pic 1

 විශ්‍රාම වැටුප් කඩිනමින් සක්‍රීය කිරීමේ විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සම්මුඛ පරීක්ෂණයට විශ්‍රාමිකයන් 400ක් රමින් පසුගිය සෙනසුරාදා දිනයේ (19) විශ්‍රාමිකයන් 400 දෙනෙකු සඳහා සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය සිදු කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ප්‍රමාද වූ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවා රාත්‍රී මෙන්ම සති අන්තයේදී ත් අඛණ්ඩව මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මේවන විට ලැබී ඇති සියලුම විශ්‍රාම වැටුප් අයදුම්පත්වලට අදාළ කටයුතු මෙම ක්‍රමවේදය ඔස්සේ සැප්තැම්බර් අග වනවිට අවසන් කිරීමට කටයුතු කරනු ලබයි.

පසු ගිය ජුලි සහ අගෝස්තු මාසවලදී පමණක් මෙම ක්‍රියාවලිය ඔස්සේ විශ්‍රාමිකයන් 4129 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමට දෙපාර්තමේන්තුව සමත් විය. මීට ඉහත දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ක්‍රියාවලිය තුළ මසකට විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ අපේක්ෂිත සංඛ්‍යාව වූයේ 2500 කි. ඒ අනුව පසුගිය මාසයේ වාර්තාගත විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් සක්‍රීය කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමත් විය.