Government Logo Pension title Pension Logo
NEWS

***     Special Letter On Issuance of Formal Retirement Letter when a Public Service Officer Retires.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Special Letter On Issuance of Formal Retirement Letter when a Public Service Officer Retires.    ***    

අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා, 2015.10.02 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරිත්වය විමසා බැලීමට පැමිණි මෙතුමන්, පැවැත්වීමට නියමිත 2015 ජාතික විශ්‍රාම දින සමුළුවේ පූර්ව කාර්යයන් සිදු වන ආකාරය පිළිබඳව ද අවධානය යොමු කරන ලදී. මේ අවස්ථාවට සහභාගී වූ

ඇමතිතුමන් කියා සිටියේ, නවීන තාක්ෂණික ක්‍රමවේද පරිහරණය කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පැමිණ ඇති ගමන් මඟ යහ පාලනයට රුකුලක් වන බවයි.

එසේම පෞද්ගලික ආයතනයන්හි ක්‍රියාකාරීත්වයන්ට දෙවැනි නොවී රාජ්‍ය ආයතන අතර පෙරමුණේ සිටින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පැමිණි ගමන් මග අගය කළ යුතු බව හා 2015 විශ්‍රාම වැටුප් සමුළුව මෙවර

ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වීමට කටයුතු කිරීම විශ්‍රාමිකයන්ගේ සේවය වෙනුවෙන් සිදු කරන සුවිශාල සේවාවක් බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී. මේ නිල සංචාරය සඳහා ගරු අමාත්‍යතුමා සමඟ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතා හා අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ල‍ගේ මහතා ද සහභාගි විය.