Uncategorised
සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වශයෙන් සන්නද්ධ හමුදා තුනක් ස්ථාපනය කර ඇත. මෙම හමුදා ත්‍රිත්වය සඳහා පිළිවෙලින් 1949 අංක 17 දරන යුද්ධ හමුදා පනත, 1949 අංක 41 දරන ගුවන් හමුදා පනත හා 1950 අංක 34 දරන නාවික හමුදා පනත හා කලින් කලට කරනු ලබන සංශෝධන ප්‍රකාරව ස්ථාපනය කරන ලද නීති රීති හා රෙගුලාසි මඟින් සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කරනු ලබයි.
![](/images/force-headerimg.jpg)
යුද්ධ හමුදා පනතේ 29 හා 155 වගන්ති අනුව සම්පාදනය කරන ලද 1981 යුද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය, ගුවන් හමුදා පනතේ 29 හා 155 වගන්ති අනුව සම්පාදනය කරන ලද ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය සහ නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ සම්පාදන කරන ලද 1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය සන්නද්ධ සේවා සාමාජිකයින් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ දී පාදක කරගනු ලබන ප්‍රධාන නෛතික මුලාශ්‍ර වේ.
සන්නද්ධ සේවා අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් ගෙවීම්
හමුදා සංශෝධන (Postal Type 07)
විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ පාරිතෝෂිකයක් ගෙවන ලද හමුදා නිලධාරීන්ට ඔවුන්ගේ ඒකාබද්ධ වැටුප වැඩිවීම (සලකා දීමනා, වෙනත් දීමනා සංශෝධනය වීම, නිලයේ සිදුවන සංශෝධන සහ දුබලතා හිමිගැන්වීම ආදී කරුණු) හේතුවෙන් සේවා විශ්‍රාම වැටුපෙහි සිදුවන සංශෝධන සිදුකිරීම මෙහිදී සිදුවේ.
හිමිකම් ලබන නිලධාරීන් :
- දැනටමත් සේවා විශ්‍රාම වැටුපක් ලබමින් සිටින විශ්‍රාමිකයින්
- පාරිතෝෂිකයක් පමණක් හිමිගන්වා විශ්‍රාම ගන්වා ඇති හමුදා සාමාජිකයින්
අවශ්‍ය ලේඛන :
- සංශෝධන අයදුම්පත
- පෙර ගෙවීමට අදාල ප්‍රදාන පත්‍රවල පිටපත්
- සහතික කරන ලද බැංකු පිටපතක්
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘති පත්‍රය
ප්රතිශෝධන (වයස අවු. 55 දී සිදුකරනු ලබන) (Postal Type 25)
දුබලතා මත විශ්‍රාම ගොස් අවු. 55 සම්පූර්ණ වන තෙක් වැටුප් ලබන හමුදා සාමාජිකයින්ගේ අවු. 55 දී ලබන වැටුප පදනම් කරගෙන කරනු විශ්‍රාම වැටුපෙහි කරනු ලබන සංශෝධනය යි.
හිමිකම් ලබන නිලධාරීන් :
- දුබලතා මත විශ්‍රාම ගොස් අවු. 55 සම්පූර්ණ වන තෙක් වැටුප් ලබන හමුදා සාමාජිකයින්
- මෙහෙයුම් කලාපවල දී දුබලතාවයට පත්වූ හමුදා සාමාජිකයින්
අවශ්‍ය ලේඛන :
- ප්රතිශෝධන අයදුම්පත
- කලින් ගෙවීමට අදාල ප්‍රදාන පත්‍රවල පිටපත්
- සහතික කරන ලද බැංකු ගිණුමේ පිටපතක්
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘති පත්‍රය
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
සේවා කාලය වසර 10/12 ට අඩු සේවා විශ්‍රාම වැටුප් (Postal Type 11)
සේවා කාලය වසර 10/12 ට අඩු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ හමුදා සාමාජිකයින් සඳහා මෙම වැටුප හිමිගන්වනු ලබයි. Type 59 යටතේ ගෙවීම් සිදු වේ.
2014.12.17 දිනට පෙර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයින්ට එම දින සිට ද 2014.12.17 දිනට පසු විශ්‍රාම ගිය හමුදා සාමාජිකයින්ට විශ්‍රාම ගිය දිනය පදනම් කරගෙන ද ගෙවීම් සිදුකරනු ලබයි.
විශ්‍රාම යන විට දී ලබා ගත් වැටුපෙන් 60% ක ප්‍රතිශතයක් මෙම සේවා විශ්‍රාම වැටුප හිමිගැන්වීමේදී ගෙවීම් කරනු ලබයි.
හිමිකම් ලබන නිලධාරීන් :
- සේවා කාලය වසර 10/12 ට අඩු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ හමුදා සාමාජිකයින් සඳහා
- 2014.12.17 දිනට පෙර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයින්ට එම දින සිට ද 2014.12.17 දිනට පසු විශ්‍රාම ගිය හමුදා සාමාජිකයින්ට විශ්‍රාම ගිය දිනය පදනම් කරගෙන ද ගෙවීම් සිදුකරනු ලබයි.
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- බැංකු ගිණුමේ සහතික කල පිටපතක්
- උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක්
- සේවා විශ්‍රාම වැටුප ලබාගැනීමට කැමති බවට දිවුරුම් ප්‍රකාශයක් (රජයට අයවීම් සම්බන්ධයෙන්)
- වැටුප් විස්තරයක්
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘතිය
- නමේ වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක්
යැපීම් දීමනා (Postal Type 04)
යුධ හමුදා සේවයේ යෙදී සිටියදී මිය යන අයවලුන්ගේ මිය යාම හමුදා සේවයට අදාල බවට තීරණය කරන කල්හි හා යුධ හමුදා සේවය නිසා සිදුවන දුබලතාවයන් නිසා විශ්‍රාම ගැන්වූ අයකු මිය ගිය අවස්ථාවක ඔහුගේ මිය යාම යුධ හමුදාවෙන් ඉවත් කරන අවස්ථාවේදී බල පැවැත්වූ රෝගයක් හේතුවෙන් නිසා යන්න තීරණව වුවහොත් ඔහුගේ යැපෙන්නන්ට යැපෙන්නන් වෙනුවෙන් ගෙවනු ලබන දීමනාවන් ගෙවිය හැක.
මෙසේ යුධ හමුදා සේවය නිසා සිදුවන දුබලතාවයන් හා මිය යාම වෙනුවෙන් යැපෙන්නන්ට සිදුවන පාඩුව පිරිමැසීම සදහා ගෙවනු ලබන දීමනාව යැපීම් දීමනාව ලෙස හැඳින්වේ.
හිමිකම් ලබන නිලධාරීන් :
- වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වා සිටියදි සිදුවන මියයන හමුදා සාමාජිකයින්ගේ යැපෙන්නන් (සියලුම හේතූන්)
- සේවයේ යෙදී සිටියදී හා නිවාඩු මත සිටියදී රෝගාබාධ වලින් මියයන හමුදා සාමාජිකයින්ගේ යැපෙන්නන්
- සේවයේ යෙදී සිට නිවාඩු ලබා නිවසට යාමේදී හා නිවාඩු අවසන්ව නැවත සේවයට වාර්තා කරන අතරතුර සිදුවන රිය අනතුරු හේතුවෙන් මියයන හමුදා සාමාජිකයින්ගේ යැපෙන්නන්
දැනට යැපීම් දීමනා ගෙවීම් නොකරනු ලබන අවස්ථා :
- නිවාඩු මත සිටියදී සිදුවන රිය අනතුරු සහ වෙනත් විවිධ අනතුරු
- හෘදයාබාධ, ස්වභාවික මරණ
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- FORCES 01 ආකෘති පත්‍රය
- යුද්ධ/ගුවන්/නාවික හමුදාධිපති නිගමනය
- වෛද්‍ය මණ්ඩල වාර්තාව
- සෙබළාගේ උප්පැන්න සහතිකය
- සෙබළාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- සෙබළාගේ මරණ සහතිකය
- දිවුරුම් ප්‍රකාශය (සෙබළාගේ නමේ වෙනසක් ඇත්නම්)
- යැපෙන්නන් වෙනුවෙන් සැපයෙන ප්‍රා.ලේ. වාර්තාව
විවාහක නම් :
- සෙබළාගේ විවාහ සහතිකය
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකය
- වැන්දඹුවගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- වැන්දඹුවගේ වර්තමාන සිවිල් තත්ත්වය පිළිබඳ වාර්තාව
- වැන්දඹුවගේ බැංකු ගිණුම් පොතේ පිටපත
- දිවුරුම් ප්‍රකාශය (වැන්දඹුවගේ නමේ වෙනසක් ඇත්නම්)
- දරුවන්ගේ උප්පැන්න සහතික
- දරුවන්ගේ බැංකු ගිණුම් පොත්වල පිටපත්
- දියණියගේ සිවිල් තත්ත්වය පිළිබඳ වාර්තාව (වයස අවු. 18ට වැඩි නම්)
- සෙබළාගේ වෙනත් විවාහයක් ඇත්නම් වෙනත් විවාහයක/විවාහයන් වල විවාහ සහතික
- දික්කසාද වී ඇත්නම් දික්කසාද සහතිකය/ සහතික
- වැන්දඹුව නැවත විවාහ වී ඇත්නම් එම විවාහයේ විවාහ සහතිකය
- අනත්දරුවාගේ/දරුවන්ගේ භාරකාරීත්වය පත් කළ ප්‍රා.ලේ. වාර්තාව
- භාරකරුවාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- භාරකරුවාගේ බැංකු ගිණුම් පොතේ පිටපත
- දිවුරුම් ප්‍රකාශය (භාරකරුවාගේ නමේ වෙනසක් ඇත්නම්)
අවිවාහක නම් :
- සෙබළා කුඩාකළ දෙමව්පියන්/මව/පියා විසින් ඔහුට පෝෂණය හා රැකවරණය සැපයූ බවට ප්‍රා.ලේ. වාර්තාව
- සෙබළා මියයන විට ඔහු විසින් දෙමව්පියන්/මව/පියා පෝෂණය කළ බවට ප්‍රා.ලේ. වාර්තාව
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ උප්පැන්න සහතිකය
- මවගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- මවගේ බැංකු ගිණුම් පොතේ පිටපත
- දිවුරුම් ප්‍රකාශය (මවගේ නමේ වෙනසක් ඇත්නම්)
- පියාගේ උප්පැන්න සහතිකය
- පියාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- පියාගේ බැංකු ගිණුම් පොතේ පිටපත
- දිවුරුම් ප්‍රකාශය (පියාගේ නමේ වෙනසක් ඇත්නම්)
- මව/පියා මිය ගොස් ඇත්නම් මරණ සහතිකය
- දෙමව්පියන් දික්කසාද වී ඇත්නම් දික්කසාද සහතිකය
සේවා දුබලතා විශ්‍රාම වැටුප් (Postal Type 14)
සේවා කාලය වසර 10/12 ට වැඩි ත්‍රස්තවාදී/ සේවයට අදාල වෛද්‍ය හේතූන් මත දුබලතාවයට පත්වූ හමුදා සාමාජිකයින්ට සේවා විශ්‍රාම වැටුප සමඟ දුබලතා විශ්‍රාම වැටුප හිමිගැන්වීම මෙහිදී සිදුවේ.
හිමිකම් ලබන නිලධාරීන් :
- සේවා කාලය වසර 10/12 ට වැඩි ත්‍රස්තවාදී/ සේවයට අදාල වෛද්‍ය හේතූන් මත දුබලතාවයට පත්වූ හමුදා සාමාජිකයින්ට
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- බැංකු ගිණුමේ සහතික කල පිටපතක් (තනි පුද්ගල)
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘති පත්‍රය
- නමේ වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශය
හමුදා මරණ පාරිතෝෂික (Postal Type 16)
සේවයේ යෙදී සිටියදී මියයන හමුදා සාමාජිකයින් වෙත ගෙවනු ලබන පාරිතෝෂික මුදලකි.
