Government Logo Pension title Pension Logo
NEWS

***     Pension payments will be suspended temporally from August 2018 for the pensioners who not submitted their life certificates for the year 2018.    ***     Please be noted that the deadline for the WnOP Re-Registration will be extended to 31st October 2018.    ***     Pension payments will be suspended temporally from June 2018 for the pensioners who obtain pensions via High Commissions and not submitted life certificates for the year 2018 until 25.05.2018.    ***    

විශ්‍රාම දිවියට සුභ පැතුම්.

වසර 29 ක් පමණ දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නියැලී අගනා මෙහෙවරක් ඉටු කරනු ලැබූ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂිකා චාන්දනී දෙනගම මෙනෙවිය 2019.01.02 දා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනුලැබීම නිමිත්තෙන් 2019.01.01 දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගරයේදී කෙටි උත්සවයක් සංවිධානය කරනු ලැබිණි..

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හමුදා අංශය, ලියාපදිංචි අංශය, ප්‍රතිපත්ති අංශය සහ වැන්දඹු අනත්දරු යන අංශයන්හි සේවය කරමින් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ ඇය විශ්‍රාම යන විට දෙපාර්තමේන්තුවේ වැන්දඹු අනත්දරු අංශයේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබුවාය.

ඇය තමා වෙත පවරන ලද රාජකාරී නිහතමානීව හා අනලස්ව ඉටු කරනු ලැබූ දක්ෂ නිලධාරිනියක ලෙස එහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැසසුමට පාත්‍ර වූවාය. විශ්‍රාම දිවියට ඇතුළත් වූ අධ්‍යක්ෂවරිය වෙත සුබ පැතුම් එක් කිරීමේ එම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් ද සහභාගී විය. විශ්‍රමලත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂිකා චාන්දනී දෙනගම මෙනවියගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමු..