Latest News & Events
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ ඉදිරියේ දී ඇති වීමේ අවධානමක් මතුව තිබෙන ආහාර අර්බුදය සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් සූදානම් කිරීමක් ලෙස බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වෙමින් ගෙවතු වගා කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම හා ඒ සඳහා නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් 2022.06.08 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
නාගරික පරිසරයේ සීමිත ඉඩ ප්‍රමාණයක් පවතින නිවාසවල මෙන්ම අනෙකුත් නිවාසවල ගෙවතු වගාවන් සඳහා යොමු විය හැකි නවීන ක්‍රම පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරුණු අතර වගාවක් සඳහා බීජ සකස් කර ගැනීම, තවාන් දැමීම, කාබනික පොහොර නිර්මාණය කර ගැනීම ආදී අංශ ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් භෝග වගා කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටළු තාක්ෂණික කරුණු පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහි දී සාකච්ඡා විය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් දෙපාර්තමේන්තුගත සියලුම නිලධාරීන් වෙත භෝග වර්ග කිහිපයකට අදාළව වටිනා බීජ පැකැට්ටු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය සහ ගෙවතු වගාව පිළිබඳ තොරතුරු අන්තර්ගත කෙරුණු ග්රන්ථයක් ලබා දීම ද මෙහි දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට බස්නහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර පළාත් අධ්යක්ෂ ගීතානි ස්වරණලතා මහත්මිය,කෘෂිකර්ම උපදේශක සී.එන්.එස් දිල්හාන් මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඩී.එම්.පී ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගි විය.








යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන් හි විශ්‍රාම වැටුප් සම්බන්ධ ක්‍රියාවලිය මෙහෙයවනු ලබන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් කණ්ඩායමක් 2022.04.07 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.
මධ්‍යගත දත්ත පද්ධතියක් හා යා වෙමින් මාර්ගගත ක්‍රියවලිය ඔස්සේ විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුවන ආකරය සහ ත්‍රිවිධ හමුදාවන්ට අදාළව සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය පිළිබඳ මෙහි දී නිලධාරීන් දැනුම්වත් කිරීම සිදු කරනු ලැබීය.
එමෙන්ම වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ හා එම ලිපිගොණු නිවැරදිව යාවත්කාලීන කිරීම පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කරනු ලැබිණි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත සහ විමධ්‍යගත ලෙස දෙයාකාරයකින් සිදුකෙරෙන විශ්‍රාම වැටුප් ලියාපදිංචි කීරිම් ඇතුළු ගෙවීම් ක්‍රියාවලිය ඒ ඒ අංශවලින් සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට ද එම නිලධාරීන්ට අවස්ථාව හිමි විය. විශ්‍රාම යන අවස්ථාවේ සෑම රාජ්‍ය නිලධාරියකු ම අනිවාර්යයෙන් සහභාගි විය යුතු සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය සිදුවන ආකාරය ද මෙහි දී නිරීක්ෂණය කෙරිණි.
මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරින් 5 දෙනෙකු ඇතුළු සෙසු නිලයන් 30 දෙනෙකු සහභාගී විය.
Latest News & Events
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බක්මහ සැණකෙළිය-2023
- විශ්‍රාමිකයන් සඳහා නව හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාර්යබහුල වැඩ අධික හා අභියෝගාත්මක 2023 නව වසරේ රාජකාරී අරඹයි.
- අග්‍රාමාත්‍යවරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක
- විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම තවත් දිස්ත්‍රික්ක තුනක දී ආරම්භ වේ.