2026 නව වසර පිළිගැනීම සහ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.01 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ උපදෙස් අනුව රාජ්‍ය සේවා ප්‍රතිඥාවේ දිවුරුම් දෙමින් හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආරම්භ කළ කෙටි උත්සවයක් සමඟ නව වසරේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

එහි දී චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වා ආගමික වතාවත් සිදු කළ අතර රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිපිදූ සියල්ලන් සිහිපත් කරනු ලැබිණි.

රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ ලබන 740,000ක් ඉක්මවූ ගෞරවණීය ජ්‍යෙෂ්ඨ ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන සේවාවන් තවදුරටත් ඉහළ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම සඳහා 2026 වසර සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් නිලධාරීන් වෙත හඳුන්වා දීමට මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන ලදී.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් නව වසර වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අමතා සුභ පැතුම් එක් කළ අතර ගත වූ 2025 වසරේ දී විවිධ අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන් සියලු කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාවය පිරිනමනු ලැබීය.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline