වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වීම මත 50% වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම
පසුබිම
- 2010 අංක 08 දරන සංශෝධිත වැන්දඹු අනත්දරු පනත හා 2010 අංක 09 දරන සංශෝධිත වැන්දඹු පුරුෂ හා අනත්දරු පනත මගින් යළි විවාහ වන වැන්දඹුවන්/ වැන්දඹු පුරුෂයන් උදෙසා ගෙවමින් පැවති විශ්‍රාම වැටුපෙන් අර්ධයක් (50%) හිමිගැන්වීමේ අවකාශය ලබා දෙන ලදි. මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010 හි 07 වන වගන්තිය බල පැවැත්වෙන අතර වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුපෙන් අර්ධයක් යළි විවාහ වූ වැන්දඹුවට/වැන්දඹු පුරුෂයාට හිමිගැන්වීමට සහ පූර්ව අනත්දරුවන් සිටීනම් (දායකයාගේ/දායිකාවගේ නීත්‍යනුකූල දරුවන්) ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට ද විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2013 මගින් ඉඩ සලසා දී ඇත.
- යම් වැන්දඹු විශ්රාමිකාවකගේ/වැන්දඹු පුරුෂයෙකුගේ නැවත විවාහය, 13/2010 චක්‍රලේඛය ක්‍රියාත්මක වූ 2010.08.17 දිනට පූර්වයෙන් සිදු වූයේ නම් 50% ක ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා හිමිකම් පෑමේ අවසාන දිනය විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2014 අනුව 2014.12.31 දිනයෙන් අවසන්ව ඇත
- වැන්දඹු භාර්යාවක්/වැන්දඹු පුරුෂයෙක් වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ප්රතිලාභ සඳහා ඉදිරිපත් වන අවස්ථාව වන විට ද නැවත විවාහයකට පත්ව සිටී නම්, දායකයා/දායිකාව මියගිය දින සිට ලැබීමට නියමිතව තිබුණා වූ එහෙත් ලබා නොගත් වැටුපෙන් අර්ධයක් වැන්දඹුවට/වැන්දඹු පුරුෂයාට හිමිගන්වන අතර දායකයාගේ/දායිකාවගේ නීත්‍යනුකූල අනත්දරුවන් සිටී නම් එම සියලු හිඟ මුදල් අනත්දරුවන් නමින් ගිණුම් ගත කර, 100% වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප අනත්දරුවන් වෙත හිමිගන්වනු ලැබේ අනත්දරුවාගේ වයස අවුරුදු 26 සම්පූර්ණ වීම හෝ අනත්දරුවා රැකියාවක නිරත වීම යන දෙකෙන් ප්‍රථමයෙන් එළඹෙන අවස්ථාව අනුව අනත්දරු වැටුප් ගෙවීම නතර කර, වැන්දඹුව/වැන්දඹු පුරුෂයා වෙත 50% වැ.වි.වැ./වැ.පු.වි.වැ. ගෙවීම පිළිබඳ සලකා බලනු ලැබේ.
- එසේම යම් වැන්දඹුවක/වැන්දඹු පුරුෂයෙකු එළඹෙන්නාවූ දෙවන විවාහයෙන් ද දික්කසාද වන අවස්ථාවක දී වුව ද ඇය/ඔහු වෙත හිමිවෙනුයේ 50% ක වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ප්‍රමාණයම පමණි.
ක්‍රමවේදය
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුපක් ලබමින් සිටිය දී නැවත විවාහයකට ඇතුළත් වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010 අනුව එකී විවාහයට එළඹි දින සිට 50% වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සිදු කෙරේ.
- මේ සම්බන්ධයෙන් 1898 අංක 1 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ආඥා පනතේ වන වගත්තිය සහ 1983 අංක 23 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනතේ 18 වන වගන්තිය ප්රතියෝජනය කරමින් 2010 අංක 8 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනතේ 6 වන වගන්තිය හා 2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනතේ 4 වන වගන්තිය මඟින් පහත පරිදි නව විධිවිධාන සලසා ඇත.
2010 අංක 8 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත
“ 6. ප්‍රධාන ප්රඥප්තියේ 34 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ:
34. (1) දායකයකුගේ වැන්දඹුවක, ඇය නැවත විවාහ වීමේ දී, ඒ දෙවන විවාහය වූ දිනට පසුව සිට විශ්‍රාම වැටුප ලෙස,
- (අ) ඒ දෙවන විවාහය සිදුවන අවස්ථාවේ දී ඇය ලබමින් සිටි විශ්‍රාම වැටුපෙන් අර්ධයක්; හෝ
- (ආ) විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබුණ ද, සැබෑ වශයෙන් එය එතෙක් නොලැබ තිබූ විටෙක, ඒ දෙවන විවාහයට පෙරාතුව, වැන්දඹුවක ලෙස ඇගේ තත්ත්වයෙන් ඇයට ලැබීමට තිබූ මුදල් ප්‍රමාණයෙන් අර්ධයක්, ලැබීමට හිමිකම ලැබිය යුතු ය.
(2) ඉහත (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව වැන්දඹුවට ගෙවනු ලැබීමෙන් පසු, වැන්දඹුව ලබමින් සිටි විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස වැන්දඹුවගේ ප්‍රථම විවාහයේ දරුවන් වෙත ලැබිය යුතු ය.
(3) ඒ දෙවන විවාහයේ කලත්‍රයාත් අරමුදලේ දායකයකු වන අවස්ථාවේ දී සහ ඒ කලත්‍රයාගේ මරණින් පසු ඒ කලත්‍රයා විසින් අරමුදලට ගෙවන ලද දායක මුදල් සම්බන්ධයෙන් විශ්‍රාම වැටුපක් ලැබීමට ද ඒ වැන්දඹුව හිමිකම් ලබන අවස්ථාවක දී (1) වන උපවගන්තියේ (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව විශ්‍රාම වැටුපක් ලෙස ඇය විසින් ලැබූ යම් මුදලක් ගෙවීම දෙවන විවාහයේ ඇගේ කලත්‍රයා මියගිය දින සිට බලපැවැත්වෙන පරිදි අවසන් කළ යුතු ය:
එසේ වුව ද, ඉහත විධිවිධාන සලසා ඇති පරිදි විශ්‍රාම වැටුපක් ගෙවීම අවසන් කරන ලද අවස්ථාවක දී, වැන්දඹුවගේ පළමු විවාහයේ දරුවන්හට, ඔවුන්ගේ මවගේ දෙවන විවාහයේ කලත්‍රයා මිය ගිය දින සිට,
(2) වන උපවගන්තියට අනුව ඔවුන් ලබමින් සිටි කොටස් සහ එකී අවසන් කිරීමට පෙරාතුව (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව තම මව ලබමින් සිටි යම් මුදලක් ද ලබා ගැනීමට හිමිකම තිබිය යුතු ය:
එසේ වුව ද, වැඩි දුරටත්, ඒ දෙවන විවාහය විසිරුවා හරින අවස්ථාවක දී, වැන්දඹුවට, (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඇය ලැබූ අර්ධය විශ්‍රාම වැටුපක් ලෙස ලැබීමට හිමිකම් ලැබිය යුතු අතර, (2) වන උපවගන්තිය යටතේ දරුවන්ට ඇති හිමිකමේ වෙනසක් නොවන්නේ ය.”
2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
“4. ප්‍රධාන ප්රඥප්තියේ 18 වන වගන්තිය මෙයින් පරිච්ඡින්න කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ:
18. (1) දායිකාවකගේ වැන්දඹු පුරුෂයකු නැවත විවාහ වීමේ දී, ඔහුට ඒ දෙවන විවාහය වූ දිනට පසුව සිට විශ්‍රාම වැටුප ලෙස,
- (අ) ඒ දෙවන විවාහය සිදුවන අවස්ථාවේ දී ඔහු විසින් ලබමින් සිටි විශ්‍රාම වැටුපෙන් අර්ධයක් ; හෝ
- (ආ) විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබුණ ද, සැබෑ වශයෙන් එය එතෙක් නොලැබ සිටි විටෙක, ඒ දෙවන විවාහයට පෙරාතුව, වැන්දඹු පුරුෂයකු ලෙස එකී තත්ත්වයෙන් ඔහුට ලැබීමට තිබූ මුදල් ප්‍රමාණයෙන් අර්ධයක් හෝ, ලැබිය යුතු වන්නේ ය.
(2) ඉහත (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව වැන්දඹු පුරුෂයකුට ගෙවීම් කිරීමෙන් පසු, දෙවන විවාහයට පෙර වැන්දඹු පුරුෂයා ලබමින් සිටි විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස වැන්දඹු පුරුෂයාගේ ප්‍රථම විවාහයේ දරුවන් විසින් ලැබිය යුතු ය.