හිමිකම් ලබන නිලධාරීන් :
- වසර 5ට වඩා සේවා කාලයක් හිමි සේවයේ යෙදී සිටියදී මියයන හමුදා සාමාජිකයින්
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- මරණ සහතිකයේ සහතික කල පිටපතක්
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘති පත්‍රය
- FORCES 01 ආකෘති පත්‍රය
සේවා පාරිතෝෂික (Postal Type 02)
සේවා කාලය වසර 10 ට වැඩි 20/22 ට අඩු හමුදා නිලධාරීන් වෙත ගෙවනු ලබන පාරිතෝෂික මුදලකි.
හිමිකම් ලබන නිලධාරීන් :
- සේවා කාලය වසර 10 ට වැඩි 20/22 ට අඩු හමුදා නිලධාරීන්
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- බැංකු ගිණුමේ සහතික කල පිටපතක් (තනි පුද්ගල) (BOC/NSB/PB)
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘති පත්‍රය
- නමේ වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශය
දුබලතා වැටුප් (Postal Type 13)
හමුදා සේවයේ යෙදී සිටියදී හමුදා මෙහෙයුම් වලදී හෝ රාජකාරියේ නියුතුව සිටියදී රෝගී තත්ත්වයට පත්වීමෙන් හෝ අනතුරකට භාජනය වීමෙන් දුබලතාවයට පත්වන හමුදා සාමාජිකයින් හමුදා වෛද්‍ය මණ්ඩලයක් මඟින් සේවයට නුසුදුසු බව තීරණය කර යුද්ධ/ නාවික/ ගුවන් හමුදාධිපතිවරුන් විසින් නිර්දේශ කර ඇත්නම් ඔහුට දුබලතා විශ්‍රාම වැටුපක් හිමිගන්වනු ලැබේ. මෙම දුබලතා විශ්‍රාම වැටුප නිලධාරියාට හිමි සේවා විශ්‍රාම වැටුපට අමතරව ගෙවනු ලැබේ.
හිමිකම් ලබන නිලධාරීන් :
- හමුදා සේවයේ යෙදී සිටියදී හමුදා මෙහෙයුම් වලදී හෝ රාජකාරියේ නියුතුව සිටියදී රෝගී තත්ත්වයට පත්වීමෙන් හෝ අනතුරකට භාජනය වීමෙන් දුබලතාවයට පත්වන හමුදා සාමාජිකයින්
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘති පත්‍රය
විශේෂ වන්දි (Postal Type 18)
සේවයේ යෙදී සිටින විට, සේවයට වාර්තා කරන අතුරතුර හෝ සේවයට අවසන් කර ආපසු යන අතරතුර අනතුරක් සිදුවීමෙන් මියයන හමුදා සාමාජිකයින්ට ගෙවනු ලබන දීමනාවකි.
හිමිකම් ලබන අය :
- සේවයේ යෙදී සිටින විට, සේවයට වාර්තා කරන අතුරතුර හෝ සේවයට අවසන් කර ආපසු යන අතරතුර අනතුරක් සිදුවීමෙන් මියයන හමුදා සාමාජිකයින්ගේ යැපෙන්නන්
අවශ්‍ය ලේඛන :
- වන්දි ආකෘති පත්‍රය
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- වන්දි කමිටු වාර්තාවේ සහතික කල පිටපතක්
- FORCES 01 ආකෘති පත්‍රය
1/24 දීමනාව (Postal Type 15)
වසර 2 - 2 ½ ට වැඩි අවු. 10 ට අඩු වෛද්‍ය හේතූන් මත අස්ව යන හමුදා නිලධාරීන්ට සේවය කල කාලය අනුව සිදුකරන ගෙවීමකි. මෙහිදී මූලික වැටුප 24 න් බෙදා වැඩ කල මාස ගණනින් ගුණ කිරීමෙන් මෙම දීමනාව ගණනය කරනු ලබයි.
හිමිකම් ලබන නිලධාරීන් :
- වසර 2 - 2 ½ ට වැඩි අවු. 10 ට අඩු වෛද්‍ය හේතූන් මත අස්ව යන හමුදා නිලධාරීන්
අවශ්‍ය ලේඛන :
- සේවා පාරිතෝෂික අයදුම්පත්‍රය
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- බැංකු ගිණුම් පිටපතක්
- FORCES 01 ආකෘති පත්‍රය
- නමේ වෙනසක් වේ නම් දිවුරුම් ප්‍රකාශයක්
උරුමකරු ගෙවීම් (Postal Type 04)
විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප හා පාරිතෝෂිකය ලබාගැනීමට පෙර මියයන හමුදා සාමාජිකයින්ගේ උරුමකරුවන්ට මෙම දීමනාව ගෙවනු ලබයි.
හිමිකම් ලබන අය :
- විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප හා පාරිතෝෂිකය ලබාගැනීමට පෙර මියයන හමුදා සාමාජිකයින්ගේ උරුමකරුවන්
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- නිලධාරියාගේ මරණ සහතිකය
- විවාහ සහතිකය
- නිලධාරියාගේ උප්පැන්න සහතිකය
- දරුවන්ගේ උප්පැන්න සහතික වල පිටපත්
- බැංකු පිටපත් (වැන්දඹුවගේ සහ දරුවන්ගේ)
- ජාතික හැඳුනුම්පතේ පිටපතක් (වැන්දඹුවගේ)
- ජාතික හැඳුනුම්පතේ පිටපතක් (නිලධාරියාගේ)
- ප්‍රාදේශීය ලේකම් වාර්තාව
- නම්වල වෙනස්කම් පවතී නම් දිවුරුම් ප්‍රකාශය
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය (නිලධාරියා අවිවාහක නම්)
- දෙමව්පියන්ගේ හැඳුනුම්පත් වල පිටපත් (නිලධාරියා අවිවාහක නම්)
- දෙමව්පියන්ගේ බැංකු පිටපත් (නිලධාරියා අවිවාහක නම්)
- FORCES 01 ආකෘතිය
නැවත සේවයේ යෙදී සිටියදී සිදුවන මරණ (Postal Type 12)
නැවත සේවයේ යෙදී සිටින අතරතුර හමුදා සාමාජිකයන් මියගිය විට දෙනු ලබන පාරිතෝෂික මුදලකි.
