Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

ඩෙංගු උවදුර තුරන් කිරීම උදෙසා විශේෂ දේශන මාලාවක්.

පැතිරී යන ඩෙංගු උවදුර තුරන් කිරීම උදෙසා පුරවැසියන් වශයෙන් ඉටු කළ යුතු කාර්ය භාරය පැහැදිළි කරමින් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ දේශන මාලාවක් 2017.07.24 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කොළඹ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිරා කෘස් මහත්මිය,කීට විද්‍යාඥ සුභාෂිණී ආරියප්‍රේම මහත්මිය හා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලයනල් යන මහත්ම මහත්මීන් මෙහිදී සම්පත් දායකත්වය සපයන ලදි.ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනා ගැනීම

මඟින් ඩෙංගු උවදුර වළක්වා ගැනීමට ක්‍රියා කළයුතු බව එහිදී අවධාරණය වූ අතර ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි පාරිසරිකසාධක පිළිබඳව ද අවධානය යොමු විය.එහිදී මඳ වශයෙන් හෝ පල් නොවූ ජලය රැඳෙන ස්ථානවල ජල පෘෂ්ඨය හා ඝණ මතුපිටක් සම්බන්ධවන ස්ථානයන්හි ඩෙංගු මදුරුවන් බිත්තර දමන බැවින් නිවසේ භාවිතයෙන් අනතුරුව ඉවත දමන කැලි කසල හා බඳුන් මෙන් ම මල්පෝච්චි,ජලය රැඳෙන විසිතුරු ශාඛ පත්‍ර , මල් රඳවනයන් මුනින් නවන ලද ටින්වල සියුම් දාරවල පවා ඩෙංගු මදුරුවාට බෝවිය හැකි බැවින් එකී ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ජලය නොරැඳෙන පරිදි පවත්වාගෙන යාම සඳහා උපදෙස් ලබාදෙන ලදි.තවද ඩෙංගු

මදුරුවන්ගේ රූපාන්තරණයට දින හතක කාලයක් ගතවන බැවින් සෑම දින හතකට ම වරක් මෙසේ පිරිසිදු කිරීම අනිවාර්යයෙන් සිදු කිරීමෙන් ඩෙංගු උවදුර මැඩපවත්වා ගතහැකි බව ද මෙහිදී සඳහන් විය. එමෙන් ම තමන් ජීවත් වන වටපිටාව මෙන් ම තමන් හා තමන්ගේ නිවැසියන් සැරිසරන ස්ථාන වන පන්සල,පල්ලිය,කෝවිල,පාසල,පෞද්ගලික පන්තිය වැනි සියලු ස්ථාන මෙසේ පිරිසිදුව තබා නොගතහොත් ඩෙංගු උවදුරෙන් වැලකිය නොහැකි බවත් මේ දේශනවලින් අවධාරණය විය. මේ වැඩසටහන සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සියලු කාර්ය මණ්ඩලය සහභාගි විය.