(3) ඒ දෙවන විවාහයේ කලත්‍රයාත් මේ පනත යටතේ දායිකාවක වන අවස්ථාවක දී සහ ඒ කලත්‍රයාගේ මරණින් පසු ඒ කලත්‍රයා විසින් විශ්‍රාම වැටුප් ක්‍රමයට ගෙවන ලද දායක මුදල් සම්බන්ධයෙන් ද විශ්‍රාම වැටුපක් ලැබීමට ඒ වැන්දඹු පුරුෂයා හිමිකම ලබන අවස්ථාවක දී (1) වන වගන්තියේ (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව විශ්‍රාම වැටුපක් ලෙස ඔහු විසින් ලැබූ යම් මුදලක් ඔහුට ගෙවීම දෙවන විවාහයේ ඔහුගේ කලත්‍රයා මියගිය දින සිට බලපැවැත්වෙන පරිදි අවසන් කළ යුතු ය:
එසේ වුව ද, ඉහත විධිවිධාන සලසා ඇති පරිදි විශ්‍රාම වැටුපක් ගෙවීම අවසන් කරන ලද අවස්ථාවක දී, වැන්දඹු පුරුෂයාගේ පළමු විවාහයේ දරුවන්හට, ඔවුන්ගේ පියාගේ දෙවන විවාහයේ කලත්‍රයා මියගිය දින සිට (2) වන උපවගන්තියේ නියමයන්ට අනුව ඔවුන් ලබමින් සිටි කොටස් සහ එකී අවසන් කිරීමට පෙරාතුව (1) වන උපවගන්තියේ විධිවිධානයන් ප්‍රකාරව තම පියා ලබමින් තිබූ යම් මුදලක් ද ලබා ගැනීමට හිමිකම් ලැබිය යුතු ය:
එසේ වුව ද, වැඩි දුරටත්, ඒ දෙවන විවාහය විසුරුවා හරින අවස්ථාවක දී වැන්දඹු පුරුෂයාට (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඔහු ලැබූ අර්ධය විශ්‍රාම වැටුපක් ලෙස ලැබීමට හිමිකම් ලැබිය යුතු අතර, 2 වන උපවගන්තිය යටතේ දරුවන්ට ඇති හිමිකමේ වෙනසක් නොවන්නේ ය.”
- කලත්‍රයා නැවත විවාහ වූ දින සිට අදාළ පරිදි 50% වැ.වි.වැ./ 50% වැ.පු.වි.වැ./ අනත්දරු වි.වැ. හිමිගන්වනු ලබයි.
අවශ්‍ය ලිපි ලේඛන
- PD 4 අයදුම්පත
- දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- විවාහ සහතිකය
- දායකයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
- කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
- කලත්‍රයාගේ බැංකු පාස්පොතේ සහතික කළ පිටපත
- දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
- කලත්‍රයාගේ නමේ වෙනස්කම් පවතී නම් විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හෝ එම වෙනස්කම් තහවුරු කිරීම සඳහා නෛතික ලිපිලේඛන
- විවාහ සහතික
- එම විවාහ අවසන් වූ අයුරු තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට සහ මුස්ලිම් විවාහ සඳහා)
- දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
- මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි,
- දායකයාගේ පෙර විවාහයන්ගෙන් උපන් අවු.26 ට අඩු රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතික සහ බැංකු තොරතුරු
- අවුරුදු 18 ට වැඩි අනත්දරුවන්ගේ රැකියා වියුක්තිය/ නියුක්තිය තහවුරු කිරීමට අදාළ ලේඛන
- අනත්දරු භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත් හා ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල පාස්පොත්හි සහතික කළ පිටපත්
- වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වූ බව තහවුරු කිරීමට එම විවාහ සහතිකය
මෙහි දී කලත්‍රයින් සියලු දෙනාට අදාල ව ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.
අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
වැන්දඹු /වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ලබමින් සිටි අයෙකු නැවත විවාහ වීමක දී අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ අදාළ ප්‍රා.ලේ. කාර්යාලය මඟින් වන අතර, වැන්දඹු /වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම අරඹා නොමැති අයවළුන්ගේ අයදුම්පත් මියගිය දායකයා /දායිකාව අවසන් වරට සේවය කරන ලද ආයතනය මඟින් ඉදිරිපත් කළ යුතු ය.
මෙහි දී ගැටළු නොපවතින ලිපි ගොනුවලට අදාළ අයදුම්පත් ප්‍රා.ලේ. කාර්යාලයන්හි විෂය නිලධාරීන් විසින් සිය පිවිසුම ඔස්සේ DS Portal System මඟින් ඉදිරිපත් කළ යුතු ය.
නම්වල සැලකිය යුතු වෙනස්කම්, නැවත විවාහය නොදන්වා වැ.වි.වැ./ වැ.පු.වි.වැ. වැඩිපුර ලබාගෙන ඇත්නම්, පදිංචිය වෙනස්කර ඇත්නම් ආදී ගැටළු සහිත ගොනුවලට අදාළ අයදුම්පත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015(1) යටතේ මාර්ගගත නොවන ආකාරයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු ය.
භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
- 1. 1898 අංක 1 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත
- 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් පනත
- 2010 අංක 08 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- 2010 අංක 09 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/99 (අනත්දරු රැකියාව තහවුරු කිරීම සඳහා)
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2013
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2014
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015 හා 06/2015(1)
භාවිත වන වර්ග සංකේත අංක
- නැවත විවාහ වන හමුදා වැන්දඹුවන් - 60
- නැවත විවාහ වන සිවිල් වැන්දඹුවන් - 61
- නැවත විවාහ වන වැන්දඹු පුරුෂයන් - 62
අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම
රාජ්‍ය සේවයේ නියුතු වූ නිලධාරියෙකු/ නිලධාරිනියකගේ ඇවෑමෙන් පසු වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සඳහා නීත්‍යනුකූල කලත්‍රයා ද ජීවත්ව නොසිටී නම් හෝ කලත්‍රයා නැවත විවාහයකට ඇතුළත්ව ඇත්නම් හෝ දායකයාගේ නීත්‍යනුකූල, අවුරුදු 26 ට අඩු, රැකියා විරහිත අනත්දරුවන් වෙත අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගන්වනු ලැබේ.
ක්‍රමවේදය
- අනත්දරු විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන අවුරුදු 18 ට අඩු බාලවයස්කාර දරුවන් වෙත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සුදුසු භාරකරුවෙකුගේ භාරකාරත්වය යටතේ සිදුකළ යුතුය. මෙහිදී එම භාරකරු විසින් අනත්දරුවා වෙත නිසි අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍ය පහසුකම් හා රැකවරණය සලසන්නේද යන්න සම්බන්ධයෙන් හා අනත්දරුවාගේ භාරකාරත්වය දැරීම සඳහා එම භාරකරු සුදුසු ද යන්න සම්බන්ධයෙන් ඔවුන්ගේ පදිංචිය අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීගේ නිරීක්ෂණ, නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිර්දේශ කළ යුතු අතර, එම භාරකාරත්වය යටතේ විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකිරීම සඳහා විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගැනීම සිදුකළ යුතු ය. මෙහි දී විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 07/2020 ප්‍රකාර ව භාරකරු හා විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා ගිවිසුම්ගත විය යුතු අතර, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ගිවිසුම්ගත විය යුතුය.
- මෙහිදී, පත්කරන ලද එම භාරකරු විසින් නිසි පරිදි දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, රැකවරණය සැලසීම පැහැර හරින බව අනාවරණය වන්නේ නම්, වහාම ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් විධිමත් පරීක්ෂණයක් පවත්වා නව භාරකරුවෙකු පත්කර එම නව භාරකරු සඳහා වි.වැ.දෙ. අනුමැතිය ලබාගත යුතුය.
- අනත්දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ව භාරකාරත්වයෙන් ඉවත් කර, ඉඳුරා ම අනත්දරුවා නමින් විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කළ යුතු අතර, අනත්දරුවා රැකියාවක නියුතු වීම හෝ වයස අවුරුදු 26 සම්පූර්ණ වීම යන අවස්ථා දෙකෙන් ප්‍රථමයෙන් ම එළඹෙන අවස්ථාවේදී අනත්දරු විශ්‍රාම වැටුප අත්හිටුවීමට කටයුතු කළ යුතු වේ. මෙහිදී අනත්දරුවා නමින් වූ තනි පුද්ගල, ඉතිරිකිරීමේ ගිණුමකට විශ්‍රාම වැටුප බැර කිරීම සිදුකෙරේ. එසේ ම අනත්දරුවාගේ රැකියාව සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/99 හි 5 වන වගන්තියේ සඳහන් පහත කරුණු බලාත්මක වේ.
පනත් සංශෝධනය අනුව අවුරුදු 21 සිට 26 දක්වා දරුවන්ට විශ්‍රාම වැටුප් හිමි වන්නේ ඔවුන් රැකියා විරහිත ව සිටිනතාක් පමණි. අනත්දරු විශ්‍රාම වැටුප් ඉල්ලුම් කරන්නෙකුගේ රැකියා නියුක්තිය තීරණය කිරීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත්වීම සුදුසුය.
- රජයේ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්,
- කිසියම් අර්ථසාධක අරමුදල් සාමාජිකත්වය හිමි රැකියාවක්,
- විදේශ රැකියා සඳහා විදේශගත වූවන්,
- ආදායම් බදු පනත යටතේ ආදායම් බදු ගෙවන්නන්,
- ස්වකීය ජීවනෝපාය සලසා ගැනීමට ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් ඇති වෙනත් ව්‍යාපාරයක්/ දේපලක් හිමිකරුවෙක්.”