හිමිකම් ලබන නිලධාරීන් :
- නැවත සේවයේ යෙදී සිටින අතරතුර මියයන හමුදා සාමාජිකයන්ගේ යැපෙන්නන්
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- නිලධාරියාගේ මරණ සහතිකය
- විවාහ සහතිකය
- නිලධාරියාගේ උප්පැන්න සහතික
- දරුවන්ගේ උප්පැන්න සහතික වල පිටපත්
- බැංකු පිටපත් (වැන්දඹුවගේ සහ දරුවන්ගේ)
- ජාතික හැඳුනුම්පතේ පිටපතක් (වැන්දඹුවගේ)
- ජාතික හැඳුනුම්පතේ පිටපතක් (නිලධාරියාගේ)
- ප්‍රාදේශීය ලේකම් වාර්තාව
- නම්වල වෙනස්කම් පවතී නම් දිවුරුම් ප්‍රකාශය
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය (නිලධාරියා අවිවාහක නම්)
- දෙමව්පියන්ගේ හැඳුනුම්පත් වල පිටපත් (නිලධාරියා අවිවාහක නම්)
- දෙමව්පියන්ගේ බැංකු පිටපත් (නිලධාරියා අවිවාහක නම්)
- FORCES 01 ආකෘතිය
- කලින් ගෙවූ පාරිතෝෂිකයේ ප්‍රදාන පත්‍රය
සේවා දුබලතා විශ්‍රාම වැටුප් (නැවත සේවා)
නැවත සේවයේ යෙදී සිටියදී දුබලතාවයට පත්වන නිලධාරීන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුප මෙමඟින් හැඳින්වේ.
හිමිකම් ලබන නිලධාරීන් :
- නැවත සේවයේ යෙදී සිටියදී දුබලතාවයට පත්වන නිලධාරීන්ට
අවශ්‍ය ලේඛන :
- අයදුම්පත
- නිලධාරියාගේ උප්පැන්න සහතික
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- බැංකු ගිණුමේ පිටපතක්
- නිලධාරියාගේ ඡායාරූප 03ක් (සහතික කල)
- භාණ්ඩාගාර 148 (පිටපත් 2ක්), 147 (1ක්)
- කලින් ගෙවූ පාරිතෝෂිකයේ ප්‍රදාන පත්‍රයේ පිටපතක්
- FORCES 1 ආකෘතිය
- මනාප ප්‍රකාශන පත්‍ර පිටපත් 02 ක්
- ආදර්ශ අත්සන් පත්‍රිකා පිටපත් 02 ක්
- නමෙහි වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්
- වෛද්‍ය මණ්ඩල වාර්තාව දුබලතාවයට අදාල
- සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් ආකෘතිය
1740 ගැසට් පත්‍රයට අනුව ගෙවීම් (Postal Type 17)
නිත්‍ය සේවයේ හමුදා නිලධාරීන්ට ලබා දුන් ප්රතිලාභ ස්වෙච්ඡා සේවයේ නිලධාරීන්ට ද හිමි ගැන්වීම මෙම ගැසට් පත්‍රය මඟින් සිදුවිය.
උදා: වසර 10 /12 ට වැඩි සේවා කාලයක් හිමි වෛද්‍ය හේතූන් මත ඉවත් වන නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම.
හිමිකම් ලබන නිලධාරීන් :
- ස්වෙච්ඡා සේවයේ නිලධාරීන්
අවශ්‍ය ලේඛන :
- අයදුම් පත්‍රය
- ගෙවූ පාරිතෝෂිකයට අදාල ප්‍රදාන පත්‍රයේ පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්
- බැංකු පොතේ සහතික කල පිටපතක්
- FORCES 01 ආකෘති පත්‍රය
විදේශ විශ්‍රාම වැටුප
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේශ විශ්‍රාම වැටුප් අංශය විසින් වෙනත් රටක පුරවැසිභාවය දරන හෝ ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව පුරවැසිභාවය දරන හෝ වසර දෙකකට වැඩි කාලයක් සඳහා විදේශගත වන ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින් සඳහා විදේශ විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු කරයි. විශ්‍රාම වැටුප් චක්‍රලේඛය අංක 1/2018 යටතේ විදේශ විශ්‍රාම වැටුප් නියාමනය කරනු ලැබේ.
![](/images/foreignp-headerimg.jpg)
01/2018 චක්‍රලේඛයට අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේශ විශ්‍රාම වැටුප් අංශය විදේශ විශ්‍රාම වැටුප් කාණ්ඩය යටතේ පහත සඳහන් විශ්‍රාමිකයින් සඳහා ගෙවීම් කරයි;
- වෙනත් රටක පුරවැසිභාවය දරන ශ්‍රී ලාංකික ස්වදේශික විශ්‍රාමිකයන්
- ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව පුරවැසිභාවය පැවැත්වීම
- වසර දෙකකට වැඩි කාලයක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින්.
විදේශ විශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන්නේ ලංකා බැංකුව - මෙට්‍රොපොලිටන් ශාඛාව, හැටන් නැෂනල් බැංකුව - පංචිකාවත්ත ශාඛාව, පෑන් ඒෂියා බැංකුව - බොරැල්ල ශාඛාව, මහජන බැංකුව - ක්වීන්ස් ශාඛාව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව - මාලිගාවත්ත ශාඛාව මගින් පවත්වාගෙන යනු ලබන විශේෂ බැංකු ගිණුමක් මඟින් පමණි.
