Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.     ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st July 2018.    ***    

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමක.

පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ බැංකු පද්ධතිය සමඟ මුසු වෙමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් දියත් කරන ලද ව්‍යාපෘති මාලාවේ එක් අදියරක් ලෙස රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට එක් වීම 2017.08.28 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දී සිදු විය.

විශ්‍රාමික ප්‍රජාව වෙත සාර්ථක ආර්ථික ජීවිතයක් ළඟා කරලීමේ අරමුණෙන් ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් ඇප කොන්දේසි නොමැතිව ලබාදීම සඳහා නිකුත් කරන ලද අංක 4/2013 විශ්‍රාම වැටුප් චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට රාජ්‍ය සහ පෞද්ගලික ආංශයේ බැංකු විශාල ප්‍රමාණයක් එක් ව ඇති අතර ඒ අතරට එක් වූ නවතම බැංකුව රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව වේ.

මෙම අවබෝධතා ගිවිසුමට එළැඹීමේ අවස්ථාවට රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ සභාපති තිස්ස ජිනදාස මහතා,අධ්‍යක්ෂ පාලිත සිසිර කුමාර මහතා,සාමාන්‍යාධිකාරී ඩබ්.එම් දයාසිංහ මහතා අධ්‍යක්ෂ මණ්ඩල කමිටු ලේකම් කමනි පෙරේරා මහත්මිය සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ .ජගත් ඩී.ඩයස් මහතා, අධ්‍යක්ෂ (සංවිධාන සහ සංවර්ධන ) කේ.ආර් පත්මප්‍රිය මහතා, ප්‍රධාන ගණකාධිකාරී ඩී.එස් පද්මසිරි මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහභාගී විය.