- මෙම අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමේදී අනත්දරුවන්ගේ විවාහක තත්ත්වය පිළිබඳ ව නොසලකා ගෙවිම් කරනු ලැබේ. (විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010 හි 4 වන වගන්තිය)
- අවුරුදු 18 ට අඩු බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් භාරකාරත්වය යටතේ ගෙවීම් ආරම්භ කරන ලද අනත්දරු විශ්‍රාම වැටුපක් හිමිගැන්වීමේ දී එකවර ගෙවනු ලබන යම් හිඟ විශ්‍රාම වැටුපක් වේ නම් දරුවාගේ අනාගත සුභ සිද්ධිය සඳහා දරුවා නමින් වූ රජයේ බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කළ යුතු අතර, භාරකාරත්වයට ගෙවනු ලබන (භාරකරුගේ , රාජ්‍ය/ පුද්ගලික බැංකු ඉතිරි කිරීමේ තනි ගිණුමක) මාසික විශ්‍රාම වැටුපෙන් පහත සඳහන් වූ ප්‍රමාණයක් තැන්පතු වශයෙන් දරුවාගේ ගිණුමට යොමු කළ යුතු ය. එනම්,
- විශ්‍රාම වැටුප = රු. 20,00 දක්වා 1/5 ක කොටසක් ද,
- විශ්‍රාම වැටුප = රු. 20,00 සිට 35,000.00 දක්වා ¼ ක කොටසක් ද,
- විශ්‍රාම වැටුප = රු. 35,00 ට වඩා වැඩි නම් 1/3 ක කොටසක් ද, තැන්පත් කළ යුතු වේ.
- තව ද රාජ්‍ය නිලධාරියෙකු වැ.අ.වි.වැ.ක්රමයෙහි දායකත්වයෙන් ඉවත් වීමට ප්‍රථම දරුකමට හදාගන්නා දරුවන් ද වැ.අ.වි.වැ.ක්රමයෙහි ප්රතිලාභ ලබාගැනීම සඳහා හිමිකම් ලැබිය යුතු ය. මේ සඳහා 1981 අංක 44 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනතෙහි 14 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි 33 වන වගන්තිය පහත පරිදි සංශෝධනයකර ඇත.
- “14.(අ) ඒ වගන්තිය 33 වන වන වගන්තියේ (1) වන උපවගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන්; (ආ) එම උපවගන්තියට ඉක්බිතිව පහත දැක්වෙන අලුත් උපවගන්ති එකතු කිරීමෙන්:- “
(2) විවාහක රජයේ නිලධරයකු දායකයකු වශයෙන් සිටිය දී ළමයින් දරුකමට හදාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ හෝ ළමයින් දරුකමට හදා ගැනීමට අදාළ වෙනත් යම් නීතියක විධිවිධාන යටතේ හෝ දරුකමට හදාගන්නා ළමයකු (3) වන උපවගන්තියේ සහ (4) වන උපවගන්තියේ විධිවිධානවලට යටත් ව, දරුකමට හදා ගන්නා තැනැත්තාගේ දරුවකු ලෙස සලකනු ලැබිය යුතු ය. ඒ අනුව ඒ රජයේ නිලධරයාගේ ළමයකු මේ ආඥාපනත යටතේ යම් ආකාරයක හා ප්‍රමාණයක විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේ ද ඒ ආකාරයටම සහ ප්‍රමාණයටම දරුකමට හදා ගන්නා ලද ළමයා ද විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ලැබිය යුතු ය.
(3) ළමයා දරුකමට හදා ගැනීමට නිර්ව්‍යාජ අධ්‍යාශයක් නොමැති බව සහ හුදෙක් ම පහසුකම් තකා දරුකමට හදා ගැනීමක් බව විශ්වාස කිරීමට අධ්යක්ෂවරයාට හේතු ඇත්නම් මිස, විවාහක රජයේ නිලධරයකු දායකයකු වශයෙන් සිටිය දී ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ විධිවිධාන යටතේ හෝ ළමයින් දරුකමට හදා ගැනීමට අදාළ වෙනත් යම් නීතියක විධිවිධාන යටතේ හෝ දරුකමට හදා ගන්නා ළමයකු මේ ආඥාපනත යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබිය යුතු ය: එසේ වුව ද, ඒ ළමයාට නිදහස් ජීවනෝපායක් නොමැති විටක සහ ඒ ළමයාට විශ්‍රාම වැටුපක් ප්රදානය කිරීම ඒ කාරණයට අදාළ සියලුම කරුණු අනුව සාධාරණ සහ යුක්ති සහගත යයි අධ්යක්ෂවරයා සලකනු ලබන්නේ නම් අධ්යක්ෂවරයා විසින් ඒ ළමයාට විශ්‍රාම වැටුපක් ප්රදානය කිරීමට බලය දෙනු ලැබිය හැකි ය.”; තව ද
(ඇ) එම වගන්තියේ පාර්ශව සටහන වෙනුවට පහත දැක්වෙන අලුත් පාර්ශ්ව සටහන ආදේශ කිරීමෙන්:-
“ළමයින් ට සහ දරුකමට හදාගත් ළමයින් ට විශ්‍රාම වැටුප්.”. - 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් පනතෙහි අංක 17(2) හා (3) උපවගන්ති මගින් නිලධාරිනියක විසින් දරුකමට හදාගන්නා දරුවකු වෙත වැ.අ.වි.වැ. ක්රමයෙහි ප්රතිලාභ හිමිගැන්වීම සම්බන්ධයෙන් පහත පරිදි විධිවිධාන සලසා ඇත.
“17(2) විවාහක දායිකාවක විසින් තමා දායිකාවකව සිටියදී, ලමයින් දරුකමට හදාගැනීමේ ආඥාපනතේ හෝ දරුකමට හදාගැනීමට අදාළ වෙනත් යම් නීතියක හෝ විධිවිධාන යටතේ දරුකමට හදා ගනු ලැබූ දරුවකු (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත් ව, ඒ දායිකාවගේ දරුවකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ දරුවාට, ඒ දායිකාවගේ ම දරුවකුට විශ්‍රාම වැටුපට අයිතිවාසිකම ලැබෙන ආකාරයෙන් ම, ඒ දායිකාවගේ ම දරුවකුට ලැබීමට අයිතිවාසිකම ලැබෙන මුදලම ලැබීමට ද අයිතිවාසිකම ලැබිය යුතු ය.
(3) විවාහක දායිකාවක විසින් තමා දායිකාවකව සිටිය දී, ලමයින් දරුකමට හදාගැනීමේ ආඥාපනතේ හෝ දරුකමට හදා ගැනීමට අදාළ වෙනත් යම් නීතියක හෝ විධිවිධාන යටතේ දරුකමට හදාගනු ලැබූ දරුවකුට, දරුවා දරුකමට හදාගැනීම සඳහා ඒ දායිකාව තුළ නිර්ව්‍යාජ අභිලාෂයක් නොමැති වූ බවත් දරුකමට හදාගැනීම හුදෙක් වාසිය තකාම කරනු ලැබ තිබෙන්නක් බවත් විශ්වාස කිරීමට අධ්යක්ෂවරයාට හේතු තිබේ නම් මිස, මේ පනත යටතේ විශ්‍රාම වැටුපකට අයිතිවාසිකම ලැබිය යුතු ය:
එසේ වුවද, ඒ දරුවාට තම ජීවනෝපායය සඳහා ස්වාධීන ප්‍රභවයක් නොමැති නම් සහ විශ්‍රාම වැටුපක් ප්රදානය කිරීම සියලු අවස්ථානුගත කරුණු අනුව සාධාරණ යයි සහ යුක්තිසහගත යයි අධ්යක්ෂවරයා සලකන්නේ නම්, එවැනි ප්‍රදානයක් කිරීම සඳහා අධ්යක්ෂවරයා විසින් බලය දිය හැකි ය.”
අවශ්‍ය ලිපි ලේඛන
- PD 4 අයදුම්පත
PD4 අයදුම්පත ඉදිරිපත් කිරිමේදී අවුරුදු 18 ට අඩු අනත්දරුවන් සඳහා නිසි පෝෂණය, අධ්‍යාපනය,රැකවරණය සැලසිය හැකි සුදුසු භාරකරුවකු පත්කර භාරකාර නිර්දේශය සමඟ ඉදිරිපත් කල යුතු ය. අවුරුදු 18 ට වැඩි අනත්දරුවන් සඳහා වෙන වෙනම PD 4 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ය. සේවයේ යෙදි සිටියදි මිය ගිය අයෙකු නම් ආයතන ප්‍රධානියා හා ග්‍රාම නිලධාරී PD 4 නිර්දේශය ද, විශ්‍රාම වැටුප් ලබා මිය ගිය අවස්ථාවක දි නම් ග්‍රාම නිලධාරීගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව අයදුම්පත ඉදිරිපත් කළ යුතු ය.
- දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල්
- දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල්
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකය පිටපත් - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල්
- විවාහ සහතිකය
- දායකයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත*
- කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත*
- අනත්දරුවාගේ හා භාරකරුගේ බැංකු පාස්පොතේ සහතික කළ පිටපත්*
- දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
- කලත්‍රයාගේ/ අනත්දරුවන්ගේ නමේ වෙනස්කම් පවතී නම් විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හෝ එම වෙනස්කම් තහවුරු කිරීම සඳහා නෛතික ලිපිලේඛන
- විවාහ සහතික
- එම විවාහ අවසන් වූ ආකාරය තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට විවාහ සඳහා)
- දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
- මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්
- දායකයාගේ පෙර විවාහයන්ගෙන් උපන් අවු.26 ට අඩු රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතික සහ බැංකු තොරතුරු
*ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතු ය.
අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ලබමින් සිටි අයෙකු නැවත විවාහ වීමක දී/ මියයාමක දී අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ අදාළ ප්‍රා.ලේ. කාර්යාලය මඟින් වන අතර, වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම අරඹා නොමැති අයවළුන්ගේ අයදුම්පත් (වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප ගෙවීම ඇරඹීමට පෙර වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වීම හෝ මියයාම හේතුවෙන්) මියගිය දායකයා/ දායිකාව අවසන් වරට සේවය කරන ලද ආයතනය මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වැ.අ.වි.වැ. අංශයට ඉදිරිපත් කළ යුතු ය.
භාවිත වන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
- 1898 අංක 01 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත
- 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත
- 1998 අංක 65 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- 2010 අංක 8 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත
- 2010 අංක 09 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/99
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015,06/2015(1)
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2008(1)
භාවිත වන වර්ග සංකේත අංක
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් - 23
- වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් - 27
- සන්නද්ධ සේවා අනත්දරු විශ්‍රාම වැටුප් - 41
- සන්නද්ධ සේවා වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් - 45
- වැන්දඹු අනත්දරු වයස අවු.21-26 අතර විශ්‍රාම වැටුප් - 50
- වැන්දඹු පුරුෂ අනත්දරු වයස අවු.21-26 අතර විශ්‍රාම වැටුප් - 51
- වැන්දඹු අනත්දරු වයස අවු.21ට අඩු හා 21ට වැඩි විශ්‍රාම වැටුප් - 53
ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම
රාජ්‍ය නිලධාරියෙකු/ නිලධාරිනියෙකුට දාව උපන්, අවු.26 ට පෙර හෝ උපතින් ම, සිය ජීවනෝපාය සලසා ගැනීමට නොහැකි අයුරින් ශාරීරික ව හෝ මානසික ව නිත්‍ය වශයෙන් ආබාධිත වූ දරුවන් සිටීනම් ඔවුන් වෙත මෙම ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරනු ලැබේ.
මේ සඳහා 08.15 දිනැති 1719/3 අංක දරන අති විශෙෂ ගැසට් පත්‍රය සහ 1981 අංක 44 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනතෙහි 11 වගන්තිය මඟින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි 29 වන වගන්තියට, 29අ අලුත් වගන්තිය ඇතුළත් කිරීම මඟින් පහත පරිදි ප්‍රතිපාදන සලසා ඇත.
“29අ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් පත් කරන ලද වෛද්‍ය නිලධරයන් තුන් දෙනකුගෙන් සමන්විත වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් විසින් අනත්දරුවකු ඔහුගේ ජීවනෝපාය සලසා ගැනීමට නොහැකි වන්නා වූ ශාරීරික හෝ මානසික අශක්යතාවකින් පෙළෙන බවට තීරණය කළ විටක ඒ අනත් දරුවාට, වයස ගැන නොතකා, මේ ආඥාපනත යටතේ යාව ජීව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබිය යුතු ය.”
තව ද වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනතෙහි 7 වැනි වගන්තියට ද ඉහත අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් රෙගුලාසි පනවා ඇත.
ක්‍රමවේදය
- සේවයේ යෙදී සිටියදී මියගිය නිලධාරීන් වෙනුවෙන් ප්රතිලාභ ලබා ගැනීමට වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා ජීවත්ව නොමැති අවස්ථාවකදී දායකයාට දාව උපන් ආබාධිත දරුවන් සිටී නම් එම දරුවන් වෙත ආබාධිත විශ්‍රාම වැටුපක් හිමිගැන්වීම සලකා බැලේ.
- තව ද විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමිකයෙකු/ විශ්රාමිකාවක මියගිය පසු කාලානුරූපීව වැ.අ.වි.වැටුපෙහි හිමිකාරිත්වය වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා වෙතත්, ඇයගේ/ ඔහුගේ ඇවෑමෙන් පසුව ආබාධිත දරුවන් වෙතත් හිමිගැන්වීම සිදු කෙරේ.
- ආබාධිත අනත්දරුවා වෙනුවෙන් සම්පූර්ණ කරන ලද PD4 අයදුම්පත, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2009 අනුව සම්පූර්ණ කරන ලද ආබා 1 අයදුම්පත, සෞඛ්‍ය 307 වාර්තාව, අවු.26 ට පෙර ආබාධයට ලක් වූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා, භාරකරු පිළිබඳ නිර්දේශ සමඟ මූලික
- පරීක්ෂණය සිදුකර නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ සහිත වාර්තාවක් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ඇති විශ්‍රාම වැටුප් ලිපිගොනුව වි.වැ.දෙ.වෙත යොමු කළ යුතුය.
- මව හා පියා යන දෙදෙනාම වැ.අ.වි.වැ. ක්රමයෙහි දායකත්වය දරන්නේ නම් දෙදෙනාගේම හිමිකම ආබාධිත අනත්දරුවා වෙත ලැබේ.
- විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්ගේ 2014.02.25 දිනැති තීරණය අනුව මව හා පියා යන දෙදෙනාගේ වැටුප්වලින් වැඩි වැටුප සම්පූර්ණයෙන් හා අඩු වැටුපෙන් 50%ක් ලෙස ගෙවීම් කරනු ලැබේ.
- 2014.08.05 දිනැති ප්‍රතිපත්ති කමිටු තීරණ අංක ප්‍රති/14/05/06 අනුව උපතේ සිට ආබාධිත අනත්දරුවන් වෙතත් වෛද්‍ය මණ්ඩල නිර්දේශය ලද දිනය පදනම් කරගෙන ගෙවීම් ඇරඹීම සිදු කෙරේ.
- තව ද 08.05 දිනැති ප්‍රතිපත්ති කමිටු තීරණ අංක ප්‍රති/14/05/07 අනුව උපතේදී ආබාධිත නොවන අනත්දරුවන් වසර 05 කට වරක් වෛද්‍ය මණ්ඩලයකට යොමු කර ආබාධිත තත්ත්වය තවදුරටත් පවතීද යන්න නිශ්චය කරගෙන ගෙවීම් සිදු කිරීම සඳහා කටයුතු කෙරේ.
අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුගත ක්‍රියාවලිය
අවශ්‍ය ලිපිලේඛන
- PD 4 අයදුම්පත
- සන්නද්ධ බලසේනා අයදුම්පත (දායකයා/ දායිකාව හමුදා සේවයේ සිටි අයෙකු නම්)
- ආබා 1 අයදුම්පත
- දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- කලත්‍රයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකය
- විවාහ සහතිකය
- ආබාධිත දරුවාගේ/ දරුවන්ගේ උප්පැන්න සහතික
- ආබාධිත දරුවාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත*
- භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත*
- ආබාධිත දරුවා වෙත ගෙවීම් කරන්නේ නම් එම බැංකු පාස්පොතේ සහතික කළ පිටපත*
- භාරකරුවෙකුගේ භාරකාරත්වය යටතේ ගෙවීම් කරන්නේ නම් ඔහු/ ඇයගේ බැංකු පාස්පොතේ සහතික කළ පිටපත*
- සෞඛ්‍ය 307 වාර්තාව
- අවු.26 ට පෙර ප්‍රතිකාර ලබාගත් වෛද්‍ය වාර්තා
- ප්‍රාදේශීය ලේකම් විසින් පවත්වනු ලබන මූලික පරීක්ෂණ වාර්තාව සහ නිර්දේශ
- විශ්‍රාම වැටුප් මුල් ගොනුව
- දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
- දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි
- Death certificate
- විවාහ සහතික
- එම විවාහ අවසන් වූ ආකාරය තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට විවාහ සඳහා)
- දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
- මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්
- ආබාධිත දරුවා සිටිනුයේ නිවාසයක නම් ඒ පිළිබඳ තොරතුරු
- මාසික වියදම් ඇස්තමේන්තුව
- එම නිවාසය රජයේ ලියාපදිංචි කර ඇති බව තහවුරු කිරීමට ලිපිලේඛන
- ආබාධිත දරුවාගේ සම්පූර්ණ ඡායාරූපයක්
- ආබාධිත දරුවා විවාහක අයෙකු නම්, ඔහුගේ ආදායම් තත්ත්වය/ දේපල හිමිකම/ පවුලේ ආදායම පිළිබඳ ග්‍රා.නි. විසින් නිර්දේශ කරන ලද ප්‍රා.ලේ.වාර්තාව
*ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතු ය.
*බැංකු ගිණුම් නති පුද්ගල සහ ඉතිරිකිරීමේ ගිණුම් විය යුතු ය.
භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
- 1898 අංක 1 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥාපනත
- 1998 අංක 57 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධිත) පනත
- 1998 අංක 64 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධිත) පනත
- 2010 අංක 8 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධිත) පනත
- 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත
- 1998 අංක 65 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධිත) පනත
- 2001 අංක 2 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධිත) පනත
- 2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධිත) පනත
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/2009 හා 01/2009 සංශෝධන (1)
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 07/2020 හා 07/2020 සංශෝධන (1)
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2008(1)
භාවිත වන වර්ග සංකේත අංක
- වැන්දඹු ආබාධිත විශ්‍රාම වැටුප් - 24
- වැන්දඹු පුරුෂ ආබාධිත විශ්‍රාම වැටුප් - 28
- සන්නද්ධ සේවා ආබාධිත විශ්‍රාම වැටුප් - 42
- සන්නද්ධ සේවා වැන්දඹු පුරුෂ ආබාධිත විශ්‍රාම වැටුප් - 46
සන්නද්ධ හමුදා වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම
ත්‍රිවිධ හමුදාව
1. යුද්ධ හමුදාව
2. ගුවන් හමුදාව
3. නාවික හමුදාව
පසුබිම
- ත්‍රිවිධ හමුදාවන්හි නිත්‍ය සාමාජිකයින් වෙනුවෙන් 1970 වර්ෂයේදී පනවන ලද 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රම (සන්නද්ධ බලසේනා) පනත සහ 1970.11.28 දිනැති නියෝග මාලාව, මගින් වැ.අ.වි.වැ. ප්රතිලාභ හිමිගැන්වීම අරඹන ලදී.
- සන්නද්ධ බලසේනාවන්හි ද ප්‍රථමයෙන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයෙහි ප්රතිලාභ හිමිගන්වා ඇත්තේ පුරුෂ සාමාජිකයින් හට පමණි. ඒ අනුව ඔවුන්ට පමණක් සීමා වී පැවති මෙම විශ්‍රාම වැටුප් ක්රමයේ ප්රතිලාභ කාන්තා සාමාජිකයින් වෙත ද ලබා දෙමින් 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත නිකුත් කරන ලදී.
- මෙහිදී 1968.09.30 දිනට පසු නිත්‍ය සේවය බැඳුණු සාමාජිකයින් අනිවාර්ය සාමාජිකයින් වන අතර, එම දිනට පෙර සේවයට එක්වන ලද සාමාජිකයින් හට තම මනාපය පරිදි මෙම විශ්‍රාම වැටුප් ක්රමයෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර, අවසන් වරට එම කාලසීමාව දීර්ඝ කරන ලද්දේ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2006මඟිනි. ඒ අනුව එම කාලසීමාව 2006.06.30 දිනයෙන් අවසන් වී ඇත.
- සන්නද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවන්හි සාමාජිකයින් හට මෙම විශ්‍රාම වැටුප් ක්රමයෙහි ප්රතිලාභ ලබාගැනීම සඳහා හිමිකමක් නොපැවති අතර, පසුකාලීනව නිකුත් කරන ලද විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 10/2009 විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 10/2009 මඟින් සන්නද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවන්හි සාමාජික සාමාජිකාවන් හට වැ.අ.වි.වැ. ක්රමයෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අවකාශ සැලසුනි. එහිදී ද ඔවුන්ගේ මනාපය පරිදි මෙම විශ්‍රාම වැටුප් ක්රමයෙහි සාමාජිකත්වය ලබා ගැනීම සිදු කළ හැකි වන පරිදි වරින් වර මනාපය පලකළ හැකි කාලයන් ලබා දී ඇති අතර, අවසන් වරට එම දින දීර්ඝ කිරීම සිදුකර ඇත්තේ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2012 මඟින්ය. එම අවසන් දිනය වන්නේ 2012.12.31වේ.
- සන්නද්ධ සේවා නිලධාරීන්ගේ වැ.අ.වි.වැ. අංකය ඔවුන්ගේ සේවා අංකය ම වන අතර, ඔවුන් වෙනුවෙන් වැ.අ.වි.වැ. ලිපි ගොනුවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි ලේඛනාගාරය තුළ නඩත්තු නොවේ. මෙම සාමාජිකයෙකුගේ ඇවෑමෙන් අනතුරු ව ඔවුන් වෙනුවෙන් වැ.අ.වි.වැ. අයදුම්පතක් ඉදිරිපත් කිරීම අදාළ සන්නද්ධ සේවාවේ ආයතන ප්‍රධානි (වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලය) විසින් සිදුකළ යුතුය.
- අදාළ සාමාජිකයා/ සාමාජිකාව මියගිය දිනට පසු දින සිට වැ.අ.වි.වැ./ වැ.පු.අ.වි.වැ. හිමිගන්වනු ලැබේ.
ක්‍රමවේදය
ත්‍රිවිධ හමුදාව වෙතින් අයදුම්පත යොමු කිරීම වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ක්රියාවලියෙහි මූලික පියවර වේ. මෙය ආකාර දෙකකි.
A. සේවයේ යෙදී සිටියදී මියයාම
මෙහිදී අදාළ හමුදාව වෙතින් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015(1) ප්‍රකාර ව සන්නද්ධ බලසේනා වැ.අ.වි.වැ. අයදුම්පත හා ලිපිලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය. මෙහිදී සාමාජිකයාගේ සේවා කාලය පිළිබඳව නොතකා වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සිදු කෙරේ.
එසේ වුවත් 1970 අංක 18 දරන වැ.අ.වි.වැ.(සන්නද්ධ බලසේනා) රෙගුලාසීන්,හි,
27(1) “ මෙහි මින්මතු සලස්වන විධිවිධාන පරිදි හැර, දායකයෙකු විවාහවීමෙන් දොළොස් මසක් ඇතුළත ඔහු මියයන කළ හා එවැනි විවාහයකින් දරුවන් නොමැති කළ මෙම නියෝග යටතේ ඔහුගේ වැන්දඹුව, විශ්‍රාම වැටුප් කාර්යයන් සඳහා අර්ථලාභිකාවක් හෝ විශ්‍රාම වැටුපකට හිමිකාරියක් හෝ නොවිය යුතුය. එසේ වුවද, මෙම ඡේදයේ මීට පෙරාතුව දක්වා ඇති විධිවිධාන නොතිබෙන්නට වැන්දඹුවට හිමිකම් ඇති විය හැකිව තිබූ සම්පූර්ණ විශ්‍රාම වැටුප හෝ ඉන් මොනයම් කොටසක් හෝ ඇයට ගෙවන ලෙස අධ්යක්ෂ විසින් තම අභිමතය පරිදි විධානය කළ හැකි වන අතර, ඒ අන්දමට අධ්යක්ෂ විධානය කරන කල්හි, වැන්දඹුව ඒ අනුව ගෙවීම් ලැබීමට හිමි කාරියක් වන අතර මෙම නියෝගයන්හි කාර්යයන් සඳහා අර්ථලාභිකාවක්ද වන ලෙස සැලකිය යුතුයි.”
(2) “මෙම නියෝගයේ (1) වැනි ඡේදයට අනුකූලව අධ්යක්ෂ විසින් දෙනු ලැබූ විධානයක බලය අනුව විශ්‍රාම වැටුපෙන් කොටසක් පමණක් වැන්දඹුවට ගෙවිය යුතු අතර, එම විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස එක අර්ථලාභියකු සිටීනම් ඔහුට හෝ අර්ථලාභීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටිත්නම්, සම කොටස් වලින් එම අර්ථලාභීන්ට හෝ ගෙවිය යුතුය.”
ලෙස ප්‍රතිපාදන සලසා ඇත. මෙවැනි අවස්ථාවන්හිදී වැන්දඹුව වෙත වැන්දඹු විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සඳහා අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ.
තවද මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් වැන්දඹු පුරුෂයන් සඳහා වන ප්රතිපාදනයන් 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනතෙහි 26(1) හා (2) වගන්තිවලින් පහත පරිදි දක්වා ඇත.
“26.(1) මෙහි මින්මතු සලස්වන විධිවිධාන පරිදි හැර දායිකාවක විවාහවීමෙන් දොළාස් මසක් ඇතුළත ඇය මියයන කල හා එවැනි විවාහයකින් දරුවන් නොමැති කළ, මෙම නියෝග යටතේ ඇයගේ වැන්දඹු පුරුෂයා, විශ්‍රාම වැටුප් කාර්යයන් සඳහා අර්ථලාභියෙක් හෝ විශ්‍රාම වැටුපකට හිමි කාරයෙක් හෝ නොවිය යුතු ය. එසේ වුවද මෙම ඡේදයේ මීට පෙරාතුව දක්වා ඇති විධිවිධාන නොතිබෙන්නට වැන්දඹු පුරුෂයාට හිමිකම් ඇති විය හැකිව තිබූ සම්පූර්ණ විශ්‍රාම වැටුප හෝ ඉන් මොනයම් කොටසක් හෝ ඔහුට ගෙවන ලෙස අධ්යක්ෂ විසින් තම අභිමතය පරිදි විධානය කළ හැකි වන අතර, ඒ අන්දමට අධ්යක්ෂ විධානය කරන කල්හි, වැන්දඹු පුරුෂයා ඒ අනුව ගෙවීම් ලැබීමට හිමිකරුවෙක් වන අතර මේ නියෝගයන්හි කාර්යයන් සඳහා අර්ථලාභියෙක් ද වන ලෙස සැලකිය යුතුයි.
(2) මෙම නියෝගයේ (i) වන ඡේදයට අනුකූල ව අධ්යක්ෂ විසින් දෙනු ලැබූ විධානයක බලය අනුව, විශ්‍රාම වැටුපෙන් කොටසක් පමණක් වැන්දඹු පුරුෂයාට ගෙවිය යුතු වූ අවස්ථාවක, එම විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස වෙනත් අර්ථලාභියකු සිටීනම් ඔහුට හෝ අර්ථලාභීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටිත් නම්, සම කොටස්වලින් එම අර්ථලාභීන්ට හෝ ගෙවිය යුතුය.”
