forigen pen21

මෙරට සමස්ත විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් ගෙවීම් කළමනාකරණය කරනු ලබන රාජ්‍ය ආයතනය වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වර්තමාන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුව අයත් රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන ආමාත්‍යාංශයේ නව ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (2024.03.07) දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

විශ්‍රාමික අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව විශ්‍රාමිකයන්ගේ පළමු විශ්‍රාම වැටුප සක්‍රීය කරනු ලබන දෙපාර්තමේන්තුවේ විමධ්‍යගත අංශය මෙන්ම මධ්‍යගත, තොරතුරු තාක්ෂණ,වැන්දඹු හා අනත්දරු, පාලන, විදෙස් විශ්‍රාම, ප්‍රතිපත්ති, දායක මුදල්, අභ්‍යන්තර විගණන, සන්නද්ධ සේවා, ගිණුම්, 1970 ක්ෂණික ඇමතුම් අංශය ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලුම අංශයන්හි ක්‍රියාවලින් සිදු වන ආකාරය ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

වසර ගණනාවක සිය රාජකාරි ඉතිහාසය පුරා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කර ඇති බැවින් විශ්‍රාමිකයන් ට බලපාන පොදු ගැටලු සම්බන්ධයෙන් තමා වෙත මනා දැනුමක් පවතින බැවින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක් වී එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා මෙහි දී සඳහන් කරන ලදී.

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ ක්‍රම්වේදය වන විශ්‍රාම වැටුප් ක්‍රමය පවත්වාගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය සකස් කර ඇති ආකාරය ඒ මහතාගේ ප්‍රශංසාවට හේතු විය. එම ක්‍රියාවලිය සංවිධානාත්මක සහ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යමින් විශ්‍රාමික ප්‍රජාවගේ සුභ සාධනය වෙනුවෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සිදු කරනු ලබන මෙහෙවර එතුමාගේ ප්‍රසංසාවට ලක් විය

 alt=             
                          

 

forigen pen21

සවිමත් අනාගතයකට පෙරවදනක් යන තේමාව පෙරදැරිව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ 2024 නව වසර පිළිගැනීම සහ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (01) පැවැත්විණි.

රාජ්‍ය සේවා ප්‍රතිඥාවේ දිවුරුම් දෙමින් හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආරම්භ කළ කෙටි උත්සවයක් සමඟ නව වසරේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

එහි දී චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වා ආගමික වතාවත් සිදු කළ අතර රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිපිදූ සියල්ලන් සිහිපත් කරනු ලැබිණි.

 මෙහි දී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් නව වසර වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අමතා සුභ පැතුම් එක් කළ අතර ගත වූ 2023 වසරේ දී විවිධ අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය අඛණ්ඩවත් නිරවද්‍ය ලෙස හා විනිවිදභාවයෙන් යුතුවත් සිදු කිරීමට දායක වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රධානීන් ඇතුළු විශ්‍රාම වැටුප් විෂය භාර නිලධාරීන් කළ කැපවීම් කෘතවේදීව සිහිපත් කරන ලදී.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 65 බවට පත් කිරීමත් ඉන් පසු නැවත එය අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමටත් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය අනුව විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2023 වසර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අතිශය කාර්යබහුල හා වැඩ අධික වසරක් වූ අතර එම වසර තුළ දී සිවිල් සහ සන්නද්ධ  හමුදා විශ්‍රාමිකයන් 40,000 කට අධික ප්‍රමාණයක් සඳහා විශ්‍රාම වැටුප් සක්‍රීය කර ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් මෙහිදී සඳහන් කළේය. එම කාල සීමාව තුළ සක්‍රීය කරනු 11,700 කට අධික වැන්දඹු හා අනත්දරු විශ්‍රාමිකයන් ගණන සමඟ 2023 වසරේ දී සක්‍රීය කරනු ලැබූ මුළු විශ්‍රාම වැටුප් සංඛ්‍යාව 51,700 අභිබවා යන බැවින් එය දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසරක් තුළ සක්‍රීය කරනු ලැබූ වැඩිම විශ්‍රාම වැටුප් ප්‍රමාණය බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී. 

එලෙසම විශ්‍රාම පාරිතෝෂික වශයෙන් විශ්‍රාමිකයන් 55,100 කට පමණ රුපියල් මිලියන 64,998 ක් මහා භාණ්ඩාගාරයේ සහාය නොමඳව ලබා ගනිමින් ගෙවීමට හැකි විය. එමඟින් මෙතෙක් පැවති පාරිතෝෂික ගෙවීමේ ප්‍රමාදය අවසන් කිරීමට ද හැකි විය. එසේම 2023 වර්ෂය සඳහා අනුමත අයවැය ප්‍රතිපාදනය වන රුපියල් බිලියන 418.7 න් රුපියල් බිලියන 416.1 ක් එනම් 99.4% ප්‍රතිපාදන භාවිත කිරීමට ද හැකි විය.

2024 වර්ෂයේ දී පසුගිය වර්ෂයේ මෙන් පීඩනයකින් තොරව රාජකාරී ඉටු කර ගැනීමේ හැකියාවක් පවතින බැවින් වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව විශ්‍රාමික ප්‍රතිලාභ රජයේ විශ්‍රාමිකයන්ට සහ පසු ප්‍රතිලාභීන්ට ගෙවීමට හැකිවන බවට විශ්වාසය පළ කරනු ලැබූ අතර සියලුම නිලධරයන්ට මෙන්ම විශ්‍රාමික ප්‍රජාවටත් නිරෝගිමත් සහ සෞභාග්‍යමත් කාලයක් උදාවේවායි යන්න ප්‍රාර්ථනා කළේය.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම් පරාක්‍රම ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහභාගි විය.

          

 alt=             
                          

 

forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්ට අදාළව විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා ගෙවීම් කරනු ලබන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් කණ්ඩායමක් 2023.12.14 වැනි දින අධ්‍යයන චාරිකාවක නිරත විය. සන්නද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ හා ඔවුන්ගේ යැපෙන්නන්ට අදාළව විශ්‍රම වැටුප් ප්‍රතිලාභ ගණනය කිරීම් සිදු කරනු ලබන ආකාරය හා වැන්දඹු අනත් දරු ක්‍රමවේදය පිළිබඳ පැමිණි නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සිදු කිරීම දක්වා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඒ ඒ අංශයන් හි කාර්ය භාරය නිරීක්ෂණය කිරිමට ද ඔවුන්ට මෙහි දී අවස්ථාව හිමි විය. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ නිලධාරීන් 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වී සිටියහ.

          

 alt=