විදේශයන්හි වෙසෙන සියලුම විශ්‍රාමිකයින් සිය වාර්ෂික ජීවිත සහතිකය පෙර වසරේ දෙසැම්බර් 1 වැනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 වැනිදා දක්වා සෑම වසරකම ලබා දිය යුතුය. විදේශ විශ්‍රාමිකයින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස මෙහෙයුම් කවුන්ටරයට හෝ විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා තම ජීවිත සහතිකය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
සේවයේ අවශ්‍යතාවය මත විදේශගත වන විශ්‍රාමිකයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගෙවීම් කරනු ලබන්නන් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා ලබාගත් තම ජීවිත සහතිකය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතුය.
මාස හයක් (06) නොඉක්මවන කාලයක් සඳහා පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා විදේශගත වන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විදේශ විශ්‍රාමිකයන් ලෙස නොසලකන අතර ඔවුන්ගේ ජීවිත සහතික සාමාන්‍ය මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතුය.
සම්බන්ධ වීම
ලිපිනය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,
මාලිගාවත්ත,
කොළඹ 10
ශ්‍රී ලංකාව
ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලියකියවිලි (ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය)
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018 අනුව විශ්‍රාමිකයින් විදේශ විශ්‍රාම වැටුප් කාණ්ඩය යටතේ විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීම සඳහා පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
විශ්‍රාම වැටුප විදේශ විශ්‍රාම වැටුපකට මාරු කරන ලෙස ඉල්ලීම් ලිපියක් (ණය මුදල් ලබාගෙන ඇත්නම් පැහැදිලිව සඳහන් කරන්න)
සියලුම ලියකියවිලි විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිසි බලධාරියාගේ සහතිකය සමඟ ඉදිරිපත් කළ යුතුය, නැතහොත් අයදුම්කරු විසින් පුද්ගලිකව මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
විදේශ ගමන් බලපත්‍රයේ දැක්වෙන පරිදි නිවැරදි අත්සන අදාළ ලියකියවිලි මත තබන්න.
වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා ලියාපදිංචිය (W& OP)
සිවිල් විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමිකයෙකුගේ මරණයක් පිළිබඳව හැකි ඉක්මනින් මෙම දෙපාර්තමේන්තුවට දැනුම් දීම වැන්දඹුව/වැන්දඹුව හෝ ළඟම ඥාතීන්ගේ වගකීමක් වේ.
පසුව, මියගිය අයගේ වැන්දඹුව/වැන්දඹුව හට සුදුසුකම් ඇත්නම් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලබා ගැනීම සඳහා විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිසි බලධාරියාගේ සහතිකය සමඟ පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. වැන්දඹුව/වැන්දඹුව ශ්‍රී ලංකාවේ සිටින්නේ නම් ඔහු/ඇය පෞද්ගලිකව දෙපාර්තමේන්තුවට පැමිණ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම බොහෝ ප්‍රමාද වන්නේ නම් සහ හිඟ මුදල ලක්ෂ 7.5 ඉක්මවන්නේ නම් එසේ ප්‍රමාද වීමට සාධාරණ හේතු දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කළ යුතුය. එම දිවුරුම් ප්‍රකාශයේ මේ දක්වාම වැන්දඹු අනත්දරු ඉල්ලුම් නොකළ බවට හා එසේ ගෙවීමක් සිදුවී ඇත් නම් එම සියලු මුදල් නැවත අධිභාර කරන බවට පැහැදිලිව සඳහන් කළ යුතුය.
බැංකු තොරතුරු
විදේශීය විශ්‍රාම වැටුප් කාණ්ඩය යටතේ විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීම සිදු කළ හැක්කේ පහත ශාඛාවල පවත්වාගෙන යන විශේෂ බැංකු ගිණුම් හරහා පමණි.
විශ්‍රාමිකයා මෙම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ඉහත සඳහන් ඕනෑම බැංකුවක විශේෂ බැංකු ගිණුමක් විවෘත කළ යුතුය (කැමත්ත සඳහන් ලිපිය මෙම දෙපාර්තමේන්තුවේ නිසි බලධාරියා විසින් සහතික කළ යුතුය).
ලංකා බැංකුව, මෙට්‍රොපොලිටන් ශාඛාව
පෑන් ඒෂියා බැංකුව, බොරැල්ල ශාඛාව
මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව
හැටන් නැෂනල් බැංකුව, පංචිකාවත්ත ශාඛාව
වෙනත් බැංකු ගිණුමකට මුදල් මාරු කිරීම
ඔවුන්ගේ විශේෂ බැංකු ගිණුමෙන් මුදල් මාරු කිරීමේ අවස්ථා ඇත
- විශ්‍රාමිකයන්ගේ නම යටතේ පවත්වාගෙන යනු ලබන එකම බැංකුවේ තනි ඉතුරුම් ගිණුමක් හෝ
- විශ්‍රාමිකයාගේ නම යටතේ පවත්වාගෙන යනු ලබන විදේශීය බැංකුවක තනි ඉතුරුම් බැංකු ගිණුමකට
- වෙනත් බැංකු වෙත මාරු කිරීම දැඩි ලෙස සීමා කර ඇත.
- විශ්‍රාමිකයා සෑම ගනුදෙනුවක් සඳහාම වලංගු ජීවිත සහතිකයක් අදාළ අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.
උරුමකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම්
හිඟ විශ්‍රාම වැටුප් /වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම
අත්හිටුවන ලද විශ්‍රාම වැටුප් නැවත ගෙවීමේ දී රු.750,000.00 ට අඩු හිඟ මුදල් ගෙවනු ලැබේ. හිඟ මුදල රු.750,000.00 ට වැඩි වේ නම් කමිටු අනුමැතියකින් පසුව ගෙවීම් කරනු ලැබේ.
- 1. ඉල්ලීම් ලිපිය
- 2. හිඟ වැටුප් ගෙවීම ආරම්භ කරන දිනට පෙර මාස තුනක විශ්‍රාම වැටුප් සම්බන්ධ බැංකු ගිණුමේ ගනුදෙනු ප්‍රකාශය.
