pic 1

 විශ්‍රාමිකයන් විසින් සෑම වසරකදීම තහවුරු කළ යුතු ජීවිත සහතිකය (Life Certificate) 2020.09.30 දිනට පෙර අනිවාර්යයෙන් යාවත්කාලීන කළ යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශ්‍රාමිකයන්ගේ 2020 වර්ෂයට අදාළ ජීවිත සහතිකය 2020.03.31 වන දිනට පෙර යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලෙසත් ගෝලීය කොවිඩ්-19 අර්බුදය හේතුවෙන් එම කාලසීමාව 2020.09.30 දක්වා දීර්ඝ කරන ලද බවත් එකී කාල සීමාව තුළ ද ජීවිත සහතිකය තහවුරු කිරීමට නොහැකි වන විශ්‍රාමිකයන් සඳහා ඔක්තෝබර් මාසයේ සිට මීට ඉහත නිකුත් කරනු ලැබූ විවැ/දි.ස./ජී.ස/2020 දරණ 2019.12.06 දිනැති ලිපියේ විධිවිධාන පරිදි කටයුතු කරන බවත් දන්වමි.

මෙතෙක් ජීවිත සහතික ලබා දීමට නොහැකි වූ විශ්‍රාමිකයන් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් එම සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දීමට කටයුතු කරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියලු විශ්‍රාමික ප්‍රජාව වෙත දන්වා සිටියි.

තව ද 02/2020 විශ්‍රාම වැටුප් චක්‍රලේඛයේ විධිවිධාන පරිදි ඇඟිලි සලකුණ භාවිතයෙන් ජීවිත සහතිකය තහවුරු කරන ලද විශ්‍රාමිකයන් නැවත ග්‍රාම නිලධාරිවරයා මඟින් ජීවිත සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.