A.1. අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
A.2. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2015(1) අනුව යොමු කෙරෙන සන්නද්ධ බලසේනා වැ.අ.වි.වැ. අයදුම්පතක් සම්බන්ධයෙන් වන ක්‍රියා පිළිවෙත
B. විශ්‍රාමිකව සිටියදී මියයාම
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විශ්‍රාම වැටුප් ලබමින් සිටියදී මියයන සාමාජිකයින් වෙනුවෙන් වැ.අ.වි.වැ. හිමිගැන්වීම සඳහා එම පුද්ගලයා අයත් හමුදාව වෙතින් වැ.අ.වි.වැ. (සන්නද්ධ බලසේනා) අයදුම්පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කළ යුතු වේ. ඉන්පසුව විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 ප්‍රකාර ව වැ.අ.වි.වැ. අයදුම්පත මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් සිදු කළ යුතුය.
B.1. අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
B.2. වි.වැ.ච.ලේ.03/2020 අනුව යොමු කෙරෙන අයදුම්පත් (Online) සඳහා ක්‍රියා පිළිවෙත
- මෙම අයදුම්පත් ඉදිරිපත් වන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ වන බැවින් හිඟ මුදල් රු.ලක්ෂ 5 ඉක්මවන්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සිවිල් / සේවා විශ්‍රාම වැටුප් ලිපිගොනු දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සිදු කෙරේ. එසේ කැඳවන ගොනුවල ඉදිරි කටයුතු විශ්‍රාම වැටුප් චක්‍රෙල්ඛ 06/2015(1) ප්‍රකාරව සිදු කෙරෙන අතර, හිඟ වැටුප් ගණනයකර පරීක්ෂාව සඳහා යොමු කිරීම, නිර්දේශ කිරීම සහ අනුමත කිරීම සහ ගෙවීම් ආරම්භ කිරීම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබේ.
අයදුම්පතට ඇතුළත් විය යුතු ලිපිලේඛන
- සන්නද්ධ බලසේනා අයදුම්පත
- PD 4 අයදුම්පත
- දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- විවාහ සහතිකය
- දායකයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
- කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
- කලත්‍රයාගේ ඉතිරිකිරීමේ ගිණුමක (තනි පුද්ගල) බැංකු පාස්පොතේ සහතික කළ පිටපත
- දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
- කලත්‍රයාගේ නමේ වෙනස්කම් පවතී නම් විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හෝ එම වෙනස්කම් තහවුරු කිරීම සඳහා නෛතික ලිපිලේඛන
- දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි,
- විවාහ සහතික
- එම විවාහ අවසන් වූ ආකාරය තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට විවාහ සඳහා)
- දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
- මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්
- දායකයාගේ පෙර විවාහයන්ගෙන් උපන් අවු.26 ට අඩු රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතික සහ බැංකු තොරතුරු
- කලත්‍රයාගේ වර්තමාන සිවිල් තත්ත්වය පිළිබඳ ප්‍රා.ලේ.වාර්තාව
මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ නොහැකි වන අවස්ථා
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 මඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇතත්, එම පද්ධතියෙහි පවතින දෝශ හේතුවෙන් එම ක්‍රමවේදයෙන් බැහැරව විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015(1) ප්‍රකාර ව කටයුතු කිරීම සඳහා සන්නද්ධ බලසේනා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථා මෙසේය.
- වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වීම මත 50 % වැ.වි.වැ. ගෙවීම.
- විශ්‍රාමිකයා විශ්‍රාම ගන්වන ලද වගන්තිය නව දත්ත පද්ධතිය තුළ ඇතුළත් නොවීම.
- නව පද්ධතිය මඟින් අඩු නොකළ වැටුප ලබාගත නොහැකි වීම.
- ගොනුව තුළ මුල් ප්‍රදාන පත්‍රයක් නොමැති වීම නිසා පද්ධතියට ඇතුළත් කළ යුතු වැටුප සකසා ගැනීමට නොහැකි වීම.
- දායකයාගේ හෝ කලත්‍රයාගේ නම්වල සැලකිය යුතු වෙනස්කම් පැවතීම.
- බහු විවාහ හා විවාහ ගැටළු පිළිබඳ තොරතුරු වාර්තා වීම.
- එක් වැන්දඹුවකට ගෙවීම් කරන අතරතුර වෙනත් වැන්දඹුවක් ඉදිරිපත් වීම.
- ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම.
- අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම ඇරඹීම.
- අනත්දරුවන්ගේ භාරකරුවන් වෙනස් කිරීම.
- වැඩිපුර ගෙවීම් පැවතීම.
- දායකයා විශ්‍රාම වැටුප් අහිමි තත්ත්වයෙන් මියයාම.
- කලත්‍රයා විසින් දායකයාට දාව උපන් අනත්දරුවන් නොසලකා හැර, ඔවුන් වෙනත් භාරකරුවන් යටතේ සිටීම.
සන්නද්ධ හමුදාවන්හි සාමාජික/ සාමාජිකාවන් වෙනුවෙන් වැ.අ.වි.වැ. හිමිගැන්වීමේ දී යම් පුද්ගලයෙකුට ඇති හිමිකම හෝ යම් අර්ථලාභියෙකු හට ගෙවිය හැකි විශ්‍රාම වැටුප් මුදල සම්බන්ධයෙන් හෝ පනතෙහි විධිවිධානයන් හා අර්ථකථනයන් සම්බන්ධයෙන් හෝ ඇතිවන ගැටළුකාරී අවස්ථාවන්හි දී තීරණ ගැනීම සඳහා අධ්යක්ෂ මඟින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වන බව 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රම (සන්නද්ධ බලසේනා) පනතෙහි 37 වගන්තිය සහ 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ බලසේනා) පනතෙහි 36 වන වගන්තිය මඟින් දක්වා ඇත.
භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
- 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රම (සන්නද්ධ බලසේනා) පනත
- 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ බලසේනා) පනත
- 1985 අංක 18 දරන සන්නද්ධ හමුදා වැන්දඹු හා අනත්දරු (සංශෝධන) පනත
- 1999 අංක 55 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- 2009 අංක 29 දරන සන්නද්ධ හමුදා වැන්දඹු හා අනත්දරු (සංශෝධන ) පනත
- 2010 අංක 8 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- 2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2006- සන්නද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවන්හි සාමාජික සාමාජිකාවන් සඳහා වැ.අ.වි.වැ. හිමිකම ලබාදීම සහ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මනාපය ලබා දීම සඳහා.
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2009- Instructions and code numbers for the payment of armed forces W&OP to District and Divisional Secretariats ප්‍රා
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 10/2009- සන්නද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවන්හි සාමාජික සාමාජිකාවන්ට වැ.අ.වි.වැ. ක්‍රමයට සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මනාපය ලබාදීමේ කාලය දීර්ඝ කිරීම.
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2012- Extending the period given to the members of the male/ female members of voluntary forces, to get the membership of W&OP.scheme
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015(1)
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2008(1)- හිඟ දායක මුදල් අය කිරීම.
භාවිත කෙරෙන වර්ග සංකේත අංක
- සන්නද්ධ සේවා වැන්දඹු විශ්‍රාම වැටුප් - 40
- සන්නද්ධ සේවා වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් - 44
සිවිල් වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම
පසුබිම
- ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ ප්‍රථම වරට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්තේ 1898 වර්ෂයේ ජූනි 23 වන දින වේ. ඒ 1898 අංක 01 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත ක්‍රියාත්මක කිරීම මගිනි.
- මුල් කාලීනව සිවිල් නිලධාරීන්ට පමණක් සීමා වූ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය පසුව 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු (සන්නද්ධ හමුදා ) වැටුප් පනත ක්‍රියාත්මක කිරීම හා ඒ යටතේ පනවන ලද 1970.11.28 දිනැති නියෝග මාලාව මගින් සන්නද්ධ සේවා නිලධාරීන් සඳහා ද, 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත ක්‍රියාත්මක කිරීම මගින් කාන්තා නිලධාරිනියන් සඳහා ද මෙම විශ්‍රාම වැටුප් හිමිකම ලබා දෙන ලදි.
- මෙයට අමතරව ගුරු වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා පළාත් පාලන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය ලෙස තවත් යෝජනා ක්‍රම දෙකක් පැවති අතර මේ වන විට එම යෝජනා ක්‍රම වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රම හා ඒකාබද්ධ කර ඇත.
ඒ අනුව,
“වැන්දඹු/ වැන්දඹු පුරුෂ අනත්දරු ක්රමයේ ලියාපදිංචිය ලැබූ රජයේ නිලධාරියෙකු/ නිලධාරිනියකගේ ඇවෑමෙන් ඔවුන්ගේ නීත්‍යනුකූල/ වලංගු විවාහයේ කලත්‍රයා හා අවුරුදු 26 ට අඩු රැකියා විරහිත අනත්දරුවන් වෙත මෙම වැන්දඹු/ වැන්දඹු පුරුෂ අනත්දරු ක්රමයේ ප්රතිලාභ හිමිගන්වනු ලැබේ.”
