pensionsdayවිශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 4/2020 සංශෝධන(i) - කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්ස්සේ අයදුම්පත යොමුකිරීමට නොහැකි වූ එහෙත් විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ නිලධරයන්ට/විශ්‍රාමිකයන්ට සහන සැලසීම. 4/2020 සංශෝධන(i) විශ්‍රාම වැටුප් චක්‍රලේඛය ලබා ගැනීමට මේ මත CLICK කරන්න.

pic 1
 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි වැන්දඹු අනත්දරු අංශයෙහි වසර හයකට ආසන්න කාලයක් සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කේ.කේ පත්මසිරි මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි මධ්‍යගත සහ විමධ්‍යගත විශ්‍රාම වැටුප් අංශයන්හි සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්.ජී.ඩබ් ඥානදයාලන් මහතා වාර්ෂික ස්ථාන මාරු ලබා පසු ගිය දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සේවයට සමු දුන්නේය. ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව ඇතුළු ඔවුන්ගේ උරුමකරුවන්ගේ ප්‍රතිලාභ ලබා දීමේ දී ඒ හා සබැඳි ලිපිගොණු පිලිබඳව මානුෂීය දෘශ්ටියකින් යුතුව ගණුදෙනු කරමින් වැන්දඹු අනත්දරු අංශයෙහි සේවාවන් සංවර්ධනයෙහි ලා විශාල කැපවීමක් සිදු කළ කේ.කේ පත්මසිරි මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස පත්ව ගියේය. එමෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි මධ්‍යගත සහ විමධ්‍යගත අංශයන්හි සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් විශ්‍රාමිකයන් ලියාපදිංචි කිරීම් සහ ගණන් බැලීමේ ක්‍රියාවලින් වේගවත් සහ කඩිනම් කිරීමට දායක වූ ඩබ්.ජී.ඩබ් ඥානදයාලන් මහතා මැතිවරණ කොමිෂන් සභාවෙහි සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස පත් වීම් ලැබ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සේවයෙන් නික්ම ගියේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති සමුගැනීමේ උළෙල සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන්, විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමන්, ප්‍රධාන ගණකාධිකාරිතුමන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී විය.