සෑම වසරකම ආරම්භයේ විශ්‍රාමිකයින් විසින් ලබා දිය යුතු විශ්‍රාමික ජීවිත සහතික අයදුම්පත් හා වැටුප් විස්තර ලේඛණය විශ්‍රාමිකයින් වෙත ලබා දීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදාල ලේඛන විශ්‍රාමිකයින් වෙත තැපැල් මගින් හා ග්‍රාම නිලධාරින් මගින් බෙදා දීම සිදු කෙරේ.තවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන්ද වාර්ෂික ජීවිත සහතික අයදුම්පත් ලබා ගැනීමට විශ්‍රාමිකයාට හැකියාව ඇත.
ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.pensions.gov.lk වෙත පිවිසීමෙන් හෝ ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම ජිවිත සහතිකය නොමිලයේම විශ්‍රාමික ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී. මෙලෙස ජිවිත සහතික ලබා ගැනීමේදී කිසිඳු බාහිර පාර්ශවයක මැදිහත් වීමක් හෝ කිසිඳු ආකාරයක මුදල් ගෙවිමක් අවශ්‍ය නොවන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියළු විශ්‍රාමිකයින් වෙත අවධාරණය කර සිටී.
මෙම ජීවිත සහතිකය පුරවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර 2020.03.31 දිනට ප්‍රථම ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙනැවිත් බාර දිය යුතු අතර, එදිනට පෙර ජිවිත සහතික ලබා නොදෙන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් 2020 මැයි මාසයේ සිට නතර කිරිමට සිදුවන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක විවැ/දි.ස/ජී.ස/2020 හා 2019.12.06 ලිපියෙන් දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීම සඳහා සෘජුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇමතීමෙන් ලබා ගත හැකිය.