Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

 
 
 
 

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ සිංහල දෙමළ අලුත් අවුරුදු පණිවිඩය.

සොබා දහම සමඟ ජීවත්වන ප්‍රජාවක් ලෙස සොබාදහම සිය ජීවන සහකරුවා බවට පත් කර ගනිමින් එය දේවත්වයට ඔසවා තැබූ, ඊට කෘතගුණ සලකන සංස්කෘතියක යාවත්කාලීන වීමක් ලෙස වර්තමාන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අර්ථ දැක්විය හැකි ය. ජාති කුල ගෝත්‍ර බේදයකින් තොරව සියලු ප්‍රජාව සිය ජීවන අරගලය ජය ගැනීමට සහය කරගන්නේ අප සියලු දෙනා දරා සිටින මේ මහ පොළොවත් ඒ සියල්ලේ පැවැත්ම උදෙසා වූ ප්‍රධාන ශක්ති ප්‍රභවය වන සූර්යයාත් ය. සූර්යයා ඇසුරින් තම පැවැත්ම තහවුරු කරගනිමින් ඒ සඳහා කෘත ගුණ දක්වමින් එකා වන් ව තම බැඳීම්, යහගුණ හා සිතුම් පැතුම් අලුත් කර ගන්නා වසර 2018 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමස්ත විශ්‍රාමික ප්‍රජාවටත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා සම්බන්ධිත සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි කාර්යමණ්ඩලවලටත්, සමස්ත ප්‍රජාවටත් සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි පතමි.

ඒ.ජගත් ඩී. ඩයස්.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්