- විවාහයෙන් වසරක් ඇතුළත දරුවන් නොලබා දායකයා මිය ගිය විට ප්රතිලාභ සඳහා 1898 අංක 01 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනතේ 28 වන වගන්තිය හා 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් පනතේ 11 වන වගන්තිය අනුව වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිකම නොමැත. එසේ වුව ද විශ්‍රාම වැටුප හෝ එයින් කොටසක් හිමිගැන්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා සතුව පවතී.
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්/ වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීමේ දී ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් වල දී කටයුතු කළ යුතු ආකාරය එක් එක් පනතෙහි පහත පරිදි දක්වා ඇත.
1898 අංක 1 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත
“42. මෙම ආඥාපනතෙන් අදහස් කෙරෙන රාජ්‍ය නිලධාරියා කවරෙක් ද? රාජ්‍ය නිලධාරියෙකුගේ වැන්දඹුව හෝ දරුවන් හැටියට විශ්‍රාම වැටුප හිමිවිය යුත්තේ කාට ද ; ඔවුනට හිමි විය යුතු විශ්‍රාම වැටුප කොපමණ ද ; ආදී වශයෙන් පැන නගින කරුණක් ගැන හෝ මෙම ආඥාපනතේ වගන්තියක තේරුම ගැන හා පද පිළිවෙල ගැන හෝ ආඥාපනත යටතේ සාදන ලද කිසියම් නීතියක් හෝ රෙගුලාසියක් ගැන හෝ අධ්යක්ෂවරුන්, නිලධාරීන්, වැන්දඹුවන් හෝ අනාථ දරුවන් විසින් කිසියම් ගැටළුවක් මතු කරනු ලැබුවහොත් එම ගැටළුව නිරාකරණය කරනු පිණිස අධ්යක්ෂවරුන් විසින් භාණ්ඩාගාර ලේකම් වෙත ඉදිරිපත් කළ යුත්තේ ය. එහිදී භාණ්ඩාගාර ලේකම් විසින් දෙනු ලබන තීරණය අවසාන තීරණය විය යුත්තේ ය.”
1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත
“31. මේ පනතේ අර්ථානුකූලව යම් තැනැත්තියක් දායිකාවක වේද යන්න පිළිබඳව හෝ දායිකාවකගේ වැන්දඹු පුරුෂයකු වශයෙන් හෝ අනත්දරුවකු වශයෙන් යම් තැනැත්තකු මේ පනත යටතේ විශ්‍රාම වැටුපක් ලැබීමට අයිතිවාසිකම් ලැබ තිබෙන්නේ ද යන්න පිළිබඳව හෝ මේ පනත යටතේ වැන්දඹු පුරුෂයකුට හෝ අනත්දරුවකුට ලැබීමට අයිතිවාසිකම තිබෙන විශ්‍රාම වැටුපේ ප්‍රමාණය පිළිබඳව හෝ යම් ප්‍රශ්නයක් උද්ගතවන අවස්ථාවක, ඒ ප්රශ්නය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කළ යුතු ය.”
- දායකයා හෝ දායිකාව මියගිය දිනයට පසු දින සිට වැ.අ.වි.වැ./ වැ.පු.අ.වි.වැ. හිමිගන්වනු ලැබේ.
ක්‍රමවේදය
මේ අනුව සිවිල් වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් සැකසීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ආකාර 03 කි.
- Manual - විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015,06/2015(1)
- DS Portal - විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015,06/2015(1)
- 03/2020 Online System - විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020
(DS Portal හා 03/2020 Online System යනු, දෙපාර්තමේන්තුවේ පවත්නා තොරතුරු පද්ධති වේ.)
අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය
- සේවයේ යෙදී සිටියදී මියගිය නිලධාරියෙකු/ නිලධාරිනියක වෙනුවෙන් අයදුම් කිරීම.
- විශ්‍රාමික ව සිටියදී මියගිය නිලධාරියෙකු/ නිලධාරිනියක වෙනුවෙන් අයදුම් කිරීම.
- ප්‍රා.ලේ. විසින් අනුමත කිරීමෙන් පසුව පද්ධතිය හරහා අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු වේ.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015, 06/2015 (1) අනුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත්
- සේවයේ යෙදි සිටියදී මියයන නිලධාරීන්/ නිලධාරිනියන් වෙනුවෙන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම.
- විශ්‍රාම වැටුප් අහිමි තත්ත්වයෙන් මියයන නිලධාරීන් / නිලධාරිනියන් වෙනුවෙන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු ප්රතිලාභ හිමිගැන්වීම.
- වැන්දඹු විශ්‍රාම වැටුප් ලබමින් සිටින ප්‍රතිලාභී පාර්ශවය යළි විවාහ වීම හේතුවෙන් 50% වැන්දඹු විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම.
- අතුරුදන් වූ විශ්‍රාමිකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු වෙනුවෙන් ප්රතිලාභ හිමිගැන්වීම.
- අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීම.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015, 06/2015 (1) යටතේ ඉදිරිපත් කෙරෙන අයදුම්පතක් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුගත ක්‍රියා පිළිවෙත.
හිමිකම නොමැති හෝ ගෙවීම් ප්‍රතික්ෂේප වන ගොනු සඳහා නෛතික පදනම සහිතව අදාළ පාර්ශව වෙත ප්‍රතික්ෂේප කිරීමේ ලිපි යොමු කර, ගොනුව ලේඛනාගාරගත කිරීම සිදු කෙරේ.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015, 06/2015 (1) අනුව පැරණි මාර්ගගත ක්‍රමවේදය (DS Portal System ) යටතේ ඉදිරිපත් කෙරෙන අයදුම්පත්
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 නිකුත් කිරීමට පෙර පැවති ක්‍රමවේදය මෙය වේ. මෙහිදී අයදුම්පත දත්ත පද්ධතියට ඇතුළත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදුකරන ලද අතර, එම තොරතුරු තහවුරු කිරීමේ ලේඛන පරිලෝකනය කර දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු ය.
මෙම පද්ධතිය මගින් සිදුකරන ලද ගෙවීම්
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප්
- වයස අවු.18 සම්පූර්ණ වූ අනත්දරුවන්ට අනත්දරු විශ්‍රාම වැටුප්
- 50% වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම
- වැන්දඹු/ අනත්දරු විශ්‍රාම වැටුප් වැඩි වීම
- 55 සංශෝධන (එම කොටස මේ වන විට විශමතා අංශය වෙතින් සිදු කරනු ලැබේ.)
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 නිකුත් කිරීමෙන් පසු මෙම දත්ත පද්ධතිය මඟින් අයදුම්පත් යොමු කරනු ලබනුයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් සහ නැවත විවාහ වූ වැන්දඹු/වැන්දඹු පුරුෂයන් සඳහා 50% විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සහ වැන්දඹු/ අනත්දරු විශ්‍රාම වැටුප් වැඩි වීම (Widow/ Orphan Salary Increase) පමණි.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 6/2015, 6/2015(1) අනුව DS Portal System මඟින් යොමු කෙරෙන අයදුම්පත් සඳහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත ![9](/images/wop/6.2.5.png)
- මෙහි දී වැන්දඹු/ අනත්දරු විශ්‍රාම වැටුප් වැඩි වීම (Widow/ Orphan Salary Increase) යන්න මඟින් සිදු කරනුයේ, අනත්දරුවන් කිහිපදෙනෙකු සිටින විට දී එක් එක් අනත්දරුවාගේ හිමිකම අවසන් වූ විට එම දරුවාට ගෙවන ලද විශ්‍රාම වැටුප් කොටස අනෙක් අනත්දරුවන්ට/ අනත්දරුවාට ගෙවන විශ්‍රාම වැටුපට එකතු කිරීමත්, නීත්‍යනුකූල විවාහ කිහිපයක වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා හා පෙර විවාහයේ අනත්දරුවන්ට ගෙවීමක දී එම අනත්දරු හිමිකම අවසන් වූ පසු එම දරුවන්ට/ දරුවාට ගෙවීම් කළ විශ්‍රාම වැටුප් කොටස වැන්දඹු/ වැන්දඹු පුරුෂයාට ගෙවන විශ්‍රාම වැටුපට එකතු කිරීමත් ය. එහි දී ඉහත ක්‍රියාවලිය ම සිදු කෙරෙන අතර, හිඟ වැටුප් ගණනය කර, පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ගෙවීම් වාර්තාව ලබාගැනීමට ප්‍රථම දත්ත පද්ධතියෙහි පිවිසුම මඟින් ස.අ.(වැ.අ.වි.වැ.) නිර්දේශය ලබා දීම සිදු කෙරේ.
- මෙම ක්‍රියාවලියේදී ද හිඟ මුදල රු. ලක්ෂ 7.5 ඉක්මවන අවස්ථාවලදී ප්‍රා.ලේ.කාර්යාලයෙන් මුල් විශ්‍රාම වැටුප් ලිපිගොනුව වි.වැ.දෙ.වෙත ගෙන්වාගෙන, මාර්ගගත නොවන ක්‍රමයට අනුව වැ./ වැ.පු.අ.වි.වැ. ගෙවීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීම සිදු කෙරේ. මෙහිදී එම ගොනුවෙහි,
- ගෙවීම් නවත්වන ලද දිනය තහවුරු කිරීම.
