප්‍රජාව සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සිදුකළ දූරදර්ශි සත්ක්‍රියාව පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එහි දී විමල් රූබසිංහ මහතාගේ පැසසුමට ලක් විය.

මේ අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහභාගි වෙමින් “පොත් මගේ නෙත් වගේ ” යන උදාර සංකල්පය පෙරදැරිව ශ්‍රේෂ්ඨ නිර්මාණශීලි පරිකල්පන බුද්ධියෙන් හෙබි මිනිසුන් තැනිය හැකි තෝතැන්නක් බවට මෙම පුස්තකාලය පත් කළ හැකි බවත්, දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ දරු දැරියන්, විශ්‍රාමික ප්‍රජාව සහ ඔවුන්ගේ දරු මුනුබුරන් මෙන්ම දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට ජනතාවට හා ඔවුන්ගේ දූ දරුවන්ට ද මේ පුස්තකාලය විවෘතව පවතින බවත් ප්‍රකාශ කළේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සහ විශ්‍රාමික පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.