- 3. වලංගු විදේශ ගමන් බලපත්‍ර පිටපත්
- 4. ජාතික හැඳුනුම්පත (NIC) පිටපත
- 5. අදාළ රටේ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ නිසි බලධාරියෙකු ඉදිරියේ අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් දෙවරක් ගෙවීම් සිදු වූ බවට තහවුරු වුවහොත් නැවත ශ්‍රී ලංකා රජයට එම මුදල් අධිභාර කරන බවට දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.
ජීවිත සහතිකය
- 1. විදේශීය විශ්‍රාමිකයින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස මෙහෙයුම් කවුන්ටරයට හෝ විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා තම ජීවිත සහතිකය විදේශ විශ්‍රාම වැටුප් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.
- 2. විදේශයන්හි පදිංචිව සිටින හෝ විදේශ විශ්‍රාම වැටුප් අංශය විසින් පවත්වාගෙන යනු ලබන විශ්‍රාම වැටුප් ලිපිගොනුව ඇති සියලුම විශ්‍රාමිකයින් සෑම වසරකම පෙර වසරේ දෙසැම්බර් 1 වැනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 වැනිදා දක්වා තම ජීවිත සහතික පත්‍ර ඉදිරිපත් කළ යුතුය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස මෙහෙයුම් කවුන්ටරයට හෝ විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා එය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
- 3. විශ්‍රාමිකයින් වසර දෙකකට අඩු කාලයක් සඳහා සේවා අවශ්‍යතාවය මත විදේශගත වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගෙවීම් කරනු ලබන විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතිකය ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා ලබාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතුය.
- 4. මාස හයක් (06) නොඉක්මවන කාලයක් සඳහා පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා විදේශගත වන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප්, විදේශීය විශ්‍රාමිකයන් ලෙස නොසලකන අතර ඔවුන්ගේ ජීවිත සහතික සාමාන්‍ය පරිදි ඉදිරිපත් කළ යුතුය.
- 5. වයසට යාම හෝ දරුණු රෝගාබාධ හේතුවෙන් විදේශගතව සිටින ආසන්නතම ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත යාමට නොහැකි විශ්‍රාමිකයින් තම ජීවිත සහතිකය අදාළ රටේ පිළිගත් වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක් සමඟ ඉදිරිපත් කර අදාළ දූත මණ්ඩලයට තැපැල් කළ යුතුය.
නිශ්චිත වර්ෂය සඳහා නිවැරදි ආකෘතිය භාවිතා කිරීම සහ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ඇමිණීම අනිවාර්ය වේ. .
මහ කොමසාරිස් කාර්යාලය / තානාපති කාර්යාලය / ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය / කොන්සියුලර් ජනරාල් විසින් සහතික නොකළ ජීවිත සහතික ප්‍රතික්ෂේප කරනු ලැබේ.
දුම්රිය වොරන්ට්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට දුම්රිය වොරන්ට් ප්රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර එම පහසුකම විදේශ විශ්රාමිකයන්ටද ඇත.
නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත අයදුම්කරු විසින් පුද්ගලිකව ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේශ විශ්‍රාම වැටුප් අංශයේ ඉදිරි මෙහෙයුම් කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.
ඩෝල් ලිපිය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ගෙවනු ලබන විශ්‍රාම වැටුපක් ලබන්නෙකු නොවන බව තහවුරු කිරීම සඳහා ඩොල් ලෙටර් එකක් නිකුත් කරයි. අවශ්‍ය ලිපි ලේඛන,
විශ්‍රාමිකයා විදේශගතව සිටින්නේ නම්, අයදුම්පත සහ දිවුරුම් ප්‍රකාශය විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නිසි බලධාරියා විසින් සහතික කළ යුතුය. ලියවිලි ඉදිරිපත් කිරීමට සහ ලබා ගැනීමට තුන්වන පාර්ශ්වයකට බලය ලබා දීමේ දී ද විදේශ දූත මණ්ඩලය හරහා පැමිණිය යුතුය.
විශ්‍රාම වැටුප් තොරතුරු ලිපිය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයාගේ ඉල්ලීම මත ශ්‍රී ලාංකික විදේශ විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමේ විස්තර තහවුරු කරමින් ලිපියක් නිකුත් කරයි.
- 1. ඉල්ලීම් ලිපිය
- 2. වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
- 3. ජාතික හැඳුනුම්පත (ජාතික හැඳුනුම්පත)
විශ්‍රාම වැටුප් ලිපිගොනු නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරු කිරීම
ඔබ සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු හා නැවත විදේශගත වීමට බලාපොරොත්තුවක් නොමැති නම්, විශ්‍රාම වැටුප් ලේඛන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැවරීම සඳහා පහත ලිපි ලේඛන මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. මෙම වරප්‍රසාදය විදේශීය පුරවැසිභාවය හිමිකරුවන්ට සහ ද්විත්ව පුරවැසි හිමිකරුවන්ට ද අදාළ නොවේ.
- නැවත පිටරටට ආපසු යාමට අදහසක් නැතැයි සඳහන් කරන ඉල්ලීම් ලිපියක්
- දේශීය බැංකු ගිණුමේ පිටපතක් (තනි පුද්ගල ඉතුරුම්)
- ග්‍රාම නිලධාරී සහතිකය
- පැමිණීම හා පිටවීම ඇතුලත් විදේශ ගමන් බලපත්‍ර පිටපත්
මරණ පාරිතෝෂිතය
විශ්‍රාම වැටුප් හිමි තනතුරක දළ සේවා කාලය මාස 60ක් සේවය කරන හා එම සේවයේ ස්ථීර කර තිබිය දී සේවයේ යෙදී සිටියදී මියයන සිවිල් නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් වෙත එක් වරක් පමණක් ගෙවනු ලබන ප්‍රතිලාභයක් ලෙස, මරණ පාරිතෝෂිකය ගෙවීම් කරනු ලබයි. මරණ පාරිතෝෂිකය ගෙවීම සම්බන්ධ ව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2ආ(1) වගන්තිය යටතේ විධිවිධාන සලසා ඇත.
