Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව LB finance ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව LB finance ආයතනය සමඟ දිවි අරුණ වැඩසටහනට අදාළව විශ්‍රාමික ප්‍රජාව නැවත රැකියාගත කිරීම සම්බන්ධ අවබෝධතා ගිවිසුමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි , LB finance ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරි රොෂාන් ජයවර්ධන යන මහත්වරුන් විසින් 2015. 09. 02 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දී අත්සන් කෙරිණ.

ගණුදෙනු කරුවන් මෙම මූල්‍ය ආයතනය සමඟ සම්බ්ධීකරණය කිරීම වෙනුවෙන් ප්‍රතිශත මුදලක් ලබා ගැනීමට විශ්‍රාමිකයාට

අවස්ථාව උදා වේ. පුද්ගලයන් සම්බන්ධීකරණයෙන් පසු ආයතනය සහ ගණුදෙනුකරුවා සම්බන්ධයෙන් සියලු වගකීම් LB finance ආයතනය වෙත පැවරේ. එමඟින් විශ්‍රාමිකයාගේ විශ්‍රාම දිවියට කිසිදු බාධාවක් නොවන පරිද්දෙන් මෙහි සැළසුම් ක්‍රියාත්මකය. එමෙන් ම එම ආයතනයෙහි ලියාපදිංචි වන්නවුන් සඳහා හැඳුනුම්පතක් සහ බැංකු කාඩ්පතක් ද නිකුත් කරනු ලැබේ.

ලංකාවේ පිළිගත් මූල්‍ය ආයතනයක් වන LB finance ආයතනය සමඟ අත්සන් කෙරුණු මේ අවබෝධතා ගිවිසුම මඟින් විශ්‍රාමික ප්‍රජාව නැවත රැකියාගත

වීම, කුඩා හා මධ්‍ය පරිමාණ ණය ලබා ගැනීමේදී වාසි සැළසීම මෙන්ම එමඟින් රටේ මූල්‍ය සංසරණය ප්‍රබල වීම, විශ්‍රාමිකයාගේ ආර්ථීකය ශක්තිමත් වීම වැනි ප්‍රතිලාභ හිමි වේ.

ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවිධාන සංවර්ධන පත්මප්‍රිය, ප්‍රධාන ගණකාධිකාරි ඩී. එස් පද්මසිරි, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු එම්.එම්.ඒ. පි කුමාරසිරි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.