Government Logo Pension title Pension Logo
NEWS

***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2015 හි සියලු රාජ්‍ය ආයතන අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රමුඛයා බවට පත් වේ.

ශ්‍රී ලාංකික ජන රජයේ සියලු රාජ්‍ය ආයතන අතර විශිෂ්ඨතමයා බවට පත් වෙමින් ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය 2015 හි දී ඵලදායිතාවයෙන් යුතු රාජ්‍ය ආයතන අතර ප්‍රථම ස්ථානය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් හිමි කර ගනු ලැබීය.2016.12.14 දින රත්මලාන Stein මැදිරි සංකීරණයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සුරතින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත සම්මානය පිරිනමන ලදී.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ලැබූ එකී ජයග්‍රහණයේ ගෞරවය දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා පිරිනැමීම අරමුණු කරගනිමින් 2016.12.15 වන දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී විශේෂ ඇගයීමක් සිදු කරනු ලැබිණි. මෙකී විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් සහ දායකත්වයක් ලබා දුන් ආයතනයේ විවිධ අංශයන් නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූ නිලධාරීන් ඇතුළු ඵලදායිතා කවයන් සඳහා මෙහි දී ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

රාජ්‍ය ආයතනයක් ලෙස පසුගිය වසර කිහිපය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අත්පත් කරගත් තාක්ෂණික පරිවර්තනය සහ විශ්‍රාමික ප්‍රජාව වෙත දක්වන ලද සුවිශේෂී අවධානය හා ගෞරවය හේතුවෙන් සෙසු රාජ්‍ය ආයතන අතර ප්‍රමුඛයා වීමට ලැබුණු අතර ලැබුවා වූ ජයග්‍රහණය ශක්තියක් කරගනිමින් විශ්‍රාමිකයාගේ සුභසාධනය වෙනුවෙන් තවත් ඇපකැප විය යුතු බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගී විය.