![deth](/images/deth.jpg)
පසුබිම
සේවයේ යෙදී සිටියදී මියයන සිවිල් නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන් වෙත එක් වරක් පමණක් ගෙවනු ලබන ප්‍රතිලාභයක් ලෙස, මරණ පාරිතෝෂිකය (ම.පා.) ගෙවීම් කරනු ලබයි. මරණ පාරිතෝෂිකය ගෙවීම සම්බන්ධ ව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2ආ(1) වගන්තිය යටතේ විධිවිධාන සලසා ඇත. මරණ පාරිතෝෂිකයක් ගෙවීම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කරුණු කිහිපයක් ඇත.
- විශ්‍රාම වැටුප් හිමි තනතුරක සේවය කිරීම
- සේවයෙහි ස්ථිර කර තිබීම
- දල සේවා කාලය මාස 60ක් සපුරා තිබීම
- සේවයේ යෙදී සිටියදී මියයාම
මෙහිදී සිවිල් නිලධාරීන් වෙත මරණ පාරිතෝෂික අංකය නිකුත් කිරීමේදී භාවිත කරන වර්ග සංකේත අංකය 16 වේ.
සන්නද්ධ හමුදාවන්හි, සේවයේ යෙදී සිටියදී මියයන නිලධාරීන් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ගෙවීමේ කටයුතු හමුදා අංශය මඟින් සිදු කෙරේ.
රාජ්‍ය සේවයේ සිටි පැවිදි නිලධාරීන් අපවත් වීමෙන් පසු ඔවුන් වෙනුවෙන් මරණ පාරිතෝෂිකය ගෙවීම් කරනුයේ රජයට ඇති අයවීම් අයකර ගැනීම සඳහා පමණි.
මරණ පාරිතෝෂිකය සඳහා හිමිකම් ලබනුයේ,
- විවාහක දායකයින්ගේ/ දායිකාවන්ගේ
නීත්‍යනුකූල වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා
දායකයා/ දායිකාව මියගිය දිනට අවිවාහක හා රැකියා විරහිත නීත්‍යනුකූල දරුවන් - අවිවාහක දායකයින්/ දායිකායන්ගේ
මව සහ පියා
දෙමව්පියන් දෙදෙනාම මියගොස් ඇත්නම් දායකයා/ දායිකාව මියගිය දිනට අවිවාහක හා රැකියා විරහිත සහෝදර සහෝදරියන් - නීත්‍යනුකූල යැපෙන්නන් නොමැති අවස්ථාවක දී දායකයා/ දායිකාවගේ රජයට අයවීම් අයකර ගැනීම සඳහා පමණක් ම.පා. හිමිගන්වනු ලැබේ.
ක්‍රමවේදය
1. මාර්ගගත ක්‍රමය
2. මාර්ගගත නොවන ක්‍රමය
අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
මාර්ගගත ක්‍රමය
- ආයතනයෙහි විෂය නිලධාරී විසින් දායකයා/ දායිකාවගේ පෞද්ගලික ලිපිගොනුව හරහා අයදුම්පත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය
- වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා/ අනත්දරුවන්/ දෙමව්පියන්/ සහෝදර සහෝදරියන් වෙතින් තොරතුරු හා ලිපිලේඛන ( උප්පැන්න, විවාහ ,මරණ සහතික සහ ජාතික හැඳුනුම්පත්වල පිටපත්, බැංකු ගිණුම් පාස්පොත්වල පිටපත්, යැපෙන්නන්ගේ වාර්තා ආදිය) ලබා ගැනීමෙන් පසුව විෂය නිලධාරී විසින් පහත පියවරයන් අනුගමනය කළ යුතු ය
මාර්ගගත නොවන ක්‍රමය
පහත අවස්ථාවලට අදාළ ව මරණ පාරිතෝෂික අයදුම්පත් යොමු කිරීමේ දී විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 9/2015 හි දක්වා ඇති අයදුම්පත හා ඊට අදාළ අනෙකුත් ලිපිලේඛන, නිලධාරියා අවසන් වරට සේවය කරන ලද ආයතනය හරහා තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය වෙත යොමු කළ යුතු වේ.
- 2006.01.01 දිනට පෙර මියගිය නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ම.පා.ගෙවීම
- ත්‍රස්තවාදී හේතූන් මත මියගිය නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් ම.පා. ගෙවීම
- යැපෙන්නන්ගෙන් එක් අයෙකුට හෝ කීපදෙනෙකුට හිමි ම.පා.කොටස් රඳවා තබා අනෙක් යැපෙන්නන් වෙත හිමි ම.පා.කොටස් පමණක් ගෙවීම
මියගිය දායකයා/ දායිකාවගේ පෞද්ගලික ලිපි ගොනුව හරහා ආයතනයෙහි විෂය නිලධාරි විසින් අයදුම්පත ඉදිරිපත් කිරීම කළ යුතුය.
වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා/ අනත්දරුවන්/ දෙමව්පියන්/ සහෝදර සහෝදරියන් වෙතින් තොරතුරු හා ලිපිලේඛන (උප්පැන්න/ විවාහ/ මරණ සහතික, බැංකු තොරතුරු, ජාතික හැඳුනුම්පත්වල පිටපත් ආදිය) ලබා ගැනීම.
පැරණි PD5 අයදුම්පත සම්පූර්ණකර, ආයතන ප්‍රධානි මඟින් සහතික කර, අදාළ ඇමුණුම් ලේඛන ද සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත තැපෑලෙන් යොමු කිරීම.
මාර්ගගත ක්‍රමය යටතේ යොමු කෙරෙන අයදුම්පත් (Online)
ඉහත 02.1.1. යටතේ දක්වා ඇති අවස්ථා හැර අනෙකුත් සෑම අවස්ථාවකදී ම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 09/2015(III) ප්‍රකාර ව මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් කැඳවීම සිදු කෙරේ. මෙහිදී අයදුම්පතට අදාළ දත්ත පමණක් දත්ත පද්ධතිය ඇතුළත් කළ යුතු අතර, එම තොරතුරු සනාථ කිරීමේ සියලු ලිපිලේඛන තැපැල් මාර්ගයෙන් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.
මාර්ගගත අයදුම්පත්වලට අදාළ ව දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත
මාර්ගගත නොවන ආකාරයට යොමු කෙරෙන අයදුම්පත්වලට අදාල ව දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත
අවශ්‍ය ලිපිලේඛන
- PD 5 අයදුම්පත (මාර්ගගත හෝ පැරණි අයදුම්පත)
- නිලධාරියාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- නිලධාරියාගේ මරණ සහතිකය (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)
- නිලධාරියාගේ උප්පැන්න සහතිකය (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ පිටපත (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)
- යැපෙන්නන්ගේ උප්පැන්න සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත්)
- විවාහ සහතිකය
- චර්යා සටහන
- කලත්රගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- නිලධාරියාගේ ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපිය
- පත්වීම ස්ථිර කිරීමේ ලිපිය
- යැපෙන්නන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත්
- නොඉල්ලුම් සහතිකය (රජයට අයවීම් සියල්ලම නිවැරදිව ඇතුළත් කරන ලද)
- යැපෙන්නන්ගේ වාර්තාව (ග්‍රාම නිලධාරි සහ ප්‍රා.ලේ. අත්සන් කරන ලද)
- මියගිය නිලධාරියාගේ නමේ වෙනස්කම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියාගේ තහවුරුව
- කලත්‍රයාගේ නමේ වෙනස්කම් ඇත්නම් ඒ සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ හෝ නෛතිකව තහවුරු කිරීම සම්බන්ධ ලේඛන
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව වැටුප් පරිවර්තනය කිරීමේ ලිපිය
- සේවා කඩවීම් ඇත්නම් ඊට අදාළ ලිපිවල සහතික කළ පිටපත්. (සේවය හැරයාම්/ වැඩ තහනම් කිරීම්/ නැවත සේවයේ පිහිටුවීම් ලිපි)
- යැපෙන්නන් මියගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතික
- වැටුප් රහිත සේවා කාලයක් හෝ සේවා කඩවීම් ඇත්නම් ඒ සඳහා වැන්දඹු අනත්දරු දායක මුදල් අයකිරීම තහවුරු කරන වාර්තා
- දෛනික සේවා කාලයක් ඇත්නම් එම සේවා කාලයට අදාළ,
- පත්වීම් ලිපිය
- චර්යා සටහන [පොදු 226(අ)]
- විවාහයන් කීපයක් ඇත්නම් එම එක් එක් විවාහයන්ට අදාළ,
- විවාහ සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද)
- කලත්‍රයාගේ මරණ සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද)
- දික්කසාද නියත තීන්දු ප්‍රකාශ (උසාවි රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද
භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 09/2015 හා 09/2015(III) - මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීම.
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය - ප්‍රතිපාදන සැලසීම.
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 369 - ත්‍රස්තවාදි හේතු මත මියගිය අය වෙනුවෙන් ම.පා. ගෙවීමට උපදෙස්
මෙලෙස මරණ පාරිතෝෂිකය සඳහා හිමිකම ඇති නිලධාරීන්ගේ ප්‍රතිලාභීන් වෙත මරණ පාරිතෝෂික ගෙවීම් කිරීමෙන් අනතුරුව වැ./වැ.පු.අ.වි.වැ.ගෙවීම් කිරීම ද අදාල විෂය නිලධාරීන් විසින් ම සිදු කරනු ලැබේ.
මාර්ගගත නොවන ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවස්ථා
- 2006.01.01 දිනට පෙර මිය ගිය නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියෙහි ඇතුළත් නොවීම.
- ම.පා.කොටස් රඳවා තබා ගෙවීම් කිරීමට නොහැකි වීම.
- නිලධාරීන් තනතුරු අතර මාරුවීම නිසා වැටුප්වල සිදුවන වෙනස්කම්වලට අදාළ ව වැටුප් කේත, දත්ත පද්ධතියෙහි ඇතුළත් නොවීම.
- මියගිය පුද්ගලයාට ජාතික හැඳුනුම්පතක් නොමැති වීම.
වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ප්රතිලාභ
රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු වැටුප් ක්රමයෙහි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ සිට ඔවුන්ගේ ප්‍රතිලාභීන්ට වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු ගෙවීම හා ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම දක්වා ප්රතිලාභ මේ යටතේ හිමි වේ.
![](/images/wop-himg.png)
හැඳින්වීම
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ රාජ්‍ය සේවයේ නියුතු ව සිටි අයවළුන්ගේ ප්‍රතිලාභීන් වෙත ප්රතිලාභ පිරිනැමීමේ කාර්යය ක්‍රියාත්මක කරනු ලබයි. සිවිල් හා සන්නද්ධ සේවා දෙඅංශයෙහි ම වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප්වලට අමතර ව ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සහ සිවිල් මරණ පාරිතෝෂික ගෙවීම වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයෙහි රාජ්‍ය නිලධාරීන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ද, සිදු කරනු ලබන්නේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය මඟිනි.
අණ පනත්
- 1898 අංක 01 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත
- 1906 අංක 13 දරන වැන්දඹු හා අනත්දරු (සංශෝධන) පනත
- 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත
- 1981 අංක 44 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත
- 1998 අංක 57 දරන වැන්දඹු හා අනත්දරු (සංශෝධන) පනත
- 2010 අංක 8 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත
- 1985 අංක 19 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 1997 අංක 16 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 1998 අංක 56 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 1998 අංක 65 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 2001 අංක 02 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 2010 අංක 09 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
වැන්දඹු හා අනත්දරු අංශය
අප හා සම්බන්ධ වන්න
දුරකතන අංකය | +94 112 332 346 |
ෆැක්ස් | +94 112 432 214 |
විද්‍යුත් තැපෑල | |
ලිපිනය | වැන්දඹු හා අනත්දරු අංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, නව මහ ලේකම් ගොඩනැගිල්ල, මාලිගාවත්ත, කොළඹ 10 |