pic 1

 

 

 

 

 

 

 

රාජ්‍ය සේවකයින් වැන්දඹු හා අනත් දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීම සඳහා දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතු අතර එම ක්‍රියාවලියෙන් පසු අදාළ නිලධාරීන් සේවය කරන අයතනයේ විෂය භාර නිලධාරීන් විසින් මාර්ගගත (Online) දත්ත පද්ධතිය තුළ රාජ්‍ය නිලධාරියාගේ ලියාපදිංචිය තහවුරු කිරීම (Verification) සිදු කළ යුතු ය.ලියාපදිංචි කළ නිලධාරින්ගේ වැන්දඹු හා අනත්දරු සාමාජික කාඩ්පත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක්කේ එම තහවුරු කිරීමෙන් අනතුරුවයි.

 ඒ අනුව නැවත ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සිදු කළ යුතු ආකාරය දන්වමින් කෙටි පණිවුඩයක් (SMS) දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කර එම දත්ත තහවුරු නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ජංගම දුරකථන වෙත ලබා දීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.
 
කෙටි පණිවුඩය ලැබුණු සියලුම නිලධාරීන් සිය ආයතනයේ විෂය භාර නිලධාරීන් හැකි ඉක්මණින් ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළ යුතු අතර මාර්ගගත පද්ධතිය තුළ තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ගේ සාමාජික කාඩ් පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ.මේ වන විට රාජ්‍ය නිලධාරින් 180,000 ක් පමණ දත්ත පද්ධතිය තුළ නැවත ලියාපදිංචිය හා සම්බන්ධ වී සිටියි.
 
මෙම පණිවිඩය ලැබෙන අවස්ථාව වන විට අදාළ නිලධාරියා විශ්‍රාම ගොස් ඇත් නම් මේ සම්බන්ධව කටයුතු කිරීම අවශ්‍ය නොවේ. 
 
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/2017 (V) චක්‍රලේඛය අනුව රාජ්‍ය නිලධාරින් සඳහා වැන්දඹු හා අනත්දරු ක්‍රමයේ නැවත ලියාපදිංචි වීමට ලබා දුන් කාල සීමාව 2021.07.31 දිනයෙන් අවසන් වේ.
 
නැවත ලියාපදිංචිය හා තහවුරු කිරීම සම්බන්ධ මාර්ගෝපදේශය පහත සබැඳියෙන් ලබා ගන්න.
 

 

pic 1

 නව විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩී.එම්.පී ජයවර්ධන මහතා පත් වේ.

 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩී.එම්.පී ජයවර්ධන මහතා 2021.06.07 වන දින රාජකාරී භාර ගත්තේය.

 පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ මහතා ඒ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ආයතන) ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව   අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් ව සිටියි.
 
 සමාජ සේවා අමාත්‍යාංශය,කර්මාන්ත හා ක්‍රීඩා අමාත්‍යාංශය,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,රාජ්‍ය කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සේවය කර   ඇති ඒ මහතා අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකි.
 
 ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් සිදුකරන තාක්ෂණික සහ නව්‍යකරණ කටයුතු සඳහා සංවර්ධනය හා පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු   අත්දැකීම් සම්භාරය බෙහෙවින් ඉවහල් වනු ඇත. නව විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉදිරි රාජකාරී කටයුතු වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන සියලුම   නිලධාරින්, දෙපාර්තමේන්තුවට අනුයුක්තව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යලයන්හි කටයුතු කරන නිලධාරින් ඇතුළු ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ සුබාශිංසන මෙසේ පිරිනමන්නෙමු.
 

 

pic 1

විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා විශ්රාම වැටුප් අතිරේක අධ්යක්ෂ ජනරාල්තුමන්ට සුබාශිංසන.

ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිදු කරන මෙහෙවර පිටුපස දැවැන්‍ත භූමිකාවක් ඉටු කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කේ රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා දෙපාර්තමේන්තුවේ රාජකාරියට සමුදෙමින් නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්ව යනු ලබයි.

2015 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ (පාලන) ලෙසින් පත්ව ආ ඒ මහතා පසුව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවිධාන සහ සංවර්ධන) ලෙස දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ ඉන් ඔබ්බට සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරනු ලැබුවේ ය. 
 
රාජ්‍ය නිලධාරියකු ලෙස සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඉලක්ක හඹායමින් සම්පූර්ණ කිරීමටත් නව්‍යකරණය යථාර්ථයක් කර ගැනීමටත් ඔහු දුන් දායකත්වය ප්‍රශංසනීය ය.
 
විශ්‍රාම ‍ගැන්වෙන අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාට සමානාත්මතාවයෙන් සලකන පද්ධතියක් නිර්මාණය කිරීමට ද ඔහු අප්‍රමාණ දායකත්වයක් ලබා දුන්නේය.
 
විශ්‍රාම වැටුප රජයේ සේවයේ විශ්‍රාමිකයන් ගෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම ලබා දීම වෙනුවෙන් සෑම විටම පෙනී සිටි නිලධාරියෙකි.
 
රාජ්‍ය සේවය පිළිබඳ ඇති පරිචයත් පරිපාලනය පිළිබඳ ඔහු සතු පෘතුල දැනුමත් තවදුටරත් මෙරට රාජ්‍ය සේවය වෙනුවෙන් ලබා දීමටත් ඔහුගේ අනාගත වෘත්තිමය ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමටත් අප විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට මෙසේ සුබාශිංසන ලබා දෙන්නෙමු.