- වැඩිපුර ගෙවීම් පවතීද? පවතී නම් එම මුදල කොපමණද? එම මුදල නැවත අයකරගෙන තිබේද? යන්න තහවුරු කිරීමට මුදල් ගෙවීමේ කුවිතාන්සියෙහි සහතික කළ පිටපත ඇතුළත් කර එවිය යුතුය.
- මෙසේ වැ.අ.වි.වැ. අංශය වෙත යොමු කෙරෙන ගොනුව,
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 අනුව මාර්ගගතව (online) ඉදිරිපත් කෙරෙන අයදුම්පත්
- විශ්‍රාම වැටුප් ලබා මියයන දායක/ දායිකාවන් වෙනුවෙන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු ප්රතිලාභ හිමිගැන්වීම සඳහා ප්‍රා.ලේ කාර්යාල වෙතින් අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මෙම චක්‍රලේඛයට අනුකූලව ය.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020 අනුව යොමු කෙරෙන අයදුම්පත් සඳහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා පිළිවෙත
- මෙම අයදුම්පත් ඉදිරිපත් වන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ වන බැවින් හිඟ මුදල් රු.ලක්ෂ5 ඉක්මවන්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සිවිල් / සේවා විශ්‍රාම වැටුප් ලිපිගොනු වැ.අ.වි.වැ.අංශය වෙත කැඳවීම සිදු කෙරේ. එසේ කැඳවන ගොනුවල හිඟ වැටුප් ගණනයකර පරීක්ෂාව සඳහා යොමු කිරීම, නිර්දේශ කිරීම සහ අනුමත කිරීම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබේ.
- මෙම ගොනු යොමු කිරීමේදී ඒවායෙහි,
- ගෙවීම් නවත්වන ලද දිනය තහවුරු කිරීම.
- වැඩිපුර ගෙවීම් පවතීද? පවතී නම් එම මුදල කොපමණද? එම මුදල නැවත අයකරගෙන තිබේද යන්න තහවුරු කිරීමට මුදල් ගෙවීමේ කුවිතාන්සියෙහි සහතික කළ පිටපත ඇතුළත් කර එවිය යුතුය.
- මෙසේ වැ.අ.වි.වැ. අංශය වෙත යොමු කෙරෙන ගොනුව,
- ඉහත දැක්වෙන සියලුම ආකාරයන්ගෙන් ගෙවීම් සඳහා යොමු කෙරෙන ලිපිගොනුවල හිඟ වැටුප රු.ලක්ෂ 15 ඉක්මවන්නේ නම් එම ලිපි ගොනුවල මාසික ගෙවීම පමණක් සක්‍රීයකර, හිඟ වැටුප සඳහා අනුමැතිය ලබාගැනීමට විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ප්රමුඛ කමිටුවක් වෙත යොමු කිරීම සිදු කෙරෙන අතර, එම අනුමැතිය ලද පසු හිඟ වැටුප් ගෙවීම සඳහා වි.වැ.දෙපාර්තමේන්තු ගිණුම් අංශය වෙත යොමු කෙරෙනු ඇත.
- මෙයට අමතර ව යම් නිලධාරියෙකු විශ්‍රාම ගන්වා, විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර මියගිය විට ඔහුගේ/ ඇයගේ උරුමකරුවන් වෙත උරුමකරු ගෙවීම් සිදු කිරීම දෙපාර්තමේන්තුවෙහි මධ්‍යගත විශ්‍රාම වැටුප් අංශයෙන් සිදුකර, වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු සඳහා එම ලිපි ගොනුව යොමු කරනු ලැබේ. ඒ අනුව එම ලිපි ගොනුවල ඉදිරි ක්‍රියාවලිය ඉහත විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2015(1) අනුව සිදු කෙරේ.
- එසේ ම විදේශගත වී සිටින වැන්දඹු/ වැන්දඹු පුරුෂයන් වෙත වැ.වි. වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු විදේශ විශ්‍රාම වැටුප් අංශය මඟින් සිදු කෙරේ.
- 1898 අංක 01 දරන වැ.අ.වි.වැ.ආඥාපනතේ 43 වගන්තිය ප්‍රකාර ව යම් නිලධාරියෙකු වැ.අ.වි.වැ. දායක මුදල් ගෙවීම අවසන් කිරීමෙන් පසුව එනම්, විශ්‍රාම යාම/ සේවයෙන් අස් කිරීම/ සේවයෙන් ඉල්ලා අස් වීම යන අවස්ථාවලින් පසුව එළඹෙන විවාහයන්ගෙන් ඇති වන වැන්දඹු/ වැන්දඹු පුරුෂ/ අනත්දරුවන් වැ.අ.වි.වැ. ක්රමයෙහි ප්රතිලාභ සඳහා හිමිකම් නොලබයි. නමුත් වි.වැ.ව්ය.සංග්‍රහයේ 2-7 වගන්තිය යටතේ විශ්‍රාම ගන්වනු ලබන (තනතුර අහෝසි වීම මත) නිලධාරීන්/ නිලධාරිනියන් විසින් ඔවුනගේ වයස අවු.55 දක්වා සිදුකරගන්නා විවාහයන් සඳහා මෙම විධිවිධාන අදාළ නොවේ.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මාර්ගගත දත්ත පද්ධති ඔස්සේ අයදුම්පත් යොමු කිරීමේදී වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා/ අනත්දරුවා සහ වැ.අ.වි.වැ. අංකය තහවුරු කරගැනීමේ පහසුව සඳහා වැ.අ.වි.වැ. ලිපි ගොනු පරිලෝකනයකර AuraDocs නම් තොරතුරු පද්ධතියකට ඇතුළත්කර ඇත. මෙය මගින් අදාළ පුද්ගලයාගේ වැ.අ.වි.වැ. සාමාජික අංකය හෝ නම සෙවුම් කිරීම ඔස්සේ වැ.අ.වි.වැ. ලිපි ගොනු පරිලෝකනය වී ඇත්නම් එය පරීක්ෂා කළ හැකිය.
- AuraDocs තොරතුරු පද්ධතිය වෙත පිවිසීම සඳහා ලියාපදිංචි වී තිබිය යුතුය. ඒ සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශය වෙතින් පිවිසුමක් සකස් කරගත යුතුය.
සැ.යු.- මෙම දත්ත පද්ධතිය සඳහා පිවිසුම් පහසුකම් ලබා දී ඇත්තේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයන් හි විශ්‍රාම වැටුප් විෂය භාර නිලධාරීන් වෙත පමණි.
AuraDocs තොරතුරු පද්ධතිය මගින් ලිපි ගොනුවක් සෙවුම් කරන ආකාරය පහතින් දැක්වේ.
මෙසේ පරිලෝකනය වී නොමැති ලිපි ගොනු ප්‍රා.ලේ. කාර්යාල මගින් යොමු කරන ඉල්ලීම්වලට අනුව, වැ.අ.වි.වැ.ලේඛනාගාරයෙන් ලබාගෙන, පරිලෝකනයකර AuraDocs පද්ධතියට ඇතුළත් කිරීම සිදුකරනු ලැබේ.
අවශ්‍ය ලිපි ලේඛන
- PD 4 අයදුම්පත
- දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
- විවාහ සහතිකය
- දායකයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
- කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
- කලත්‍රයාගේ ඉතිරි කිරීමේ ගිණුමක (තනි පුද්ගල) බැංකු පාස්පොතේ සහතික කළ පිටපත
- දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
- කලත්‍රයාගේ නමේ වෙනස්කම් පවතී නම් විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හෝ එම වෙනස්කම් තහවුරු කිරීම සඳහා නෛතික ලිපිලේඛන
- දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි,
- විවාහ සහතික
- එම විවාහ අවසන් වූ අයුරු තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට සහ මුස්ලිම් විවාහ සඳහා)
- දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
- මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්
- දායකයාගේ පෙර විවාහයන්ගෙන් උපන් අවු.26 ට අඩු රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතික සහ බැංකු තොරතුරු
- අවුරුදු 18 ට වැඩි අනත්දරුවන්ගේ රැකියා වියුක්තිය/ නියුක්තිය තහවුරු කිරීමට අදාළ ලේඛන
- වැන්දඹුව/ වැන්දඹු පුරුෂයාගේ සිවිල් තත්ත්ව වාර්තා (ප්‍රා.ලේ. අනුඅත්සන් කිරීම අනිවාර්ය වේ.)
භාවිත කරන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
- 1898 අංක 01 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත
- 1906 අංක 13 දරන වැන්දඹු හා අනත්දරු (සංශෝධන) පනත
- 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත
- 1981 අංක 44 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත
- 1998 අංක 57 දරන වැන්දඹු හා අනත්දරු (සංශෝධන) පනත
- 2010 අංක 8 දරන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත
- 1985 අංක 19 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 1997 අංක 16 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 1998 අංක 56 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 1998 අංක 65 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 2001 අංක 02 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- 2010 අංක 09 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු (සංශෝධන) පනත
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/99
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015,06/2015(1)
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2020
- විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2008(1)
භාවිත වන වර්ග සංකේත අංක
- වැන්දඹු විශ්‍රාම වැටුප් - 21
- වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් - 22
- අනත්දරු විශ්‍රාම වැටුප් - 23