pic 1
 ගෝලීය කොරෝනා වෛරස වසංගත තත්ත්වය තුළ නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගතව(online ) සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.පවතින තත්ත්වය හමුවේ විශ්‍රාම ගනු ලබන නිලධාරීන්ගේ ජීවන තත්ත්වය යථා පරිදි පවත්වා ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සමඟ එක් වී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් කළමනාකරණ පද්ධතිය මඟින් මුද්‍රණය කරනු ලබන අයදුම්පතෙහි දෘඩ පිටපත හා අයදුම්පත්‍රය සමඟ එවිය යුතු ඇමණුම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත මාර්ගගතව යොමු කිරීමට නිලධාරීන්ට හැකියාව ලැබේ.තවදුරටත් තැපැල් මාර්ගයෙන් දෘඩ පිටපත් එවීම අවශ්‍ය නොවන අතර මාර්ගගත පද්ධතිය ඔස්සේ යොමු කිරීම ප්‍රමාණවත් ය.

http:workflow.pensions.gov.lk/workspaceui යන වෙබ් පිවිසුම භාවිත කර මෙම මාර්ගගත පහසුකම ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකිය.දැනට විශ්‍රාම කළමනාකරණ පද්ධතියේ ලියාපදිංචි වී ඇති නිලධාරීන්ට පරිශීලක නාමය සහ මුරපද ලෙස ජාතික හැඳුනුම්පත් අංක භාවිත කළ හැකිය.

පද්ධතිය භාවිත කිරීම සඳහා උපදෙස් 0115920403 දුරකථන අංක හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගත හැකිය.