Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

සර්ව ආගමික වතාවත් සමඟ 2019 රාජකාරී ඇරඹේ......

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් 2019 වර්ෂයේ රාජකාරි ආරම්භකරන ලදි.විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා ජාතික ධජය එසවීමෙන් හා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ(සංවිධාන හා සංවර්ධන) කේ. ආර් පත්මප්‍රිය මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ගීතය ගායනා කිරිමෙන් 2019 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීමේ කෙටි උත්සවය ආරම්භ විය.

සියලු රාජ්‍ය සේවකයන්ට පොදු වු රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දිව්රුම් දීම හා රණවිරුවන් සිහිකර විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමද එහිදි සිදුවිය.අනතුරුව දෙපාර්තමේන්තු සියලු නිලධාරින් ඇමතු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයා 2018 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ කාර්යන් ඉටුකරගැනිම සඳහා සහය දැක්වු සියලු දෙනාට තුති පුද කළ අතර 2019 වර්ෂයේ දෙපාර්තමේන්තු කාර්යභාර්ය පෙරටත් වඩා කාර්යක්ෂම ව මහජනතාවට ලබාදීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව සිහි කළේය.

තවද 2018 වර්ෂයේ දෙපාර්තමේන්තුව තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ඇතිවු ප්‍රබෝධය වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලු නිලධාරීන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රශංසා කළ අතර සෑම නිලධාරියකුට ම සිය රාජකාරි සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම,විවිධ වැඩසටහන් ඔස්සේ පුහුණුවීම් ලබාදීම වැනි සියලු ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගනිමින් වඩාත් සඵලදායි සේවාවක් ඉටුකිරීමට අධිෂ්ඨාන කරගන්නා මෙන් ද සිහිපත් කළේය. මේ අවස්ථාවට දෙපාර්තමේන්තුවේ සියලු මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරින් සහභාගි වුහ.