රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රාජ්‍ය ආයතන අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු  ක්‍රිකට් කණඩායම සමත් වී තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර අංශ ඇතුළුව ඒ යටතේ පාලනය වන රාජ්‍ය ආයතනවල කණ්ඩායම් 15 ක සහභාගීත්වයෙන් පැවති තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ඒකාබද්ධ සේවා කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායමට හැකියාව ලැබිණි.

අවසන් මහා තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව,තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පිතිකරු සඳහා හිමි වන කුසලාන දිනා ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කණ්ඩායමේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමත් විය.

අවසන් මහා තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අමිත් ප්‍රනාන්දු හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස යශෝධා රාජපක්ෂ සම්මාන දිනාගත් අතර හොඳම පන්දු යවන්නා ලෙස අමිත ප්‍රනාන්දු හා හොඳම පිතිකරු ලෙස මතීශ ශිහාන් මෙහිදී කුසලාන දිනාගන්නා ලදී.

රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කළ මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය අප්‍රේල් මස 26 සහ 27 යන දෙදින පැවැත්වුණු අතර අවසන් මහා තරඟය ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ හා එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බක් මහ සැණකෙළිය පැවැත්වුණු ඉකුත් 27 වෙනිදා ජයග්‍රාහී කුසලානය සමඟ පැමිණි දිමුතු මංචනායක මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උණුසුම් සුබපැතුම් හා ප්‍රතිචාර හිමි විය.

          

 alt=             
                          

 

forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමය මඟින් ලැබුවා වූ 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සංවිධානය කළ 'බක්මහ සැණකෙළිය' 2024.04.27 දින දවස පුරා කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු පරිශ්‍රයේ දී පැවැත්විණි.

විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සමඟ වසර පුරා කාර්යබහුල හා අවිවේකී ජීවන රටාවක නියුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට මද විරාමයක් වූ අවුරුදු උළෙල සාම්ප්‍රදායික හා නවීන අවුරුදු ක්‍රීඩා සහ විශේෂාංග රැසකින් සමන්විත විණි.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දූ  දරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන්,මියුරු DJ සැදෑවක් සමඟ දෙපාර්තමේන්තුවේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයකින් ද අවුරුදු උළෙල වර්ණවත් විය.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී.ඩයස් මහතා, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය, දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් මෙන්ම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ සහ ස්ථානමාරු ලබා ගිය මාණ්ඩලික නිලධාරීන් රැසක් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු සහ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන නිලධාරීන් 350කට අධික පිරිසක් සහභාගී විය.

          

 alt=             
                          

 

forigen pen21

සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමෙන් අනතුරුව නව වසරේ ප්‍රථම රාජකාරී දිනය සනිටුහන් කළ අද (16) දිනයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව රාජකාරී කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

මෙහි දී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා 710,000 ක් ඉක්මවූ සියලුම විශ්‍රාමික ප්‍රජාව ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන් වෙත අලුත් අවුරුදු සුභාශිංසන එක් කිරීමට කටයුතු කරනු ලැබීය.

නවීන තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියක් හා බද්ධව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන සියලුම නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ උරුමකරුවන්ගේ පසු ප්‍රතිලාභ තහවුරු කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දරණ ඉමහත් පරිශ්‍රමය පිටුපස ඇප කැපවූ සියලු නිලධාරීන් වෙත එතුමාගේ කෘතඥතාවය හිමි විය. ගත වූ අභියෝග සම්පන්න කාලවකවානුවෙහි විශ්‍රාම වැටුප් ක්‍රමය පවත්වාගෙන යාම සාර්ථකව ජයගත් පරිද්දෙන්ම විශ්‍රාමිකයන් මුහුණ දෙන අර්බුද සඳහා පොදු විසඳුම් සොයමින් සෑම අතින්ම සුරක්ෂිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගොඩ නැගීම සඳහා අලුත් අවුරුද්ද සමඟ උදා වුණු ඉදිරි කාලය කැප කළ යුතු බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් මෙහිදී සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරල්තුමන්ගේ සංකල්පයකට අනුව සෑම වසරකම සිදු කරනු ලබන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සහ බාහිර පරිසරය පිරිසිදුව සහ විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසවෙන පිරිසිදු කිරීමේ සේවාවන් හි නිරත සේවක මහත්ම මහත්මීන් අගය කිරීම ද මෙහි දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරල්තුමන්, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය ඇතුළු සියලුම නිලධාරීන් සහභාගි විය. විශ්‍රාම වැටුප් සක්‍රීය කරනු ලබන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය සඳහා මෙන්ම විවිධ කාරණා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වෙත පැමිණි විශ්‍රාමිකයන් සඳහා අවශ්‍ය සේවාවන් සපයන අතරතුර පැවැත්වුණු මෙම කෙටි සැමරුම් උළෙලෙන් පසු දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය මඟින් සංවිධානය කළ අවුරුදු කෑම මේසය භුක්ති විඳීමට ද එම විශ්‍රාමිකයන් ඇතුළු නිලධාරීන් සියලු දෙනා එක්ව සිටියහ.

 alt=