උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ රාජකාරියන්හි නියුතුවන යුධ හමුදා නිලධාරීන්ගේ නිරෝධායන කටයුතු සඳහා කැළණිය වෙදමුල්ලේ පිහිටි විශ්‍රාමික නිවාඩු නිකේතනය යුධ හමුදාව වෙත භාර දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබම නිවාඩු නිකේතන පරිශ්‍රය තාවකාලික පදනමින් හමුදා නිලධාරීන් රාජකාරියෙන් වෙන් කිරීමේ මධ්‍යස්ථානක් ලෙස භාවිත කිරීමට හැකි වේ.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමේ සටනෙහි නියැළී සිටින වීරෝධාර හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මෙම දායකත්වය ලබා දෙන අතර මේ වන විට කොවිඩ්-19 ක්‍රියාන්විතය සඳහා එක් වී වෛරසය ආසාධනය වීම නිසා රෝගාතුර වී සිටින ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටිමු.