නිතර අසන පැණ
විශ්‍රාමික හැඳුනුම්පත නැති වූ විට නව විශ්‍රාමික හැඳුනුම්පතක් ලබා ගන්නේ කෙසේද?
-
විශ්‍රාමික හැඳුනුම්පත නැති වූ බවට ඔබ පදිංචි බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලේ පිටපත සමඟ නැවත හැඳුනුම්පතක් ලබා දෙන ලෙස ඔබ විසින් ලිඛිතව කරනු ලබන ඉල්ලීම් ලිපිය ( ඔබගේ ජාතක හැඳුනුම්පත් අංකය හා විශ්‍රාම වැටුප් අංකය පැහැදිලිව සඳහන් කරන්න.) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාළිගාවත්ත, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.ඡායාරූපයක් එවීම අවශ්‍ය නොවේ.දෙවන වරට විශ්‍රාමික හැඳුනුම්පත නිකුත් කිරීමේදී තැපැල් ගාස්තු ද සමඟ ඔබගේ විශ්‍රාම වැටුපෙන් රුපියල් 410.00 ක් අය කරනු ලැබේ.මුද්‍රණය කරනු ලබන විශ්‍රමික හැඳුනුම්පත ලියාපදිංචි තැපෑලෙන් ඔබ වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.